සීතා අම්මාන් කෝවිල

සීතා අම්මාන් කෝවිල

මෙය නුවර එළිය - මහනුවර මාර්ගයේ නුවර එළිය නගරයට කි.මී. 8ක් පමණ ආසන්නව පිහිටා ඇත. සිරි සීතාදේවී අම්මාන් කෝවිල නිර්මාණය කරන ලද්දේ රාවණා රජුගේ අත්අඩංගුවේ සිටි සීතා දේවිය සිටි ස්ථානයේ බව කියැවේ. සීතා ගංගාව මේ අසලින් ගලා යයි. මෙම ස්ථානය හනුමා විසින් ගිනි තැබූ බවට සාධක සහිතව පිළිස්සුනු මඩ මේ අසල දක්නට ඇති බව පැවසේ. ඒ අසල ගලෙහි හනුමාගේ පාද සලකුණු බව සැලකෙන සිදුරු කිහිපයක් ද දක්නට ලැබේ. කෝවිල තුළ ශ්‍රී රාම, සීතා හා ලක්ෂ්මන්ගේ ප්‍රතිමා දක්නට ලැබේ. හනුමා සහ පූජා පැවැත්වීමට ස්ථානයක් ද පවතී.