කාලගුණය

කාලගුණය යනු කුමක් ද ?

අපගේ පෘථිවියට ඉහළින් තිබෙන්නේ වායු ගෝලයයි. එහි ස්වභාවය වන්නේ නිතර වෙනස් වීමයි. උදා - උදෑසන හොඳින් හිරු පායා තිබුණ ද දහවල් කාලයේදී ක්ෂණිකව වර්ෂාවක් ඇතිවිය හැකිය. සවස් කාලයේදී නැවතත් පැහැදිලි කාලගුණයක් දැකිය හැකිය. මෙසේ වායු ගෝලයේ සිදුවන කෙටිකාලීන වෙනස්කම් කාලගුණය යනුවෙන් හඳුන්වයි.

යම්කිසි ප්‍රදේශයක කෙටි කාලයක් තුළ පවතින වායුගෝලයේ ස්වභාවය ලෙසින් ද කාලගුණය නම්කළ හැකිය. කාලගුණය පිළිබඳව සඳහන් කිරීමේදී සාධක කිහිපයක් සැලකිල්ලට ගනියි. ඒවා කාලගුණික අංග ලෙස හඳුන්වයි. පහතින් දැක්වෙන්නේ එවන් කාලගුණික අංග කිහිපයකි.

උෂ්ණත්වය , වර්ෂාපතනය , සුළං , දෘෂ්‍යතාවය