හග්ගල උද්භිද උද්‍යානය

හග්ගල උද්භිද උද්‍යානය

හග්ගල උද්භිද උද්‍යානය නුවරඑළියේ සිට කි.මී.16ක් දුරින් නුවරඑළිය-බදුල්ල මාර්ගයේ පිහිටා ඇත. එය මුහුදු මට්ටමේ සිට මී.1745 ක් පමණ උසින් පිහිටන අතර හෙක්ටයාර 28 ක් පමණ විශාලවන මෙය හක්ගල පර්වතය අසල පිහිටා ඇත. හක්ගල යනු අලියාගේ හකු ගල යන අර්ථය දෙන්නකි.හක්ගල පර්වතය උසින් මී.2200 ක් පමණ උසින් උද්‍යානයට පිටුපසින් පිහිටා ඇත. මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 3 -15 ක්‍ දක්වා අගයක් ගනී. කාලයක දී නිරිත දිග මෝසම් සුළං ඉතා තදින් හමන තවත් කාලයක දී ඝන ගදුමගමන් උද්‍යානය වසා ගනී. ‍මෙම උද්‍යානය නැරඹීමට වඩාත්ම සුදුසු කාලය මාර්තු මස මැද සිට අප්‍රේල් මාසය අවසානය දක්වා වේ. මෙම කාලසීමාව තුළ වඩා සෞම්‍ය දේශුණයක් පවතින අතර උසස් තත්ත්වයේ රෝස ,ඕකිඩ් වගාවන් දක්නට ලැබේ. ‍ මෙය 1861 ව‍ර්ෂයේ සිංකෝනා නම් ඖෂධීය ශාක වගාව සම්බන්ධ අත්හදා බැලීම් සඳහා පිහිටුවන ලද්දකි. අනතුරුව එය තේ වගාව සඳහා යොදා ගන්නා ලදී. පසුව 1984 දී එය නිවර්තන හා උපනිවර්තන ශාක විශේෂ දක්වා වෙනස් විය. වර්තමානයේ මෙම උද්‍යානය රෝස හා ඕකිඩ් මල් සඳහා ප්‍රසිද්ධියක් උසුලයි. ඉන්දීය ජනප්‍රවාදයක් වන රාමායනයේ එන සීතා (රාමාගේ බිරිඳ) ලංකාවේ රාජ්‍ය කළ රාවණා රජු විසින් පැහැර ගෙනැවිත් මෙම ප්‍රදේශයේ සිර කොට තබා ගත් බව කියැවේ. හක්ගල උද්‍යානය ඇයගේ සිත සතුටු කිරීමට කළ පරිත්‍යාගයකි.