සුභාෂිතය

ලිපිය සැකසීම :

අලගියවන්න මුකවැටි තුමන් විසින් විරචිත

සුභාෂිතය

ජාතියේ අනාගත පරපුරට සාධු චර්යාවන් අවබෝධ කරවනු පිණිස ‍

ඉ-තක්සලාව තිළිණ කරන සම්භාව්‍ය කාව්‍ය ග්‍රන්ථය යි.

 

1. සත  වෙතපතමෙතසඟහසසෙවි       පසි                   ඳු

 

   අවනත සුර මත මිණි තර සර පුබු                            දු

 

   දිගු රත ඟිලි දළ පෙළ මොක් සුවඳ  රැ                      ඳු

 

   සියපත සිය සිය පත සියපත නම                             ඳු

 

2. උතුම් දහම් රජ මුව ගිර’ගින් පහ                             ළ

 

   අදම්ම ගිම් හළ මොක් වෙරළතිනි    දු                     ල

 

    නොහිම් සියුම් නය මිණි පද අරුත්   ර                    ළ

 

    සදම් සදම් ගඟ ම මුදුනැ බැතිනි ද                           ළ

 

3. සියපත් සැදූ බඹ සුර නර උරග ම                          ත

 

    සැරියුත් මහ මුගලන් පිළිවෙළිනි ප                        ත

 

    පිළිවෙත් සරු මහ සඟ ගණ මුනිඳු සු                      ත

 

    මුඳුනත් දී බැතියෙන් නමදිම් සත                          ත

 

4. සත් අත් තිනෙත් සතරත් නත් සිසිර ක                  ර

 

    පත්මත් සවත් විදුරත් පුත් තුසර ක                       ර

 

    වත්අත් තලත් කිවි රත් ගත් ගුරු අම                     ර

 

    සෙත් දෙත් මෙ සත් සුරසත් සිත් ලෙස නිත           ර

 

5. පහළ පොරණ ඉසිවර මුවෙනි මන   න               ඳ

 

   දෙමළ සකු මගද නොහසළ සතට        ද           ද

 

   පුවළ නීති සත ගත පද අරුත් ලෙ                         ද

 

   සිහළ බසින් සැකෙවින් කියමි පද බැ                    ඳ

 

6. එබැවින් සෙබෙහි වියතුනි ගුණ යුත් පව                 

 

   කිරියෙන් දියර වෙන් කළ හස මෙන් පත                 

 

   මවිසින් කියන මෙහි වරදක් දුටත්හැ                      

 

   සතොසින් අසවු පදරුත් විමසා ගැඹ                      

 

7.

 

පබඳ කිවින් බැඳි කව් රසෙහි විසිතු                          රු

 

සබඳ විදු දනෝ පළ කෙරෙති දියතු                         රු

 

නොමඳ රසින් දිවයුරු පොබයයි තඹු                       රු

 

සුවඳ දිගත විහිදයි හමන මඳ ම                              රු

 

8

 

කිවි පද බැදුම් ගුණ දොස් කිවිඳුන් ම                                  මිස

 

නැණ මඳ කුකවි දැන ගත හෙති කවර                            ලෙස

 

දරු ලද අඟනන්ම මිස පවසෙහි වෙ                               හෙස

 

වඳ ළඳඟනෝ දැනගත හෙති කවර                                ලෙස

 

9

 

උතුම්  නිවන් සැප සපයා දෙන                                      මහත

 

දහම් රජ සමය නො ගනිති කුදිටු                                     සත

 

නොහිම් සුවඳ විහිදෙන සිරි රැදි                                     දිමුත

 

පියුම් වෙනෙහි නිල මැසි කැල නො හැ                      සිරෙත

 

10

 

රුවන් මිල නොදත් අනුවණ දන වෙළෙඳ

 

ලොබින් කදා මැටි මිණි යැයි රැගත් ලෙද

 

පසන් මුනිවරන් හැර අන් සුරන් වැද

 

නිවන් පතා රැවටෙති සත ගෙන දුලද

11

 

නඳන මුනිඳු හැර අන් සුරනට පැවත

 

නිවන පතා අනුවණ සත කරන තැත

 

ලබන පිණිස තෙල් ලොබ වඩවමිනි සිත

 

මඬින වැන්න වැලි මලු ලමිනි තෙලියත

 

12

 

සකල සුර නරන් මුඳුනත සැදූ පද

 

