ලෝකෝපකාරය

ලිපිය සැකසීම :
  1. මුනිඳුට සරි කෙනෙක්

            තුන් ලොව ම නැති මුනි තුමකු මුත්

අපමණ තරු රැසින්

            සඳට සරි තරුවක් නොමැති මෙනි.

 

2සුමුදුරමෙරපොළොව

 

            කරු ද ලේ මස් හිසැ‘ ස දන් දුන්

 

නොසරි වන කල ලොව

 

බුදු බව් පතනුවෝ ළ තර වෙත්.

 

 

 

3 දහම් සිතු රුවනට

 

            වඩනා වතෙක් තුන් ලොව ම නැති

 

දහම් සොඬ නරනිඳු

 

            ඉන් වද රකුසු කටට පැන්නේ?

 

 

4 වටු පැටි ව දෙගුරුන්

 

            නොනිවු ළැවු ගිනි එනු බල බලා

 

කළ සත් කිරි බෙලෙන්

 

            සිට වී ය ගං තොරට පත් මෙන්.

 

 

5 මනා වන වුදවක්

 

            අවිදුන් මැදෙහි පාන අවියත්

 

අඳ දන හට දපණ

 

            ඔවුන් වත බලන්නට දෙනු වැනි

 

6 සුදනන් කෝප වුව

            දුදනන් මෙත් වුව ද නො තිබේ

මඳක් කල් තිබුණත්

            එයින් අවැඩක් වැඩක් නැත්.

 

7 රණ හස රිවි සමඟ

            දිවත් ජය ගති බුදු කඅරඅ විසින්

තිරිසන්  ව උපනත්

            බෝසතුන් සිතු දෙයක් සිදු වේ.

 

 

8 රූරු මුව රද කල

 

            මහ දන කුමරු ගඟින් ගොඩ ලා

 

බඹදත් රජුට දම්

 

            දෙසා සුව‘ බය දෙවී සත්නට.

 

 

9 අමා රසයට වැඩි

 

            රසයෙක් නොමැත සුරන් බුදිනා

 

ඊටත් වැඩි රසෙකි

 

            තමා දරුවන් හැනූ සුබොජුන්.

 

 

10 දෙ ගුරුන් විසින් තම

 

            දරුවන්ට දෙන නොමඳ දන නම්

 

වියතුන් සබා මැද

 

            ඉන්ට ඉදිරි ව සිල්ප දෙනුමැයි.

 

 

11 සඳ කැන් සඳුන් මඳ

 

            නල මේ හැම සිසිලටත්

 

උතුම් සිසිලසකි

 

            ගතෙහි තම දරුවන් වැකෙනවා.

 

 

12 දෙ ගුරුන්ටත් වඩා

 

            දරුවන්ට ම යි දනෝ සෙනෙහස

 

මෙ ලොවත් රැක මළත්

 

            සග මොක් දෙන බැවින් කරවු පින්.

 

 

13 සා ව අල බෝ සත්

 

            සක් බමුණාට දෙනුව ඇඟ මස්

 

පිනූ සඳ ගින්නට

 

            සුරුඳු ගෙන සඳ මැදෙහි ඇන්දේ.

 

 

14 මුනිඳුන් ගුණ මහිම

 

            මෙ ලොව ම දැනෙයි නිඳි ගත් විට

 

යක් බූ ඔබා ගත

 

            සුගත සිහි කළ බිය බැහැර යේ.

 

 

 

    15 ඉසුරෙන් පිරිහුණත්

 

            සුදන තම ගුණය අඩු නො කරත්

 

   බිදුණත් රන් බඳුන

 

            ඇති බර අගය අඩු නොවන මෙනි.

 

(  

     16 සුදනෝ තම සිරිත්

 

                 කළවුන්            තමන් ලෙස ම සලකත්

 

        පහනින් ගත් පහන්

 

                 එක ලෙස ම බබළන විලස්නෙන්.

