නාලන්ද ගෙඩිගේ

නාලන්ද ගෙඩිගේ

මහනුවර යාපනය ප්‍රධාන මාර්ගයේ මාතලේ සිට දඹුල්ලට යාමේදී කිලෝමීටර 48 කණුව ආසන්නයෙන් දකුණු දෙසට තිබෙන මාර්ගයේ කිලෝ මීටර 1.2ක් පමණ ගමන් කිරීමෙන් පසුව නාලන්ද ගෙඩිගෙයට ලඟාවිය හැක. එහිදී බොවතැන්න ජලාශයෙන් වටවී ඇති උස්බිමක පිහිටා තිබෙන නාලන්ද ගෙඩිගෙය මෙන්ම වේදිකාවක් මත ඉදිකළ ස්ථූපයත්, බෝධි වෘක්ෂයත්, මේ ස්ථාන තුන වටකරමින් ඉදිකර තිබෙන ගඩොල් ප්‍රාකාරයත් දැකගත හැකිය. ශිලාමය නිර්මාණයක් වන නාලන්ද ගෙඩිගෙය සම්පූර්ණයෙන්ම කළුගල් භාවිත කොට නිමවා ඇකති අතර ඉක්දියාවේ ක්‍රි.පූ. වන සියවසේ සිට වන සියවස දක්වා පැවති පල්ලව අධිරාජ්‍යය සමයේ තිබුණු මාමල්ලපුරම් පල්ලව ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුතම අවධිය ලෙස සැලකෙන නරසිංහවර්මන් හෙවත් මාමල්ල ශෛලිය ගෙඩිගේ නිර්මාණයට යොදාගෙන තිබේ.

නාලන්ද ගෙඩිගේ පුරාවිද්‍යා භූමියේ පිහිටි කෞතුකාගාරයේ තැනිපත්ව ඇති ටැම්ලිපියෙහි දක්වන්නේ විෂමාචාර ලෙස හැසිරෙන විහාර කාර්මිකයන් විහාර භූමියෙන් නෙරපිය යුතු බවත් මිනීමරුවන්, සොරුන් විහාර භූමියට වැද්ද නොගත යුතු බවත් විහාරයේ සියළු කටයුතු සංඝ සම්මුතියෙන් කළ යුතු බවත් ය. අක්ෂර විකාශනය අනුව මේ ලිපිය ක්‍රි.ව. - සියවස් වලට අයත් බව නිගමනය කර ඇත. මේ ස්ථානයේ ප්‍රධාන ඉදිකිරීම වන නාලන්ද ගෙඩිගේ පිළිබඳව ප්‍රධාන අංග 3ක් යටතේ කරුණු දැකිවිය හැකි අතර ඒවා නම්, ඉදිරිපස පිවිසුම මණ්ඩපය ගර්භ ගෘහය නාලන්ද ගෙඩිගේ මෑත කාලීන ඉතිහාසය සොයා බැලීමේදී ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කටයුතු සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් පිහිටවූ කාලයේදීම පුරාවිද්‍යා කොමසාරිස් H.C.P. බෙල් මහතාගේ අවධානය මෙයට යොමු වූ අතර ඒ යටතේ 1893 දී රජයේ පොදු වැඩ දෙපාර්තමේන්තුවෙන් පස්වලින් යටව තිබුණු ගෙඩිගේ දකුණු පස කොටස් රාශියක් පාදා ගන්නා ලදී.

1911 දී බෙල් මහතා මෙහි පස් වලින් යටව තිබූ සියලු කොටස් පාදා ගත් අතර තහවුරු කිරීමකට උපයෝගි කරගත හැකි අන්දමින් එම කොටස් එතුමාගේ මග පෙන්වීමෙන් තැන්පත් කෙරුණි. බෙල් මහතා විශ්‍රාම යාමත් සමග නැවතත් නාලන්දා ගෙඩිගේ පිලිබඳඅවධානය යොමු නොවුණු අතර සෙනරත් පරණවිතාන සමයේදී එනම් 1953 දී ගෙඩිගෙයි මළුවේ පනා බැමි මතුකරගත් අතර පෙර දැක්වූ පරිදි ස්තූපය ප්‍රතිසංස්කරණය කෙරුණි. පසුව ගෙඩිගේ ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් වූයේ 1970 දශකයේ කළ කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපාරයෙන් ගෙඩිගේ තිබුණු ප්‍රදේශය බෝවතැන්න ජලාශයට යටවීමට තිබුණු හෙයිණි. ඒ යටතේ ගෙඩිගෙය රැකගැනීමට මිසරයේ අස්වාන් වේල්ල ඉදිකිරීමේදී අබුසිම්බල් දෙවොල ගලවා ඉවත් කර වෙනත් ස්ථානයක ඉදිකළ පරිද්දෙන් සියළුම කොටස් වල සංකේත යොදා ගෙඩිගෙය ගලවා පුරාවිද්‍යා කාර්යාල භූමියේ තැන්පත් කෙරුණි. එය ජලාශයට යට නොවන වෙනත් ස්ථානයක ස්ථාපිත කිරීමට යෝජනා වුව ද එම අදහස වෙනස් කර මුලින් පිහිටි ස්ථානයේම ඉදි කිිරීමට යෝජනා විය. එ් අනුව පිහිටි ස්ථානය අඩි 23ක හතරැස් බිම්කඩක් හා ඒ උසින්ම මාර්ගයක් ඉදිකර ඒ මත නාලන්ද ගෙඩිගෙය සංරක්ෂණය සිදු විය.