විපුල මුනි සරණ හැර අන් සුරන් වැ             

 

නිමල මොක් පිණිස සත රකිනා දුල             

 

දිඹුල මල නිසා වෙහෙසුණු වැනි දියැද

 

13

 

පුන් පිරිසිදු සිල් මුල් ගුණ කඳින් යුති

 

දන් කම් නැණ කුරු මල් සා මඩුලු ඇති

 

පින් කප් තුරු සග මොක් පල දෙන කැමති

 

මන් සුදනන් මෙත් සිහිලෙන් වැඩෙයි නිති

 

14

 

පියකර සතර බඹ විහරණ සිවු පෙදෙනි

 

වැර සැර නැණ යුවළ දළ දිලි දම් සොඬිනි

 

පුවතර තුමුල මත වරණිඳුට නැඟෙමිනි

 

මනහර සෙත් පුරට පැමිණෙවු සව් සතුනි

 

15

 

නිදොස් ගුණ බරණ සදහම් කිරුළ දරා

 

වෙසෙස් සිල් සෙනඟ ගෙන මෙත් තුරඟ අරා

 

කෙලෙස් රුපුන් සිඳ නැණ කගිනි නොම හැරා

සතොස් රජ සිරින් පැමිණෙවු නිවන් පුරා

 

16

 

ඇතත් නැතත් පර ලොව සුදනෙනි මහත

 

හළොත් යෙහෙකි පව් කම් නොතබාම සිත

 

ඇතොත් එ පර ලොව ඉන් වන අවැඩ නැත

 

ඇතොත් නැතැයි පව් කළ හට වෙයි විපත

 

17

 

නැ‍ඟෙතත් අවර ගිරගින් දිනකර මඬල‍

 

සැලෙතත් සුනෙර පවනින් සෙදෙතත් අනල

 

පිපෙතත් ගිරි මුඳුන හෙල් මැලි පියුමුපුල

 

බොරුනැත්තෙ ම ය මහතුන් පැවසු තෙපුල

 

18

 

පිරිවර සෙන් රකිනා පිණිස නිරතුරු

 

පෙර නියමින් නිරිදෝ රැගනිති පඬුරු

 

සිය ගුණයෙන් වසිනා පිණිස දියතුරු

 

සිය කිරණින් දෙරණත රස ගනිය හි           රු

 

19

 

කොතෙක් වෙහෙස ලදුවත් සුදනෝ පවර

 

උදක් ලොව සතුන් සිත දුක් කෙරෙති දුර

 

පසක් රාහු මුව පත් වෙමිනි බිය කර

 

අනිත් පසින් ලොව හෙළි කෙරෙය හිමකර

 

20

 

පින්මඳ පුතුන් සියයක් ලදුවත් නිසරු

 

ගුණනැණ බෙලෙන් යුතු පුතු ම ය ඉතා ගරු

 

එකපුන් සඳින් දුරු වෙයි ලොව ගන අඳුරු

 

නෙක තරු රැසින් එ ලෙසට නො ම වේ ය දුරු

 

21

 

විපුල ගුණැති මහතුන් හට පත් විපත

 

නිසල නැණින් යුතු උතුමෝ ම දුර ලත

 

කලල ගිලුණු මත වරණිඳු ගොඩ ගනුත

 

තුමුල බලැති ගිජිඳකු මිස අන් කෙව          ත

 

22

 

කුලුණු  ගුණින් යුතු උතුමන් සිත මහරු

 

දුදන බසින් නොයෙදෙයි කරනට නපුරු

 

නව රුවනින් පිරි මහ සමුදුර ගැඹුරු

 

තණ සුළකින් උණු කළ හැකි වෙති කවුරු

 

23

 

සුර තුරු වන් උතුමකු දෙන දනින් මිස

 

යදි කලිමන් කෙසෙ දුරු වෙද මුලින් පිස

 

මහ මෙයකින් පහ වන ගතෙහි සරතස

 

පිනි බිඳකින් වැළකිය හැකි වෙද කෙලෙස

 

24

 

දියනෙත උදා වන සිය කිරණින් මහරු

 

මෙදියත දිවා බිහි දුරු වෙයි ගන අඳුරු

 

සිරිමත රජ තුමකු දුටු පමණින් සොඳුරු

 

ඇතුළත පිටත දිව රෑ හැරෙය දුකඳුරු

 

25

 

