මල් මංජරී ලිපි පෙළ අංක 01

ලිපිය සැකසීම :

 

ඔබටත් ප්‍රශ්න තිබේ ද? ඇත්තට ම ඒවා ප්‍රශ්න ද?

 

ඇතමුන්ට ප්‍රශ්න ගොඩයි. තවත් පිරිසකට ප්‍රශ්න සියයකි. තවත් අයට ප්‍රශ්න දාහකි. මේ අතර ප්‍රශ්න කෝටියක් ඇති අය ද වෙති. සංඛ්‍යා කෙසේ වෙතත් සියල්ලන්ට ම ප්‍රශ්න ඇති බව පෙනෙයි. ඇත්තට ම මේවා ප්‍රශ්න ද? නැතිනම් අභියෝග ආකාරයෙන් ඔබ හමුවට එන වෙස්වලාගත් ආශිර්වාදයන් ද?

 

මල් මංජරී

 

ඔබ අමතන්නේ ඒ පිළිබඳ පහදාදීමට ය. ඔබ ප්‍රශ්න සේ දකිනා දේ විසඳා දී ඔබගේ ජීවිතය සරු කරගැනීමට අත දීමට ය. මල් මංජරියේ මුඛ්‍ය අරමුණ වන්නේ ද එයම ය.

 

මල් මංජරී

 

වෙන්වී ඇත්තේ එක් සමාජ කණ්ඩායමකට හෝ එක් වයස් කාණ්ඩයකට නො වේ. සියල්ලන්ට මය. නමුත් පාසල් ළමුන්ට මේ තුළ විශේෂත්වයක් ලබා දීමට අපි කැපවී සිටින්නෙමු. මන්ද යත් අපගේ දේශයේ පමණක් නොව සමස්ත ජීවයේ ම හෙට දවස රැඳී ඇත්තේ මේ දරුපරපුර අත වන නිසා ය.

 

මල් මංජරී

භාෂා ත්‍රිත්වයෙන් ම ඵල කිරීමට අපගේ අරමුණක් ඇතත් එය ඇරඹෙන්නේ සිංහල බසිනි. එහෙත් නුදුරු අනාගතයේ දී ම මල්මංජරී දමිළ හා ඉංග්‍රීසි භාෂා වලින් කියැවීමට අවස්ථාව ඔබට හිමිවනු ඇත. දෘෂ්‍යාබාධිත පිරිස් උදෙසා මෙහි ශ්‍රව්‍ය පිටපතක් නිකුත් කිරීමට ද අරමුණක් ඇත.

 

මල් මංජරී

ඔබගේ ප්‍රශ්න දකින්නේ අභියෝගයන් වශයෙනි. ඒ නිසා අප ප්‍රශ්න ගැන කතා කරන්නේ නැත .අපි අභියෝග පිළිබඳව කතාකරන්නෙමු. ඒ අතර ඔබ ප්‍රශ්න සේ දකිනා දෙය ද තිබේ. නම කුමක් වුව ද අප සාකච්ඡා කරන්නේ ඔබට අදාළ වන දෙයයි. මල් මංජරී කියවන්නැ‘යි අපි ඔබගෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසා ය.

 

මල් මංජරී ඉ-තක්සලාවේ නවාංගයකි.

 

2522 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.