ජල චක්‍රය

දිවා කාලයේදී පෘථිවිය මත ඇති වෘක්ෂලතා, සාගර, ඇළදොළ, විල් ආදියෙන් ජලය ඉහළට වාෂ්ප වෙයි. මෙසේ ඉහළට ගමන්කරන ජල වාෂ්ප ඝනීභවනය වී වලාකුළු නිර්මාණය වෙයි. මෙම වළාකුළු තවදුරටත් සිසිල් වීමෙන් ඒවායේ ඇති ජල වාෂ්ප, විශාල ජල බිංදු බවට පත්වී පහළට පතිත වෙයි.

එය වර්ෂාපතනය ලෙසින් හඳුන්වයි.

වර්ෂාපතනය ලෙසින් ලැබෙන ජලය නැවතත් භූමිය මත ගලාගොස් ගංගා ආදියට එක්වෙයි. පහතින් දැක්වෙන්නේ ජල චක්‍රය ක්‍රියාත්මක වන ආකාරයයි.

පෘථිවිය මතුපිටින් වාෂ්පවන ජලය, නැවතත් පෘථිවියට ලැබෙන ආකාරය ජල චක්‍රයෙන් නිරූපණය වෙයි.