ගොනාගොල්ල

ගොනාගොල්ල

අම්පාර දිස්ත්‍රික්කයේ වැවගම්පත්තුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කොත්මලේ ඔය ජනපදයේ පිහිටා තිබේ. අම්පාර ගොනාගොල්ල පාරේ කොහොඹාන හංදියෙන් නැගෙනහිරට හැරී සැතපුම් තුනක් විතර ගියවිට කොත්මලේ ජනපදය හමුවේ. මෙහි ගල්පර අතර කුඩා ගල්ලේන් දෙකක් හමුවේ. එක් ගල්ලෙනක ඇඳ ඇති පැරණි සිතුවම් දැකගත හැක. තේජස් පුරුෂයකු ඉදිරියේ රංඟනයක යෙදෙන නළඟනකගේ සිතුවමක් මේ අතර හමුවේ. මේ සිතුවම සඳහා රතු , කොළ,කහ හා සුදු වර්ණ භාවිතා කර ඇත. මේ සිතුවම පිළිබඳව සෙනෙරත් පරණවිතාන මහතාගේ අදහස වන්නේ වැසි පතා පර් ජනයා දෙවියන් උදෙසා කරන පර්ජන්‍ය පූජාව බවයි. මෙම ලෙනට ආසන්නව පොකුණු දෙකක් හා දාගැබක අවශේෂ පවතී.

මුලාශ්‍ර - ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය