අහිකුණ්ඨක ජාතකය 354

ලිපිය සැකසීම :

තවද අසරණ සරණ වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි මහලු භික්ෂූන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද.

 

ඒ කෙසේද යත්

 

මහලු භික්ෂූකෙනෙකුන් වහන්සේ එක් සාමණේර කෙනෙකුන් වහන්සේත් එක්ව විහාරයක වාසය කරන සේක් සාමණේරයන් වහන්සේ මරාතලා නොයෙක් ගහට මහලු භික්ෂූන් වහන්සේ කරන්නා ඉවසාගත නොගී සිවුරුහැර සාමණේරයන් වහන්සේ ගිහිගෙට පලාගියසේක. මහලු භික්ෂූන් වහන්සේ සාමණේරයන් වහන්සේ ඇර වාසය කළ නොහී දෙවෙනිව යාඥාව නොයෙක් දෑ කියා මහණ කරවා ගෙන පළමු සේ නොයෙක් ගහට කරන හෙයින් සිවුරුහැරපු යයි සිවුරෙහි සිටිනාකල එක්ව වාසයත් කළ නොහැකි උන්හැර වාසයත් කළ නොහැකි. මේ නියාව කිය කියා උන්තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා මහණෙනි දැන්මතු නොවෙයි පළමුත් එකියන මහලු භික්ෂූහුත් සමණේරයෝත් දෙන්න එක්ව වාසයකළ නොහෙකි. උයිත් හැර වාසයත් කළ නොහොත්යයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්

 

යටගිය දවස බරණැස් නුවර බ‍්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් රාජ්ජය කරන සමයෙහි බෝධිසත්වයන් වහන්සේ වි විකුණන වෙළඳව උපන්සේක. එසමයෙහි බරණැස් නුවර අහිකුණ්ඨික නම් බ‍්‍රාහ්මණයෙක් වඳුරෙකු වඩා සර්පයින් නටවා ජීවත් වන්නේය. බරණැස් නුවර උත්සව කෙළියක් දවසෙක අහිකුණ්ඨික බ‍්‍රාහ්මණ වඳුරා වී විළෙදානන් සමීපයෙහි රඳවා තෙමේ උත්සවකෙළි කෙළිනට ගිය තැනැත්තේ සත්, දවසකුත් රඳා ආය වඳුරා තමා වැඩූ තැනැත්තා හෙයින් දැක ලඟට ආය. අහිකුණ්ඨික බ‍්‍රාහ්මණ වඳුරා මරා බැඳලීය.වඳුරා බැම්ම කඩාගෙන අඹ ගසට නැංගේය. අභිකුණ්ඨික බ‍්‍රහ්මණ නිදා පිබිද වඳුරා නොදැක ගස උඩ බලා ගස උඩ ඉඳ අඹ කන්නාවූ වඳුරා දැක මූ සිත්ගෙන බස්කියා පාත බාවාගෙන අල්වා ගණිමි සිතා ගසමුලසිට කියන්නේ යහපත්වූ මූනක් ඇති වානරයාණෙනි මම දූ කෙළ පැරදපියා ආමි මට අඹකැණකුත් අරගෙන මා කරා එවයි කීය. එවිට වානරයා කියන්නේ තෙපි කුමක් කියව්ද?වඳුරන්ගේත් යහපත් මුහුණු ඇද්ද ?තොපි සිත්ගෙන කියන බස් මම නො දනිම්ද තෝ ව්‍යාජ කියා මා ළඟට ගෙන්නා ගෙන අල්වාගන්ට කාරණා උපාය මම දනිමි. මාගේ ස්වාමියා කියායයි සිතා තොප කරා ගොස් උපපත්තෙන් පාර කීපයක් ගසාකළ ගහට තව දක්වා මා සිත ඇත. තොප මට රාජ්ජයක් දෙමි කීවත් තොප ළඟට මා එන්නේ නැතැයි කීය.ගස අත්ත අගට පලාගිය යි වදාරා මේ අහිකුණ්ඨික ජාතකය නිමවා වදාළසේක. ඒසමයෙහි වානරයා නම් මේ සාමණේරය. අහිකුණ්ඨක බ‍්‍රාහ්මණ නම් මහලු භික්ෂූහුය. වී වෙළඳ ව උපන්නෙම් බුදුවූ මම් ම යයි වදාළසේක.

උපුටා ගැනීම- පන්සියපනස් ජාතක පොත් වහන්සේ

1355 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.