ලියාපදිංචි වීම
e-තක්සලාව තුල ඇති ද්විතීයික ශ්‍රේණි (6-13 වසර) වලට අදාළ අන්තර්ගතයන් භාවිතා කිරීම සඳහා ලියාපදිංචි වී සාමාජික ගිණුමක් නිර්මාණය කොට login විය යුතුය. පහත දක්වා ඇති පරිදි ලියාපදිංචි වීම ගුරු භවතුන්ට හා ශිෂ්‍යයන්ට යන දෙපිරිසටම සිදු කල යුතු අතර ඉගෙනුම ලබන පාසල් වර්ගය අනුව එය කොටස් තුනකින් සමන්විත වේ.(මෙහි ඕනෑම ගුරු භාවතෙකුට හෝ සිසුවෙකුට ලියාපදිංචි වීම සඳහා එකම ආකාරයේ ලියාපදිංචි පෝරමයක් (Registration form) පිරවීමට ඇති අතර වර්ග කිරීම කර ඇත්තේ e-තක්සලාවේ හඳුනාගැනීමේ පහසුව සඳහා ය.)



ඉහත පෙන්වා ඇති පරිදි සිසුන් ලියාපදිංචි වීමට නම් “සිසුන් සඳහා ලියාපදිංචි වීම” click කිරීමෙන්ද ගුරුවරුන් ලියාපදිංචි වීමට නම් “ගුරුභවතුන් සඳහා ලියාපදිංචි වීම” click කිරීමෙන්ද අදාළ ලියාපදිංචි පෝරමයට (Registration form) පිවිසිය හැක.



ලීයාපදිංචි පෝරමය (Registration form) නිවැරදිව පිරවූ පසු එය අවසානයේ දිස්වන save button එක click කිරීමෙන් පසු e-තක්සලාව පහත ආකාරයේ පණිවුඩයක් ලබා දෙනු ඇත. එතැන් සිට පය 24 ක කාලයක් තුල ඔබගේ ගිණුම සක්‍රිය වනු ඇත.