ශ‍්‍රී ලංකාතිලක රජ මහාවිහාරය

ශ‍්‍රී ලංකාතිලක රජ මහාවිහාරය

මෙම විහාරය උඩුනුවර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වන අතර මහනුවර සිට කොළඹ නුවර මාර්ගයේ පිළිමතලාව සිට දවුලගල මාර්ගයේ ගඩලාදෙණිය රජමහා විහාරය පසුකරමින් ඉදිරියට ගිය විට එනම් කිලෝ මීටර් 5 1/2 පමණ ගිය විට හමුවන හියාරාපිටිය නම් ගම්මානයේ ඇති පන්හල්ගල නම් පර්වතයේ පිහිටා ඇත.

මූලාශ‍්‍ර තොරතුරු වලට අනුව ක‍්‍රි.ව. 14වන සියවසෙ අයත්වෙයි. මූලාශ‍්‍ර තොරතුරු වලට අනුව මෙම විහාරය හතරවන බුවනෙකබාහු රජු විසින් ඉදිකරන ලද්දක් බැව් විශ්වාස කෙරේ. රජු විසින් මෙම විහාරයේ ඉදිකිරීම් සිය ප‍්‍රධා අමාත්‍ය සේනාධිලංකාර වෙත පැවරූබව ඔහු දකුණු ඉන්දියානු වාසතුවේදී සතපති රායර්ගේ සහය ඇතිව විහාරය ගොඩනැංවූ බවත් සඳහන්වේ. පුරාවිද්‍යාඥ සෙනරත් පරණවිතාන මහතාට අනුව සතපති රායර් විසින් ලංකාතිලක විහාරය ඉදිකිරීමේදී පොළොන්නරු යුගයේ සිංහල, ද්‍රවිඩ, ඉන්දු චීන වාස්තු නිර්මාණ රටා උපයෝගී කරගෙන ඇත. මෙම විහාරය බුදුගෙයක් වන්නා සේම දේවාලයක් වන බවටද එහි අංග ලක්ෂණ විදහාපායි.