අහිතාබූ ජාතකය 226

ලිපිය සැකසීම :

අහිතාබූ ජාතකය 226

 

තවද සද්ධර්ම මහාගංඟා වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක් කුලස්ත්‍රියක් අරභයා මේ ජාතකය දක්වන ලද.

 

ඒ කෙසේද යත්.

 

එක්තරා කුලස්ත‍්‍රියක් ඔබ්බේකට පාවාදුන්නාහ. පාවාගත්තාවූ කෙළෙඹි පුත‍්‍ර එකියන කුමාරිකාව කෙරේ ආදර නැතිව ඉච්ඡාපරව ඇවිදිනේය . ඒ ස්ත්‍රීත් දහසගව්වන් වහන්සේගේ උපාසකිකා කුලයෙහි උපන්නේයින් ඊට නමුත් අපේක්ෂාව තමාදන්නාවූ දන් ආදිය දිදී දවසරිති. ඔයිත් දෙදෙනා වහන්සේගේ අවවාදයෙන් සෝවාන් පෙලෙහි පිහිටා මහණවන්ට අභිප‍්‍රාය ඇතිව දෙමව්පියන්ගෙන් අවකාශ ඉල්වාගෙන ගොසින් මෙහෙනිසස්නෙහි මහණව විදර්ශනා වඩා රහත්වූසේක. මේ කථාව ධම්සභා මණ්ඩපයෙහි රැස්වූ මාලුවරුන් වහන්සේ, අසවල් කුල ස්ත්‍රිය තමා ගලවාගෙන නිවන් දක්වාපුදැ’යි යන මේ කථාව කිය කියා උන්සේක.

 

සර්වඥයන් වහන්සේත් එතනට වැඩවදාරා මහණෙනි, මා එන්නට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා මහණෙනි, පෙරත් මූ තමන් ගලවාගෙන ගියෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

 

ඒ කෙසේද යත්,

 

යටගිය දවස බරණැස් නුවර බ‍්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරන සමයෙහි බෝධිසත්වයන් වහන්සේ බ‍්‍රාහ්මණ කුලයට ඉපිද හිමාලය වනයට ගොස් ඍෂිප‍්‍රවුජ්‍යාවෙන් පැවිදිව ධ්‍යානලාභිව වාසයකරනසේක. එ සමයෙහි බරණැස් රජ්ජුරුවන්ගේ වැඩිවියට පැමිණියා වූ රාජ කුමාර කෙනක් ඇත්තාහ. ඒ රාජ කුමාරයාත් තමන්ගේ අහිතපානම බිසවුන් ඇරගෙන හිමාලය වනයට ගොස් බෝධිසත්වයන් වසන්නා වූ පන්සල සමීපයෙහි ගොස් ඉන්නාහ. එසමයෙහි එක්තරා ලියකින්නරාවක් රජ්ජුරුවන් ඉදිරියෙහි නික්මෙන්ටවන.

 

රජ්ජුරුවන් ඈකෙරේ පිළිබඳ සිත් ඇති බිසවුන් කෙරේ අපේක්ෂාව ලියකින්නරාව අල්වමි සිතා පසුපස්සේ නික්මුනාහ. එවිට බිසව් සිතන්නාහූ මේ රජ්ජුරුවන් කැටිව එක්ව දුක්ගෙන ආ මා කෙරේ අපේක්ෂාව මේ පක්ෂියක පස්සේ නික්මුනාහ. රජ්ජුරුවන් මට කාරණා කින්දැයි තාපසයන් කරා ගොස් ස්වාමිනි මා තාපසකරන්නේ යහපතැයි කීහ. යහපතැයි කියා තාපස කළාහ. ඒ කියන බිසවුන් වහන්සේ කිසුනුපිරියම් භාවනා කොට පංච ඉර්ධි අෂ්ට සමාපත්ති උපදවාගෙන තාපසයන් ළඟ සිටියහ.

 

ඒ වෙලාවට ඒ බාරණාසි කුමාරයෝත් කිඳුරු පක්ෂියා සොයාගොස් නො දැක තාපසයන් උන්තෙනට අවුත් සිටියාහ. එවිට බිසව් කියන්නාහු “රජ්ජුරුවෙනි, තොප මා ඇර පක්ෂි ධේනුව බලාගිය විසින් මම්ම ධ්‍යානලාභිව ගියෙමි. එසේ හෙයින් නුඹ වහන්සේ නිසා මට බොහෝ ලාභ වූයේය. ඉනිබ්බේ මේ ජාතියේ නුඹ වහන්සේ හා මා හා සංවාසයෙක් නැතැ”යි කියා ආකාශයට නැගී ඉර්ධියෙන් ඔබ්බට ගියහයි රජ්ජුරුවෝත් බොහෝ වික්ෂේපයට පැමිණ කියන්නාහූ “යම් පුරුෂකෙනෙක් බොහෝ තෘෂ්ණාවට පැමිණ බොහෝ දුකට පැමිණෙද්ද ඒ කාරණය මාගෙන්ම දිටිමි යම්සේ මම අහිතාපනම් බිසවුන්ගේ වියෝවූ මා වැන්නැයි කීහ. එකියා ඒ රාජකුමාරයෝ තමන්ගේ පියානන් මළපවත් අසා බරණැස් නුවරට ගොස් රාජ්ජය කළහයි වදාරා අභිතාබූ ජාතකය නිමවා වදාළ සේක. එසමයෙහි බිසවු නම් මෙසමයෙහි මේ භික්ෂූණිහූ ය. එසමයෙහි රාජකුමාරයෝ නම් මෙසමයෙහි කෙළෙඹි පුත‍්‍රයාය. තාපසව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළ සේක.

 

උපුටා ගැනීම- පන්සිය පනස් ජාතක පොත් වහන්සේ

1791 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.