වාතය

පෘථිවිය අවට ඇති වායුමය ආවරණය වායුගෝලය යනුවෙන් හදුන්වයි. වායුගෝලයේ ඇති අපගේ ශ්වසනයට වැදගත් වන වායුව වන්නේ ඔක්සිජන්ය. වායුගෝලය බහුලවම ඇති වායු වර්ගය වන්නේ නයිට්‍රජන්ය. මිනිසාගේ විවිධ ක්‍රියාකාරකම් මෙන්ම ස්වාභාවික හේතු නිසාද වායුගෝලය අපවිත්‍ර වෙයි. එය වායු දූෂණය යනුවෙන් හඳුන්වයි. පහතින් දැක්වෙන්නේ වායු දූෂණය සිදුවන ආකාර කිහිපයකි.