ගඩලාදෙණිය විහාරය

ගඩලාදෙණිය විහාරය

ශ‍්‍රී ලංකාවේ මහනුවර දිස්ත‍්‍රික්කයේ පිහිටි පුරාණ බෞද්ධ සිද්ධස්ථානයක් වේ. එය පිළිමතලාව හන්දියේ සිට දවුලගල මාර්ගයේ කිලෝමීටර 1ක් පමණ දුරින් පිහිටයි. මෙම විහාරය වත්මන් හ‍්‍රී ලංකාවේ පවතින අංගසම්පූර්ණ ගල් විහාරය ලෙසද සැලකේ. පැරණි මූලාශ‍්‍රයන්ට අනුව ක‍්‍රි.ව. 1344 දී ගම්පොල රාජධානියේ හතරවන බුවනෙකබාහු රජුගේ රාජානුග‍්‍රහයෙන් පළමුවන ධර්මකීර්තිි උප සංඝරාජ මාහිමියන් විසින් කරවන ලද බව ගඩලාදෙණි ශීප වංශ ශිලාලේඛණයේ සඳහන් වේ. දකුණු ඉන්දියානු වාස්තුවේදී ගණේශ්වරාචාරීගේ සැළසුමකට අනුව විහාරය ගොඩනැංවු බටත් සඳහන්වේ. මෙම විහාරය ගොබනගා තිබෙන්නේ හින්දු ආගම බෞද්ධාගමට ඉතා කිටුටු සම්බන්ධයක් පැවති අවධියක බව මෙම විහාර ගොඩනැගිලිවල හැඩහුරුකමින් පෙනේ. දකුණු ඉන්දියානුවිජය නගර රජුන් විසින් කරවන ලද හින්දු දේවාලයන්ට බොහෝ සෙයින් සමාන කල හැකිය. මෙම විහාර ගොබනැගිල්ල දෙස බලන විට පොළොන්නරුවේ පිහිටි ශිව දේවාලයේ ගෘහ නිර්මාණ ශීල්පයත් මෙම විහාරයේ ගෘහ නිර්මාණ ශිල්පයත් එක හා සමාන බවක් දක්නට ලැබේ.

විශ්මකර්ම නිර්මාණයක් බඳු, කැටයම් කළ කළු ගලින් නිම කරන ලද මෙම විහාරය එකකට එකක් පසුපසින් පිහිටන සේ ගොඩනැගූ කාමර දෙකකින් හා පිට මණුඩපයකින්ද සමන්විතය. සිද්ධස්ථානයේ වූ අඩි 40ක් පමණ උසට ගොඩනංවා ඇති චෛත්‍යය විජයෝත්පාය චෛත්‍යය ලෙස හඳුන්වනු ලැබේ. උස්වූ කුළුණු 4ක් මත පියස්සක් යෙදීම මඟින් එයට ආරක්ෂාව සළසා ඇත. මෙහි ඇති විහාරගෙය පැරණිතම ගොඩනැගිල්ල ලෙස සැළකෙන අතර ගෙඩිගේ සම්ප‍්‍රදායෙන් යුතුව නිමවූ ශෛලමය ඉදිකිරීමකි. ගෙඩිගේ සම්ප‍්‍රදායෙන් ඉදිවූ මෙම ඉදිකිරීම හා සමාන ලක්ෂණ මහනුවර නාථ දේවාලයේ හා නාලන්දා ගෙඩිගේ ආශ‍්‍රිතවද දැකිය හැකි බව මූලාශ‍්‍රවල සඳහන්වේ.