අතර්ව වේදය (ඉන්දියා)

ලිපිය සැකසීම :

වේද ග‍්‍රන්ථයකි. වාසනාව උදාකරන ඉන්ද්‍රජාලය යන අරුත අතර්ව යන්නෙන් ගම්‍ය වේ. මෙම කෘතියේ සමස්ත අරමුණ නම් යක්ෂ, පේ‍්‍රත, පිසාච ආදී අමනුෂ්‍යයන් සතුටු කොට; මිතුරන්ට ආශිර්වාද කොට; සතුරන්ට ශාප කිරීම යි. මෙම ග‍්‍රන්ථයෙන් ආර්ය සමාජය ක‍්‍රමයෙන් සංකීර්ණ වූ ආකාරය අධ්‍යයනය කළ හැක. මේ නිසා ආර්යයන් ඉන්දියාවට සංක‍්‍රමණය වී දීර්ඝ කාලයකට පසු හා ඔවුන් ස්වදේශීය ඉන්දියානුවන් හා සම්මිශ‍්‍රණයවූ පසු මෙය සංගෘහිත වන්නට ඇතැ’යි උගත්හු විශ්වාස කරති. ඥන, කර්ම, උපාසන යන කොටස් තුනට බෙදා ඇත. එවක පොදුජනයා අතර පැවති යන්ත‍්‍රමන්ත‍්‍ර රාශියක් ද මායාකාරී වශීකරණ ආදිය ද, ලෙඩ සුවකිරීම, ගොවීන්ට ආශිංසන කිරිම, විවාහ ආදිය පිළිබඳ ස්තෝත‍්‍ර ගීතිකා ද මෙහි ඇතුළත් නිසා පොදුජන විශ්වාසයන් පිළිබඳව ද මේ ඇසුරෙන් තොරතුරු ගවේෂණය කළහැක. මේවා සියල්ල ඍෂි භාෂිතයන් නොවේ. වෛදික රජවරුන් පත්කිරීම පිළිබඳ තොරතුරු ද, සංග‍්‍රාමවල දී රජවරුන්ට ජය ගෙනදෙන ආකාරයේ හා සේනා දිරිගන්වන ආකාරයේ යන්ත‍්‍රමන්ත‍්‍ර ආදිය ඇතුළත් වන නිසා මෙහි ඓතිහාසික අගයක් ද ඇත්තේ ය. මීට අමතරව මෙහි විවිධ බ‍්‍රාහ්මණ පවුල් ගැන ද තොරතුරු ඇතුළත් වේ. ආර්යන් උතුරු ඉන්දියාවේ නැගෙනහිර දෙසට විහිදී ගිය ආකාරය ත්, ඍග්වේද සමාජයේ පැවති බහුදේවවාදය, සර්වේශ්වරවාදය දක්වා වෙනස්වූ ආකාරය ත්මෙහි සඳහන් වේ. මගධය පිළිබඳව පළමුව සඳහන්වන්නේ ද අථර්වන් වේදයේ ය. ඍග්වේදයේ නොදැක්වෙන අංග නම් කොටසක් පිළිබඳව ද අථර්වන් වේදයේ සඳහන් වේ. මොවුහු සෝන් හා ගංගානදී තීරවල පදිංචිව සිටිය හ.

 

 

 

(තොරතුරු- අමිල කෝසල උඩවත්ත- නාගොඩ මහා විද්‍යාලය-කළුතර)

4086 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.