ඩෙවෝන් ඇල්ල- නුවරඑළිය

ඩෙවෝන් ඇල්ල

මෙය නුවරඑළිය නගරයට ඇසන්නව තලවකැලේ සිට කි.මී.7 ක් දුරින් කොටාගල දෙසට වන්නට පිහිටා ඇත.එය A7 ප්‍රධාන මාර්ගයේ සිට ද නැරඹීමට හැකිය.මෙහි උස මීටර් 97 කි.මුහුදු මට්ටමේ සිට කි.මී.1140 ක් පමණ උසින් පිහිටා ඇත.කෝපි වගාවේ පුරෝගාමිකයකු වූ ඩෙවෝන් නම් වූ ඉංග්‍රීසි ජාතිකයා විසින් නම් කර ඇත.මෙය ලංකාවේ දිය ඇලි අතර උසින් 19 වැනි ස්ථානය ගනී.මහවැලි ගගේ අතු ගංගාවක් වූ කොත්මලේ ඔය ආශ්‍රිතව ආරම්භ වී ඇත.