කුලුණින් ගුණින් නුවණින් පසිඳු හැම තැන

 

සුදනන් සෙවුන නිරිදෝ ලෙව් සත රකින‍

 

දෙහිරුන් මලින් රොන් ගෙන යන මෙන් සෙමින

 

නියමින් අය ගනිති සත සිත නො තළමින

 

26

 

අම යුත් රස අහර වත් වඩවන ඔදස                                  

 

කුස ගත් ගිනි නිවන පමණට බුදින ලෙස

 

තෙද කිත් පතළ නිරිඳෝ නොමඳ දන රැස

 

නො කෙරෙත් ලොව සතුන් රකිනා විතර මිස

 

27

 

පැනසර නොවන නිරිඳුන් ලද රජ සැපත

 

ගොරතර නිරා දුකටත් වැඩියෙන් විපත

 

තිරසර නැණැති නරවර ලද එම සැපත

 

සුරපුර සැපතටත් සිය ගුණෙනි යහපත

 

28

 

බැලුමින් සිහි කිරීමෙන් පහසින් නිතින

 

සසුතන් රකින මින් කුමු සියොතුන් ලෙසින

 

කුලුණින් ගුණ නැණින් යුතු උතුමෝ සොබන

 

වෙසෙසින් ලොව සතන් රැක පවතිත් යෙහෙන

 

29

 

සමවත වැසි සුළඟ කෙත් වත් වැවෙන මෙන

 

ලොවසත රැකෙති නිසි රජ නැණැති මැති ගෙන

 

එ මහත නල නලින් වන දහන වන මෙන

 

දුසිරිත රජ කුමැති ගෙන් නසිය හැම තැන

30

නුවණැත්තවුන් පහ කොට දුදනන් සෙවුන

නොම ගත් සිත තුළෙහි ගුණ පොකුරඹ ලෙසින

මැදහත් නොව මසුරු ගුණයෙන් දවසරින

රජුටත් එ රටටත් අතුරක් නැත වෙනින

 

31

 

පැමිණෙත ලොවට බුහුනා ගුණ යුතු නපුරු

 

මෙදියත නසිනු මිස යහපත නො වේ සරු

 

නොනැවත යුගත පත් වූ සඳෙහි සත් හිරු

 

විකසිත නො වී දා යෙයි හැම විල් තඹුරු

 

32

 

රුදුරු ගිනි කඳක් ගත් සඳෙහි වනතුරු

 

මිතුරු වේය දිගතින් හමන මඳ මරු

 

මිතුරු නැසීමට එම වෙයි පසමිතුරු

 

මිතුරු නෑ කෙනෙක් නිවතුන් හට කවුරු

 

33

 

සුගත් බණ ඇසු සව් සතුනි නැණවත

 

අතත් කිරිමට තොප සිතෙහි තැත ඇත

 

ඇතොත් මඳක් වත් පර වැඩටත් එ සිත

 

ක අත් සැපත් නොම වෙද මොක් පුර සැපත

 

34

 

බලැත්තවුන් හට බන් වෙරෙහි නො නැවත

 

විපත් පැමිණියත් ඉන් කිසි නිගා නැත

 

මහත් විදුරු ගිරි බිතකට වැද අනුත

 

සුනත් දළ ඇතුට ලොව අපහසෙක් නැත

 

35

 

නපුරු කලට සත හට පැමිණෙත වෙහෙස

 

එදුරු නො වෙයි කළ පව් පල දෙවා මිස

 

තඹුරු වනය මුකුලිත වන බව සවස

 

කවුරු විසින් වැළකිය හැකි මෙ දිය කුස

 

36

 

කරදර දුදන පිරිසිඳ දතුව ද සතර

 

ගොරතර සපුන් විලසින් කට මිණි ලකර

 

නරවර සඳුන් තුර වළඳිමිනි හැම වර

 

පරනට බිය ම මිස සැප දෙති කවර වර?

 

37

 

උදක් සමින් පිඹ ලූ පමණින් බැරම

 

පසක් ලොහොම දා අළු වෙයි වෙන වෙනම

 

දුකක් පැමිණි ගුණවත් දන ලූ සුසුම

 

වගක් නසිනු විසිතුරු කොට කියනු කිම?