 

 

    17 මුතු මිණි කනා වත්

 

                 නොමඳ ලැබ පළඳිතත් සිත් සේ

 

        ගුණ නුවණ සිප් දත්

 

                 දරුවන් ලබනු වැඩි පෙම් වඩයි.

 

(    

      18 සවන පිනවන සව්

 

                 නදට තුටු වන දනෝ ලෙවිහී

 

          තම දරුවන් බොළඳ

 

                 වදන් නෑසූ කෙනෙකි එ දනෝ.

 

   

 

 

19 තම පා පිටෙහි උන්

 

            රුපුන් නො නසා රකිති උතුමෝ

 

අඳුරු රුපු පහන් කඳ

 

            මුල අඳුරු නුදුරු කළ මෙන්.

 

     

 

      20 උතුමෝ දුදන බස්

 

                 නො අසත් සතන් බස් මිස

 

     සුගඳ දුගඳ දෙකට

 

                 සතුටු නොසතුටු  වන ගහන මෙන්.

 

    

 

     21 ඇසුරුවන් සත සිය

 

                 සිය පණ සෙ රකිනා සුදන හට

 

     මොක් දකිනා තුරු ම

 

                 දුකක් නො ම වේ ලෙව් සතන් ගෙන්.

 

 

    22 ඇම සැපයට ම වැඩි

 

                 සැපයකි දනුව දැකුම උතුමන්

 

     ඊටත් වැඩි සැපකි

 

                 නොදැකීම කලකින් දුදනයන්.

 

    

 

    23  උතුමෝ නො ලැබ ලබ

 

                 වැඩ කෙරෙති ලොවෙහි නිවතුන්ටත්

 

     නොයෙක් පල බර තුරු

 

                 සදා පල දී සත රකින එව්.

 

    

 

    24  මුසුරු දුදනා දන

 

                 සුදන‘ තට පත දනට වැඩ වේ

 

     කර දිය මේ රදුට

 

                 හසු ව ස. හට අමා වන මෙන්.

 

     

     25 නිදුකින් සවි ඉසුරු

 

                 නොමඳ ලැබෙතත් නුවණ ඇතියෝ

 

     අනුන් නසා ලබන

 

                 ඉසුරු සලකත් වසුරු අයුරු

 

(  

     26 ගුරුන් දෙ ගුරුන් හා

 

                 නෑ සිය සුත ‘ ඹු රකින සුදනෝ

 

     මෙ ලොව යස මඟුලුත්

 

                 ලබත් පරලොව සුව ද සග මොක්.

 

   

     27  ගුණ මකු දනන් හා

 

                 සමඟ විසුවත් නැණැති සුදනෝ

 

     මනා ගුණ නො හරිත්

 

                 කොසඹ තුර තුළ බැඳි මීය මෙන්.

     

     28 කළ ගුණ දෙ ලොව බස

 

                 රස සුදන මෙ ඇම දත් උතුමෝ

 

       මිනිස් වෙස් ගෙන‘ වුත්

 

                 මෙ ලොව සත රකින සුරන‘යුරු වෙත්.

 

    

 

     29 නුවණැතියෝ සසල

 

                 නො වෙත් කො තරම් දුක් සැප වුවත්

 

       ගැසුවත් තද මේග

 

                 පවන් නිසල ව සිටින සල මෙන්.

 

   

 

     30  විරිදුන් මඳ වරද

 

                 කියනු සේ දතිනට තමන් දොස්

 

     කිසි කලෙකත් දුකක්

 

                 කෙසඟ විතරක් නො වේ දෙ ලොවින්.

 

  

 

     31උතුමන් ගණු නුවණ

 

                 කියනු හට දෙ ලෝ වැඩ අත් වේ

 

     එ හෙයින් සත් සතන්

 

                 ගුණත් ම නුවණ පමණ දක්වම්.

 

(    

     32 රන් බඳනෙහි කෙසර

 

                 තෙල් අඩු නොවී පවතින මෙන්

 

     උතුමන් හද සපිරි

 

                 කුළුණු මෙත් ැඩු නො වී පවතියි.

 

(  

 

     33 සුදනෝ නිවත් වත්

 

                 පරහට දුකක් විට පිහිට වෙත්

 

     කිසි නැති පවන් පත

 

                 පවන හැර යා ගිමනංරින මෙන්.

 

(  

    34 දෙ පස රුපු‘ නිඳිතත්

 

                 වෙසෙත් සැප සේ ම නුවණැතියෝ

 

     දසන් දෙ තිසක් මැද

 

                 නො තැළී වැස දිව දවසරින මෙන්.

 

 

 

 

   

   35 යමකු කළ යහපත

 

                 සිහි නොවනු සේ ලොව නපුරු නැති

 

     ලුහු දන කළ නපුර

 

                 සිත නොතබනු සෙ යහපතක්  නැති.

 

   

     36 කෙත් වත් ලොව නොයෙක්

 

                 පලතුරු රකින මේග විලසින්

 

     සත් සත් කළ‘ත් සැප

 

                 සත දුක් ගිමට මහත් සෙවණකි.

 

(  

     37 මහලු පඬි තපසුන්

 

                 අඳ ද දුබල වූ දිළිඳු සත් සත්

 

     මෙ ඇමට පිහිට වන

 

                 නිරිඳුන් විනා අන් කෙනෙක් නැත්.

 

   

      38  නෙමඳ ගං හෝ ඇළ

 

                 දිය නිති වැදන් නොපිරි සිඳු මෙන්

 

     අපමණ දන ලදත්

 

                 ඉසුරුමත් දන ගෙ සිත් නො පිරේ. 

 

   

      39 යමකු යම් තැනකට

 

                 පමුණුවනු ගුණ දැනැ යි නියවත්

 

     සුරනිඳු දිනිඳු හැර

 

                 තරිඳු මැද සසැඳියා විලසින්.

 

    

 

      40 මේගගංපලතුරු

 

 පරහට ම වැඩ පමුණුවන මෙන්

 

සුදනන් ලත් ඉසුරු

 

            සව් සතට වැඩ වේ ය නිතියෙන්

 

 

 

     41 නීතයන් රැගෙනත්

 

                 සිදු වන දෙයක් කෙරෙ නැණැතියේ

 

     කනා නොමඳැති වත්

 

                 ලෝ කැටපතින් වත බලන මෙන්.

 

   

       42  එකකට වති රකෙක්

 

                 සමති අනෙකෙක් අනෙක් එකකට

 

     තද පවන ලදුවත්

 

                 නැව ගොඩ රතය මුහුද නොදිවේ.

    

 

 

 

     43 ඇම සතට වැඩ වන

 

                 ගම් මැදෙහි පල තුරක් විලසින

 

     සුදනන් අතට පත්

 

                 ඉසුරු වැඩ වේ ය සව් ලෙව් හට.

 

  

 

     44 නසතත් දුදනයන්

 

                 සුදනෝ උන්ට ම වැඩ සලසත්

 

     සඳුන් තුර සිඳිනා

 

                 පොරව මුව අත සුවඳ වන මෙන්.

 

 

 

    45 තද රුදු ගුණැති වත්

 

                 ලියෝ මඳ හස සිසිල පා ලත්

 

     තද යකඩින් තැනූ

 

                 යහ පත් සිසිලස පානෙව්.

 

   

     46  රකුසෙකු තම ලියක

 

                 තැබී කරඬුවක ලා කුස තුළ‍

 

     එහි තුළ වන් සිදුට

 

                 තම හිමිට දියුණු ව කළා පෙම්.

 

   

     47  සඳ නඳ කරන සඳ

 

                 පහන් සියුරන් මන තෙමෙන මෙන්

 

     සඳ සඳ පහන් සඳ

 

                 සලෙලු සඳ කොඳ සඳ පහන් වේ.

 

 

 

 

   48 නිමල ගුණ රූ සිරි

 

                 ඉසුරු තෙද විකුම් ඇති තැනටත්

 

     පැමිණ තද රැකවල

 

                 ඇතත් සිතුවක් කෙරෙති අඟනෝ.

 

   

     49  කනා ලිය පැරයූ

 

                 තුනු සිරි මවා ඇති දු සිවු වත්

 

     පිය මන ගුණ පියා

 

                 හද තුළ ගලක් ඇතුළේ තුලේ.

 

   

      50 වැදු වත් දරුවන්

 

                 ළඳුන් සෙනෙහස සැබෑ නො කරවු

 

     සිළුමිණි බබළන

 

                 උරග විස සඟවා කෙළින වැනි.

 

 

   51 ගෙයි දෙය පිටත දී

 

                 තැන තැන ඇවිද කර නොපනත්

 

     ලියන් ගෙන් වන වැඩ

 

                 ඇතත් උන් කෙරෙහි පොබ නො කරවු.

 

   

 

   52  තම සිතට නොහැඟෙන

 

                 ලෙස වසන රුදු දූත අඟනන්

 

     ලුණු බෝ මාළුවෙහි

 

                 ලොබ නොවන මෙන් හැර කරවු දුරු.

 

   

    53 සලෙලුන් දැක ලියන්

 

                 සැඟවුනු නො වේ බලව විළියෙන්

 

     බළලුන් ගොදුර තම

 

                 පැමිණෙන තෙක් වැන්න සැඟවෙනු.

 

 

)     54 අඟනන් රැකවල්

 

                 කර පමණ කොට හිඳින අවියත්

 

     බිජු වපුරා වැවේ

 

                 සියොතුන්ට වැට බැඳ ඉඳින මෙනි.

 

(  

    55  තමා‘ඟන හැර ලා

 

                 තැන්හි තැන්හී පරඟන පතනුවෝ

 

     අමා යැ යි රා බී

 

                 දෙ ලොව දුක් විඳිනවුන් වැන්නෝ.

 

   

     56  සග මොක් දෙකට යන

 

                 මඟ අකුලි මාවත නිරා යන

 

     විස මුසු අමායුරු

 

                 ලියෝ මායම් පිරූ බඳුනකි.

 

   

    57  ළඳුන් පෙම් බැඳුමට

 

                 පැමිණ නෙක් දුක් විඳිනු අවියත්

 

     බෝ සත් රන මොනර

 

                 සෙබඩක නිසා‘වුත් බැදුණු වැනි.

 

 

 

 

    58 තම හිමි ඉඳිය දී

 

                 නොහිමි දුට බඳින සොර‘ඟන

 

     තම බුදුන මස් හැර

 

                 නොකන මස් කා කුල නසන මෙනි.

 

(  

     59 ලියන් නිසා කරන

 

                 බැහැර නොමඳ දුක් විඳිති සත

 

     පබවත කෙරෙ ලොබින්

 

                 කුස රජ පවා වසුන් කත් ඇද්දේ.

 

   

     60 ලියෝ බොරු සෙනෙහස

 

                 පපා තම හිමි නසත් සොරු ගෙන

 

     කොටකුට කළ පොබින්

 

                 ගලින් බෝ සත් හෙළූ ලිය මෙනි.

 

     

     61 ගුණ නුණඅති විරියවත්

 

                 ලිය ඉඳින ගෙට වැඩේ සව් සිරි

 

     සව් සිරි සපිරි ගේ වත්

 

                 අවගුණ ලියක වත දිළිඳු වේ.

 

 

 

    62 සිය ලිය පමණ කොට

 

                 හිඳින අවියත් දනෝ ලෙව්හී

 

     විස ගොර උරා ගෙන

 

                 උරෙහි ලා කෙළෙනවුන් වැන්නෝ.

 

   

     63 උරණ නො ව හැම කල

 

                 යෙහෙන් රකිතත් පණ සෙ නිතියෙන්

 

     බඩුවක් මෙන් විකිණි

 

                 පහස දෙත් කාට වත් අඟනෝ.

 

     

     64 බොරු මායම් කියා

 

                 සැබෑ වරදක් නැතැ යි සාදත්

 

     සොරු කා යම් දෙයක්

 

                 දුනත් ගෙන සහතොසින් ළං වෙත්.

