කළු දිය පොකුණ

කළු දිය පොකුණ

මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේසිය පත්තුවේ වගපනහ කෝරළයේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සීගිරියට කි.මී.8 ක් පමණ දුරින් පිහිටි කුඹුක්කඳන්වල ආසන්නයේ කළු දිය පොකුණ පිහිටා ඇත. කුඹුක්කඳන්වල අසල එරවලගල කඳුවැටිය පාමුල පිහිටි පැරණි නටඹුන් සහිත ගමකි. වනගත ප්‍රදේශයක පිහිටා ඇති මෙම ස්ථානයේ ඇති 9 වන සියවසට අයත් සෙල්ලිපියක් මඟින් මෙම විහාරය දක්ඛින ගිරි විහාරය ලෙස හඳුන්වන විහාරයක් ඇතිබව හඳුනාගෙන ඇත.

මහාවංසයට අනුව මෙම විහාරය සද්ධාතිස්ස රජුගේ (137-119) ඉදිකිරීමකි. අග්ගබෝධි (578-612) මෙය වැඩිදියුණු කර ඇති අතර උපෝසථාගාරයක් ඉදිකර ඇත. මෙහි සෙල්ලිපි ගණනාවක් සහ ලෙන්ලිපි සහිත කටාරම් කොටන ලද ලෙන් කිහිපයක් ද දාගැබක්, ගල්කණු හා සංඝාවාසයක් ද විහාරයක නටඹුන් ගණනාවක් ද දැකිය හැකි අතර මදක් දුරින් කළු දිය ඇති පොකුණක් ඇති අතර මෙම විහාරය එම නමින් හඳුන්වනු ලබයි.