 

38

 

තුල සිය දිවි පුරුදු වී විසුව ද නොමඳ

 

දුල ගුණ සුදනන් ගෙ නො දනිති දනෝ දද

 

විල වැඩි මැඬිහු නොදනිති පියුමෙහි සුවඳ

 

වල බිඟු එ මුවරඳ ගෙන මත් ව දෙති නද

 

39

 

කුරිරු ගොර සපුන් ගේ දළගෙහි විසය

 

මදුරු මැසි කැලන් ගේ තුඬගෙහි  විසය

 

රුදුරු නුහුසුවන් ගේ වලගෙහි විසය

 

නපුරු දුදනන්ගේ සියලගෙහි ම විසය

 

40

 

පරසිඳු පබු දනන් සෙවි පමණින් මහරු

 

බෙලෙනිඳු මඳ වුවත් නොකෙරෙති රුපුන් සරු

 

බරණිඳු ගෙල වසන නා රද වෙමින් ගරු

 

ගුරුළිඳු අතින් ඇසි කිම යහළු තොරතුරු

 

41

 

සතතින් පවන් අඹ කොළ බුදින තවසර

 

දැහැනින් මිදේ දුට ලෙළ දෙන ලියතඹර

 

කුදිමින් යමකු කිරි තෙල් දී රස අහ            ර

 

ඉදුරන් දමන සිඳු ඉපිලේ මඳර ගිර

 

42

 

කුස ඔත සොහොයවුරු වුව ද තම හට

 

හිතනැත යෙහෙ දුරු කළ පොකුරඹ ලෙසට

 

තම ගත වා පිත් සෙම් කිපෙනු ය මරට

 

වන ගත ඔසු වග හිත වෙයි සුව පතට

 

43

 

පර සතු දෙයක් උදුරන ලෙසට කැර ලොල

 

වෙර දුදනන් පැවසූ නෙක බොරු තෙපුල

 

තිර සර මහතුන් ගෙ සිත නො රඳයි නිමල

 

සුර තුර විමන වෙද රිටුනට කවර ක           ල

 

44

 

සත් ගුණ යුත් සතන් හට වැඩ කළොත් සරු

 

අත් පිට දියුණුව ම පල දේ ය නිරතුරු

 

වත් කළ දිය නෙරළු තුරු මුලටපියකරු

 

දෙත් මුඳුනෙත් පල රැස රැගෙන අමයුරු

 

45

 

නැණැති දනන් හට මඳ ගුණයක් කළද

 

පවති ගල කෙටු අකුරක් මෙන් නිබඳ

 

විමති දනන් හට කළ කිසි ගුණ නොමඳ

 

එ නැ ති වේ ය දිය පිට ඇඳි ඉරක් ලෙද       

 

46

 

අමිත ගුණ නුවණ යුතු උතුමෝ පබඳ

 

අනත වෙහෙස ලදුවත් නො ම වෙති දුහද

 

දිගත පතළ සුවදැති සොඳ සඳුන් කඳ

 

සිඳිත මඬිත එක ලෙස පැතිරෙයි සුවඳ

 

47

 

බුදුන් දහම් සඟනට නො කෙළෙ ද අදර

 

නිවන් දකින පිනකුත් නො කෙළෙ ද පවර

 

ලියන් තන නො සිපියෙද සිහිනෙන් විතර

 

උපන් මව යොවුන් වනයට පොරෝ යුර

 

48

 

නොමදත් සතකු ගැඹරින් යුත් සද සතර

 

පදයරුත් වියකමියි සලකනු සබය තුර

 

මදමතු තුඟු මහත් වන ගිජිඳකු ළතර

 

සියපත් නළ හුයින් බදිනෙව් කරන වැර

 

49

 

කොතෙක් ගුණ කළත් දුදනන් හට අසුබ

 

අ ක ක් පමණ වත් නොම කෙරෙති පිළිලබ

 

එ උ ක් රසෙහි සැදුවත් නිඹ බිජු කිරඔ

 

උ ද ක් තිත්ත ම ය පසඟ ම තුරෙහි නිඹ

 

50

 

ස ඳු න් කපුරු සමඟින් පිනි දිය නොමඳ

 

සො ඳි න් කලල් කරමින් සුවඳ මුව මද

 

නි ති න් හිමඉස ඉස ලුහුනු වැව්ව වද

 

ත ම න් ගුණය නොහරින වැනි දුදන හද

 

51

 

සමගින් දුදන සත සහ වනු බඳිනු වෙර

 

නොයෙදෙන කරුණු ම ය සුදනනු හට පවර

 

ගිනි ගෙන දිලි අඟුරු ගත් කල දවයි කර

 

නිවි තැන රැගත හොත් කළු  වේ ය නොවිතර

 

52

 

ප ත ර දුදන අනදර සුදන අදරද

 

අ ව ර දිනිඳුසේ ලෙස වැඩි වෙයි නිබඳ

 

අ ද ර අනදර ද පිළිවෙළිනොවුන් හද

 

ළ හි ර සේ වැන්න අඩු වන මඳින් මඳ

 

53

 

ත ම න් හට නොසමයන් වන කලට සම

 

මු වි න් නො බැණ ඉවසනු සුදන ගරු කම

 

නො මි න් කුමුදු විකසිත වනු දැක දැකම

 

වි ළි න් මෙත් තඹුරු මුකුළිත වේ ය හැම

 

54

 

මි නි ස් හට සොදුරු ගුණ සහ නුගුණ ඇත

 

නි දො ස් කෙනෙකු මෙ දියත අපදනේ නැත

 

වෙ සෙ ස් සිනිඳු මුවරඳ බර සහස් ප           ත

 

කො රො ස් නළින් යුතු වෙයි කටු පෙළිනි යුත

 

55

 

සිතමින් උඩඟු බව සතකුට නම කෙරෙති

 

සැපතින් ඉදිමි සලකා නෙක දුක් විඳිති

 

පතමින් දිවි රැකුම් රණ මැද වැද නැසෙති

 

එබැවින් සෙබළු වැනි දද දන වෙනින් නැති

 

56

 

කුලයෙන් හුණු දනෝ මහතුන් සෙවුම් කොට

 

ඉසුරින් යුතුව පැමිණෙත් ගරු තනතුරට

 

වෙසෙසින්  කුසුම් ගෙතුම් ගෙතුමින් සුමුදු රඹ පට

 

සතොසින් සැපත් වේ නිරිදුන් මුඳුනතට

 

57

 

පබඳ පසිඳු කිවිඳු ද යුදෙබි සෙබළු ද

 

පැහැද සුරති කෙළිනා වර වරඟන ද

 

කිවද තො තා යන බස් පෙරදැරි සුහද

 

වරද නොව අසත් නිරිදෝ වඩිමිනො

 

58

 

සුදන ගුනෙන් යුතු උතුමන් ගේ පියකරු

 

අබිමතකින් වූ රොස නො කළ හැකි දුරු

 

සිහිල් ගුණෙන් යුතු දිය දහර පිවිතුරු

 

මිටි මඟෙකින් යන කල නවතති කවුරු

 

59

 

සුරපුර සැප සපයන පින් ිනාම කරති

 

අරතර අපා බය දෙන පවම කර ලති

 

පැනසර නොවූ ලොනරයන් ගේ සිරිති

 

කිරිහැර මර එළවන ගොර වස ම බොති

 

60

 

ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත

 

වෙනින් අනෙක් දෙයකට අනෙකෙක් සමත

 

නොමින් සුළඟ ලදුවත් තද ගිම් සැපත

 

ගොඩින් නැව දියෙන් රතය ද නොයනු ඇත

 

61

 

මුඳුවට සිනිඳු වෙඬරු ද සුදනන් හදද

 

සරිකොට කිවත් කිවත් කිවි දන නො ම වෙයි එ ලෙද

 

පරනට තැවුල් වන වත උණු වෙයි සුදන හද

 

එලෙසට උණු නොවේ එ බැවින් වෙඬරු තද

 

62

 

නොහිම් සුවඳ විහිදෙන කස්තුරි නිමල

 

උතුම් මුව නැබෙයි තැබි බඹ නැණ විකල

 

විනම් මෙමට මහ බඹු පදවි යම් කල

 

තබම් බොරු කියන දුදනන්ගේ දිව මුල

 

63

 

අබරණ සමඟ සිටි පිරිවර ද තම වෙ           ත

 

නොදෙරණ තැන යෙදුවොත් නොම වේ දිමුත

 

කොපමණ රජ ඉසුරු ලදුවත් මුළු දියත

 

සිළුමිණ සරණ බඳ හොත් අපහස කරත

 

64

 

නොවිතර තෙද බලැති උතුමන් හට පවර

 

වැරසැර මඳ නුවණ මඳ දන බඳිනු වෙර

 

තුඟුතර ගිරි පළන දළ දළගින් පැහැර

 

මතවර ණිඳුට පෙදෙනැන වෙහෙසෙන අයුර

 

65

 

තිර සර ගුණෙන් යුතු උතුමකු හට පවර

 

සමුදුර සියල් කිඳලෙක තුඹසෙක සුනෙර

 

පුවතර මෙ දඹදිව මළුවෙක සිය ගෙදොර

 

එහුකර නොවන සැපතක් එ බැවින් කවර

 

66.

