තම නිවස අවට වටපිටාව යහපත්ව පවත්වාගැනීම

තම නිවස අවට ඇති පරිසරය යහපත්ව පවත්වාගැනීමට නම් සම්පත් රාශියක් අවශ්‍ය වෙයි. මේ නිසා සම්පතක් යනු කුමක්දැයි අවබෝධ කරගැනීම වැදගත් වෙයි.

සම්පත් යනු මොනවා ද ?

අපගේ යම් අවශ්‍යතාවයක් ඉටුකරගැනීම සඳහා යොදාගත හැකි දේවල් සම්පත් යනුවෙන් හඳුන්වයි. මෙම සම්පත් පරිහරණයේ දී ඒවා අරපිරිමැස්මෙන් හා සංරක්ෂණය කරමින් භාවිත කළ යුතුය.