කෙටි සටහන මතක පත්‍රිකාවක් කරගනිමු.(මල් මංජරී ලිපි පෙළ අංක 06)

ලිපිය සැකසීම :

කෙටි සටහන මතක පත්‍රිකාවක් කරගනිමු.

 

මතක පරික්ෂාවට ඇති හොඳ ම ක්‍රමය මතක පත්‍රිකා ක්‍රමය යි. අප මෙය ඔබට හඳුන්වා දෙන්නේ කෙටි සටහන් ක්‍රමයේ වර්ධිත අවස්ථාවක් ලෙසිනි. කෙටි සටහන යනු කෙටි කළ සටහනයි. කෙටි සටහන් ලිවීම යනු සටහන කෙටි කර ලිවීමයි. කෙටි සටහනට වඩා මතක පත්‍රිකාව වෙනස් ය. පහත වාක්‍යය අනුව ඔබට එය වැටහෙනු ඇත.

 

එක්තරා පොතක 13 වැනි පිටුවේ මෙසේ සඳහන් වේ.

 

‘පැරණි ලංකාවේ ප්‍රධාන පාලන ඒකක හතරක් විය. ඒවා නම්, රජරට, රුහුණු රට, දක්ඛිණ දේශය හා මහා මලය දේශය යි.’

 

කෙටි සටහන

 

 

කෙටි සටහන

 

 

පැරණි ලං. ප්‍රධාන පාලන ඒකක 4. රජ,රුහුණු,දක්ඛිණ,මහා මලය

 

මතක පත්‍රිකාව

 

පැරණි ලං. ප්‍රධාන පාලන ඒකක 4

1-

2-

3-

4-

 

 

 

                     13p

 

 

  කෙටි සටහන ඔස්සේ ඔබට ඉක්මනින් තොරතුරු ලැබෙන නමුත් ඉන් මතකය පරීක්ෂාවට ලක්වන්නේ නැත. එය තවත් හුදු කියවීමක් පමණි. එහෙත් මතක පත්‍රිකා ක්‍රමය එසේ නො වේ. වැදගත් ම කොටස ඔබ විසින් සිහිපත් කළ යුතු ය. ඔබට එය සිහිපත් වන්නේ නම් ඉන් කියැවෙන්නේ එය ඔබගේ මතකයේ ඇති බවයි. සිහිපත් නොවන්නේ නම් ඉන් කියවෙන්නේ එකී කරුණ ඔබගේ මතකයේ නොමැති බවයි. එවිට කළ යුත්තේ තුමක් ද? ඒ ඉදිරියේ ඇත්තේ පිටු අංකය යි. ඒ පිටුවට ගොස් යළි කියවා බලන්න. මතකයට ගන්න. දිනකට දෙකට පසු යළි මතක පත්‍රිකාව අනුව සිහිපත් කර බලන්න. මතකයේ ඇති දේ හා නැති දේ කුමක්දැ යි ඔබට නිවැරදිව පවසන මතක පත්‍රිකා ක්‍රමයෙන් ඔබට විපුල ඵල හිමිවනු ඇත. 

 

මතක පත්‍රිකාවක් හදන්නේ කෙසේ ද?

මීළඟ ලිපියෙන් බලමු.
 

3714 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.