 

නොපහන් අය අනත අහසෙව් නැත  නියම.

 

ඒ ම හ ත් බැවීන් වනසනු  නොයෙදේ   සැවොම.

 

ත ම සිත් තුළෙහි වෙර නැසුවොත් නොතබම.

 

වැනසෙත් ඔහු සැවොම දියවන් ගිනි  සේම.

 

67.

 

එන කල සතුන් හට සිරි සැපත මන කල.

 

කස  පල තුළෙහි දියලොඳ මෙන්වෙයි  විපුල.

 

යන කල ඒ සිරි සම්පත්    වැනසී සියල.

 

ගජ ගල ඇතුළ  මද සුන් දිවුල පල තුල.

 

68.    

 

මහත් දනවතුන් ඇති ව ද සුදන ගෙන.

 

ගනිත් තමන් කටයුතු නිරිදෝ නිතින.

 

ඇතත් කෙළ ගණන් රැස් කළ දන නොමින.

 

බලත් ලොහො දපණ තල ගෙන තම වූවන.

 

69.

 

මදයෙන් මත් මතඟ කුඹු තල පිරිමදිති.

 

විසයෙන් දැඩි උරග උර තෙලෙහි පළදිති.

 

මෙලෙසින් අසිරිමත් විසිතුරු සත කෙරෙති.

 

ඒ ම ඳී න් රජුන්ටත් සේවය කර රැකෙති.

 

70.

 

විහිදු තුරු සෙනඟ පිරිවර යුතු  නොමින.

 

සිනිඳු අමා කිරණින් ලොව බබුළුවන.

 

තරිඳු දිනිඳු හමුවත නොදිලෙන ලෙසින.

 

කෙබඳු කෙනෙක් ලුහු නොම වෙති අන් සදන.

 

71.

 

කලුන් මැද්ද සබ අබතුර බොහො සෙ නීති.

 

ලෙසින් විදුලි දිලි කග පත්ලෙළ කෙරෙති.

 

කගින් කග පහර වැද නැගී පුලිඟු ඇතී.

 

සටන් බිමසි ගත් සෙබළො දුලබ වෙතී.

 

72.

 

මෙලොවින් පරලොවින් වන අවැඩ නොම දැන.

 

 සී රිතින් ලොව නොපවතින අඳ බල දුදන.

 

දෙකුලෙන් යුතුව උපනත් සක කිරී ලෙසින.

 

කුසුමෙන් උපන් පණු වැනි පෙර කළ පවින.

 

73.

 

නෙකවත් ඇතක් මෙතෙකැයි යන පමණ නැති.

 

ලොබ සිත් වෙමින් ඉල්ලනු දිළිඳුන් සිරිති.

 

දළ නෙත් නියුතු මෙහෙසුරු පුවතර තෙදැති.

 

ජර පත් මහලු ගොන් වහනයෙන් සරති.

 

74.

 

සසොබන මහතුනට වන් නොමඳ ගරුතර.

 

දිනදින පුරුදු වීමෙන් කෙරෙති අනදර.

 

නොම දින සුවඳ විහිදෙනසොඳ සඳුන් හර.

 

හිම වන වසන වැදි ඇඟනෝ කෙරෙති දර.

 

75.

 

වතින් බතින් බුලතින් සියලු සැපතිනි.

 

නිතින් විඳින පහසින් රන්මුසු බසිනි.

 

කතුන් සිත්ගනිමි යනු යමෙකකු කෙවැනි.

 

දැලින් සුළන්  බදනට තැත් කරන මෙනි.

 

76.

 

අම රස වන් අඹරස බුදිමින්  සිනිඳු.

 

නීති ගෙ උයන් පෙදෙසෙහි සරමින් පසිඳු.

 

එක පැහැයෙන් ඉඳීතත් කොවුලනට බඳු.

 

නද පමණින් දැනගත හැකි රිටුන් ඉදු.

 

77.

