ලියන්නේ කුමක්ද ?

                කුමකටද ?

                කාටද ?

සියලුදෙන රවාගෙන

                ද්වේශයෙන්

                 රාගයෙන්

                 වෙරි මතින්

බලයෙන් එකෙකු පරයාගෙන

අමෝරාගෙන අවි අප දෙස

දණ ගසන්නට කිය කියා ගෙන

රැකවරණයට ඔවුනගෙ

ලැබ සම්මාන පටි

සමහරු

වටේටම යනෙන තැන

ඉඟිකරයි

සමච්චලයට  අපට

ඒ අතරින් මතුව ආ ඔබ

කවක් ඉල්ලන විට

හරි පුදුමයි මට

කලක් පසෙකට දා තිබුණ

පෑන ගෙන

කල්පනා කරමි මම

කවියක් ලිවීමට

කවියට ඇලුම් ඇති අය

තවත් ලොව ඇති බව දැන

                                                        K.S. බණ්ඩාර(මහානාම මහ විදුහල, පානදුර)

Read 2080 times
உருவாக்கம்
த.தொ.தொ கிளை, கல்வியமைச்சு,இலங்கை
பக்க வரிசைப்படுத்தல் | மறுப்பு
பதிப்புரிமை © 2012-2016 | த.தொ.தொ கிளை, கல்வியமைச்சு,இலங்கை