දළඳා මාලිගාව

දළඳා මාලිගාව

බුදුරජාණන් වහන්සේගේ වම් දන්තධාතූන් වහන්සේ වර්තමානයේ තැනිපත් කර ඇති උතුම් වන්දනීය පූජනීය ස්ථානයකි. වර්තමාන දළඳා මාලිගාව ශ‍්‍රී ලංකාවේ මහනුවර නගරයේ පිහිටා ඇත. සතුරු උවදුරු හැරුනුවිට අන් සෑම අවස්ථාවකදීම දළඳා වහන්සේ වැඩසිටියේ දළඳා මාලිගාව ආසන්නයේය. දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂාකර ගැනීම රජුගේ වගකීම වූ අතර එහි භාරකරු රටේ පාලකයා බවට පිළිගැනීමක් පැවතුනි. උඩරට රාජ්‍ය සමයේ (1592 සිට 1815) මෙය පිහිටා තිබුණේ එවකට පැවති රාජකීය මාලිගා සංකීර්ණය තුළමය. ශ‍්‍රී දළඳා මාලිගාව මුල්වරට ගොඩනගනු ලැබුයේ පළමුවන විමළධර්මසූරිය රජතුමා විසිනි. දැවට දක්නට ලැබෙන පැරණි දෙමහල් වැඩසිටින මාලිගාව ඉදිකරනු ලැබ ඇත්තේ ශ‍්‍රී වීරපරාක‍්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා විසින්ය. ඉන්පසු රජ පැමිණි නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු පවා ශ‍්‍රී දළඳා මාලිගාව වැඩිදියුණු කොට ආරක්ෂා කලහ. දෙවන විමළධර්මසූරිය රජු තුන්මහල් ප‍්‍රාසාදයක් කරවූ අතර මගුල් මඩුව හා පත්තිරිප්පුව දේවේනද්‍ර මූලාචාරියා නැමැත්තන් ඉදිකර ඇත. ශ‍්‍රී දළඳා මාලිගාව ආශ‍්‍රිත ප‍්‍රධාන දේවාල හතර, සතර මහා දේවාල ලෙස හැඳන්වේ. මේවා ශ‍්‍රී විෂ්ණු, ශ‍්‍රී කතරගම, ශ‍්‍රී පත්තිනි යන දේවාල හතර මහා දේවාල නමින් හැන්වේ. ඉන් කතරගම දේවාලය හැර ඉතිරි ඒවා සෙංකඩගල රාජකීය පරිශ‍්‍රය තුළ පිහිටා ඇත. සෙංකඩගල දළඳා මැදුරේ අතීතයේ සිට පැවතෙන මංගල්‍යයන් 4ක් ඇත. අලූත් සහල් මංගල්ලය අලූත් අවුරුදු මංගල්ලය ඇසල මංගල්ලය කාර්ති කමංගල්ලය

මහනුවරට නැගෙනහිරින් උඩවත්ත කැළයත් හන්තාන කඳුවැටිය එක්පසකින් හා බහිරව කන්ද තවත් පැත්තකින් වටවූ මහනුවර රාජධානිය සෞම්‍ය දේශගුණයකින් යුක්තය. ඕනෑම භෝගයක් වැවීමට තරම් සශ‍්‍රීකය. අලූත් නුවර, මැදමහනුවර, හ`ගුරන්කෙත නුවර, නිළඹේ නුවර, සෙංකඩගල නුවර හා ගලේ නුවර දළඳා වහන්සේගේ ආරක්ෂිත ප‍්‍රදේශ වේ. ශ‍්‍රී ධාතු මන්දිරය, මල්වතු අස්ගිරි උභය මහා විහාරය, විෂ්ණු කතරගම, පත්තිනි, නාථ යන දේවාල හා කිරි මුහුද හෙවත් බොගම්බර වැව ඇතුළුව මෙම නගරය ලෝක උරුම නගරයක් බවට පත්ව ඇත. ශ‍්‍රී දළඳා මාලිගාව පිහිටා ඇති මහනුවර නගරයම යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස නම්කර ඇත.