 

විසුවත් දුදන සහ සුදනන් රැගෙන සරු.

 

නැණවත් රජතුමෝ ඔවුනට දෙති ඉසුරු.

 

විසයුත් ගොර උරග කට රැඳී මිණි මහරු.

 

සලසත් රුවන් කිරුළග රුවනට සොඳුරු

 

78.

 

පසන් සුදන දීමට වන බව අලස.

 

ලබන් නවුන් පෙර කලැ කළ පවෙහි දොස.

 

තමන් මුව විසුළු වූ බව පෙනෙනු මිස.

 

වෙනින් කවර වරද ද නිසි දපණ  පස.

 

79.

 

කෙ රෙ ත් යුද උනුන් එළු ගව ගවර රළ.

 

කි ය ත් මිහිරි රස බස් සුව ලිහිණි සැළ.

 

දෙ තො ත් යමෙකු යදි කලිමන් දුර හැරළ.

 

වී ය ත් කමුත් විකුමුත්ඔහු ම ය නැබළ.

 

80.

 

ස පෙක් එකකු කෑ නම් නසිනේ හෙ වෙද.

 

අ නෙ ක් ලොවින් නො නැසෙයි සතෙකුත් එකද.

 

ප ස ක් දුදන පබු  කන මුව ලං කළද.

 

ව ග ක් නසයි වැනැසෙයි ඒ මතු  ද ඔහුද  .

 

81.

 

නොමින් ලොව සියලු දේ දක්නා ඇසට.

 

තමන් සැටි මඳක් වත් නොපෙනෙන ලෙසට.

 

අනුන් දොස දකිති අනුවණ දන කප          ට.

 

ඒ මෙ න් සිය නුගුණ නො දකිති නියම කොට.

 

82.

 

සලප ය තරිඳු හිම රැස වෙය හිම ගිරිඳු.

 

කරඹ ය මුහුදු දිළිඳු ව ඇවිදිය කිවිඳු.

 

නිසිදැය මෙ බඳු උවදුරු දැරුවේය රුදු.

 

මෙ තෙදිය පසිඳු අපවග ම ය සුපිරිසිදු.

 

83.

 

මැ ද හ ත් සුදනන් ගෙ විතාරණ ගුණැති  සොඳ.

 

මැ ද හ ත් වත් ගනිති ළිදැ දිය මෙන් පැහැද.

 

නො පණත් ගුණැති දුදනන්ගේදන නොමඳ.

 

නො ගනිත් යදි දනෝ කර දිය මෙන් මුහුද.

 

84.

 

දි ගු න්  සුදු කරන සඳ අමා රසින් යුතු.

 

ස ස න් නොහරිනෙව්කප් හිම් තමා ගත.

 

අනුන් සැපට සුදනෝ නෙක තැත් කරන.

 

ත ම න් වැඩ පිණිස මඳකුත් නො වෙහෙසෙත.

 

85.

 

වනත් නොයෙක් ගං හෝ ඇළ කඳුරු පැන.

 

ම හත් ගැඹුරු සිඳු නොයනෙවු වෙරළ පැන.

 

ල ද ත් මේ මුළු දඹදිව රජ සිරි සුදන.

 

සිරිත් ලෙසට පවතී උඩඟු නොවෙමින.

 

86.

 

පැ න සර නොවන සත නීති සුදනන් පැහැර

 

ක රද ර දුදන සමඟ ම වෙසෙති හැම වර.

 

මන හ ර ගජ කුඹින් මුතු දිමුතු  මුතු හැර.

 

උ ර සර සන උණිද බිජුවෙන් වැනි සබර.

 

87.

 

සොඳුරු ගුණ නුවණ යුතු උතුමෝ පතර.

 

නපුරු දුදන සහ එක් වුව වෙතී අසර.

 

රුදුරු කටු පහණ නැති සමතල හසර.

 

අඳුරු සමඟ වූ කල වේය බියකර.

 

88.

 

තිරසර ගුණැති සුදනෝ පර වැඩ නැතිද.

 

වරසුර පුරෙහි වත්නොවසති නිරය ලෙද.

 

ගොරතර නිරෙහි වත් පරනට වැඩ ඇතිද.

 

සුර පුර ලෙසට හැසිරෙත්  සුව සේ නිබඳ.

 

89.

 

පහනින්ම පහන් සිය ගණනක් ඇවුලුවඩද.

