දීඝවාපිය

දීඝවාපිය

සොළොස්මස්ථානයන්ගෙන් එකක් වන දීඝවාපිය, අම්පාර දිස්ත්‍රික්කයේ අක්කරපත්තුවට ආසන්නව දීඝවාපී ග්‍රාමසේවා වසම තුළ සමන්තරය හා අක්කරපත්තුව අතර පිහිටා තිබේ. දීඝායු කුමාරයා විසින් ගල්ඔය නිම්නයේ ගොඩනංවන ලද දීඝ ජනපදය ඉපැරණි ශාක්‍ය ආර්යය ජනපදයකි. ධාතු වංශයට අනුව මෙය දිඝා වැව ලෙස සඳහන් වීමෙන් හැඟී යන්නේ මෙහි දීර්ඝඝ වු වැවක් නිසා දීඝවාපීය ලෙස වැහැරූ බවකි. දීඝවාපිය පසු කාලෙක දිගාමඩුල්ල වශයෙන් ද ප්‍රකටව තිබේ.

දීඝවාපි චෛත්‍යය අම්පාර ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන බෞද්ධාගමික සහ පුරාවිද්‍යා ස්ථානයකි. මහා වංශයට අනුව ක්‍රි.පූ. 137-119 දී සද්ධාතිස්ස කුමාරයා විසින් දීඝවාපි චෛත්‍යය හා විහාරය කරවා ඇත. ජනප්‍රවාදයේ පැවත එන්නේ සම්බුදුරාජාණන් වහන්සේගේ නිය ධාතූව නිධන් කර මෙම ස්තූපය සාදා ඇති බවයි. දාගැබ් භූමියෙන් හමුවී ඇති කුඩා ධාතු කරඩුවලට අනුව දීඝවාපී දාගැබ ද මුල් කාලයේ ඡත්‍රාවලිය සහිතව නිමැවුවක් බවත් ඒ අතර කලාත්මක වාහල්කඩ තිබූ බවත් තහවුරු වී තිබේ. ගරාවැටුණු බටහිර වාහල්කඩ සුන්බුන් අතර තිබී රන් කරඩු තුනක් සහ රන්පත් ඉරු සන්නසක් හමු වී ඇත. මෙම චෛත්‍යයට නැගෙනහිරින්හමුවී ඇති බෙහෙත් ඔරුව එය පැරණි වෙදහලකට සම්බන්ධ බවට සාක්ෂි දරයි.

විසිරී තිබුණු ගල්කණු ද, පොකුණු ද ඇතැම් ස්ථානවල සෙල්ලිපි සහිත ගල්කණු ද අවාශේෂ නටබුන් ලෙස සඳහන් කළ හැක.

මූලාශ්‍ර - බුදුසරණ අන්තර් ජාල කලාපය