හෝර්ටන් තැන්න

හෝර්ටන් තැන්න

හෝර්ටන් තැන්න මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ පිහිටා ඇති ඉතා සුන්දර භූමියකි. මෙය නුවරඑළිය හා හපුතලේ අතර මධ්‍යම කදුකරය පුරා පැතිර ඇත. මෙයට ප්‍රවේශවන ස්ථාන නුවරඑළියේ සිට යන විට පට්ටිපොළ දී ද හපුතලේ සිට යන විට ඔහිය දී ද හමුවේ.

19 වන ශතවර්ෂයේ මුල් කාලයේ දී තෝමස් ෆර් විසින් සොයගත් අතර එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයාව සිටි සර් රොබට් විල්බට් හෝටන්ට (1831 - 1837) ගෞරව පිණිස මෙය හෝර්ටන් තැන්න ලෙස නම් කෙරිණි.

හෝර්ටන්තැන්න ලංකාවේ වඩාත් ශීත හා සුළං වැඩිම ස්ථානයයි.මෙය කදුකර සදාහරිත වනාන්තර, තෘණ බිම්,වගුරුබිම් හා ජලජ පරිසර පද්ධතියක් ලෙස පවතී. මුහුදු මට්ටමේ සිට මීටර් 2100 පමණ ඉහළින් පිහිටා ඇත. හෙක්ටයාර් 3.169ක්පුරා ව්‍යාප්තව ඇත. මෙහිදී ලංකාවට ආවේණික ශාක හා සත්ව විශේෂ විශාල පිරිසක් දක්නට ලැබේ. මෙය 2010 ජූලි මස 30 වැනිදා යුනෙස්කෝ ලෝක උරුම අඩවිය ප්‍රකාශයට පත් කරන ලදී.

මෙය ලංකාවේ වඩාත්ම වැදගත් ජල පෝෂක ප්‍රදේශයක් ලෙස පවතී. එමෙන්ම ඉතා පොහොසත් ජෛව විවිධත්වයකින් සමන්විත වන අතර අධ්‍යාපනික හා පර්යේෂණ කටයුතුවල යෙදී සිටින්නන් සදහා වටිනා ස්ථානයකි.

හෝර්ටන්තැන්න කදුකර තෙත් වනාන්තරවලට අයත් වේ. එහි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මි.මි.5000ට වඩා වැඩි වේ.මෙය මහවැලි,කැළනි,වලවේ යන ගංගාවල පෝෂක ප්‍රදේශය ද වේ.හෝර්ටන්තැන්නට අයත් කිරිගල්පොත්ත කන්ද (මීටර් 2389) හා තොටුපල කන්ද(මීටර් 2357)යන කදු අතර උසින් දෙවන හා තුන්වන ස්ථානවලට අයත් වේ. ගැඹුර මීටර් 900ක් පමණ වන ලෝකාන්තයට හෝර්ටන්තැන්නේ පිහිටා ඇත. දර්ශනීය ස්ථාන වන බේකර්ස් ඇල්ල හා චිමිනි පොකුණ ද මෙහි දක්නට ලැබේ.