 

එ පහන් සිළෙහි අළු අඩු නො ව දිලෙන ලෙද.

 

ලොව අන් සතුන් ගුණ පළ කරමින් නිබඳ.

 

සුපසන් ගුණෙන් වැජඹෙති සුදනෝ පබඳ.

 

90.

 

ගජකුම්  බිඳින එකසර කෙසරිඳු බලැති.

 

කොතරම් සා වුවත් තණ කබල නුබුදිති.

 

වීහීගුම් කුලෙන් යුතු උතුමෝ අබිමනැති.

 

දිවිහිම් කොටත් නොතරම්කම් නොම කෙරෙති.

 

91.

 

 බ ල යු ත් තුමුල මත වරණීඳු  මෙ දෙනැවිස.

 

දිවතත් සොඳ තමන් සොඬ නොමඩින විලස.

 

ලදුවත් නැණැති දන මුළු ලොව ඉසුරු රැස.

 

නොපනත් දෙයක් නො කෙරෙතිනිසිදේ ම මිස.

 

92.

 

පසක් මුනිඳු සමය ම නො ගෙන සුනිමල

 

අනික් කුදිටු ගෙන ලෙව් සත නැණ විකල.

 

එමොක් පුරට පැමිණෙත යම් කල එකල.

 

අඳෙක් දැක්ක හෙයි වින් පදය නුබ තල.

 

93.

 

නඳන ගුණ නුවණ යුතු උතුමෝ මහත

 

නොගෙන කිසිකරුණු සත සුවපත් කරත.

 

දිළෙන සා මඬුලු යුතු තුරු පෙළ දිමු          ත.

 

යනෙන සත සතපමින් ගිම් දුර හරිත.

 

94.

 

ඉසුරින් රුවින් සරි අය වෙසෙතත් නොමඳ.

 

කුළුණින් ලොව රකිනු එක් උතුමෙකි පබඳ.

 

මඩියන් බුදින නා කැල ඇති වද විස          ද.

 

දරමින් දෙරණ සිටිනේ නත නා ම වේද.

 

95.

 

තැන තැන නිදන් කොට නො තබා හැමදනම.

 

කව බොව යදින් හට දන් දෙව වඩා පෙම.

 

මිහි බැඳී බිඟුන් හට වන ලෙස දැක දැකම.

 

තව තව ලොබින් දන රැස් කොට තබනු කීම.

 

96.

 

නිතින් දුදන සමඟව සුදන විසුවඩද.

 

පසන් ගුණෙන් ලොව සත හටවෙතී සුහද.

 

රිටුන් විමන ඇති වූ කොවුලන්ගේ නද.

 

අසන නවුන් යුග සවනට වේ ය  නද.

 

97.

 

නොමින් මහ පනැතියෙක් පසිඳු මෙ දියත.

 

කුලෙන් අඩුව උපනත් ලොව නැණැති සත.

 

තොසින් අදර බුහුමන් වඩමින් පුදත.

 

මඬින් උපන් ඉඳුවර පළඳිනෙව් මත.

 

98

 

බුදිත් මිහිරි මී අඹ රසය සතොසින.

 

ඉඳිත් සොඳුරු ගේ-උයන්වල තුරු මුඳුන.

 

සිරිත් මේ ඈ කරගත් කොවුලන් ලෙසින.

 

වසත් කලැ දැනෙයි රිටු පරපුටු නදින.

 

99.

 

නෙක රජ සිරින් සුරිඳුට සිය ගුණින් වැඩී.

 

රුපු රජ ගජන් එකසර කෙසරලෙස මැඩි.

 

දින රජ කුල පැහග බැඳී මහඟු රන් කොඩි.

 

සිරි රජ සිහ රජුන්ගෙ සිරිපද සෙවණ වැඩි.

 

100.

 

විජම් පෙළ සයුර සැදි මොක්  වෙරළතින.

 

සියුම් නිය තලෙන් ගත් කුඹුයොන් සිරින.

 

උතුම් හිස්වැල්ල නම් ගම හිමි සොබන.

 

දහම් දජ නමැති පඬිවර හට නඳන.

 

101.

 

නීති සුපසන්න සරසවි රැඳී මුව තඹර.

 

කවි ගජබින්න කළ එකසර කෙසර යුර.

 

අලගියවන්න මුකවෙටි නමැති කවියර.

 

යුතු පද සන්න මේ කව කළේය  අමයුර.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

7922 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.