 

   

     65 එකකු සෙවු දෙය ගෙන

 

                 එකකු කවමින් සෙවෙති බැඳ පෙම්

 

     කෙසරිඳු හෙළු ගිජිදු

 

                 සිවල් කාකා කකා යන මෙන්

 

 

    66 ඇසු දුටු වත්

 

බොරු යැ යි කියති බැහැර වැස වැස

 

තද බොරු විස තබා

 

            මිහි කත්  තෙමො ගිලු ලියක පෙර

 

   

      67 දරු පෙම් ගුණ නුවණ

 

                 සමත් බැව් හැම කියති මළ කල

 

     තම ලිය ගුණ ඇතත්

 

                 නො කිය වියතුනි මළත් උන්නත්.

 

   

     68 සිරිමත් කළත් ලිය

 

                 ලුහු දනට ම ලොබ වඩත් මැයි

 

     කිරෙන් බත් ලූවත්

 

                 සුනකයෝ කසළට ම ලොබ වෙත්

 

   

     69 ඉසුරට ලොබින් ලිය

 

                 ලොවට වැඩ කරනුවන් වනසත්

 

         පඬි කාලිදාසත්

 

                 නසා රජුනුත් වැනසි අඟනක්.

 

   

     70 ලිය ලියලා තුරින්

 

                 තුරු ද ඇද බදා නිතිනි තුඩු දේ

 

        එ මෙන් ලිය දුටු දුටු

 

                 සලෙලුන් බදා වෙන‘ත් තුඩු දේ.

 

 

 

    71සුරා සොර ම බී

 

                 උන්නත් රා මත එළි ලන මෙන්

 

     සොරා ලියන් කරන

 

                 නොපතන් පැනේ සඳ ලපය මෙන්

 

   

     72 අඟනන් වසඟට

 

                 නොපැමිණෙනුවෝ ඇද්ද ලෙව්හී

 

     සුර නා ඉසුරු තම

 

                 රකී ලිය ඉසින් උසුලනුයේ.

 

    

 

     73 ගෙය තුළෙහි ගිනි සිළු

 

                 ඇතත් තම කඳ යනු දීපයෙනි

 

     මැති සෙත් නොමැඳැ ‘ තත්

 

                 දීප බබළනු තෙදිනි නිරිඳුන්

 

   

     74  ඉසුරු අපමණ ඇති    

 

                 රජු ගෙ රටටත් සසල පැමිණේ

 

     ඉසුරු උන් කෙලෙස ද

 

                 පවා ඉසුරු සසල නොකොළො ද?

 

   

     75 පුන් සඳට දෙවනා

 

                 තරුත් තම රැස පතුරුවන්නේ

 

     නිරිඳුන් පවතිනා

 

                 ලනත ම යි පවතින්නෙ මැතිවර.

 

 

 

 

 

 

 

    76 උබය පස සුපහන්

 

                 නැත ද නෙහොබී සුරවරන්ටත්

 

     නිරිඳුන් නො හොබී

 

                 වියත් මැතිවර දෙ පස නැත හොත්.

 

(  

     77 දුකකුදුද නො වී කිසි

 

                 දෙ ලොව සැප මොක් පතන වියතුනි

 

     දෙකකුදු පවින් වැළකී කරවු පින්.

 

(

     78 සව් සතට යහපත්

 

                 ලෙසට දවසරින නුවණැතියෝ

 

     මිය පර ලොව ගියත්

 

                 ලබත් සුරනර සැපත් නිවනුත්.

 

 

 

     79 බියෙන් තම වෙත පත්

 

                 සතන් නො බවා යෙහෙන් රැකියෝ

 

     බියක් නො ව කලෙකත්

 

                 විඳිති සුර සිරි මොක් දකින තෙක්.

 

   

 

     80 නිරා දුකට වඩින

 

                 දුකෙක් නැත දිව ඇසින් බැලුවත්

 

     ඊටත් අනතුරු වේ

 

                 දෙ ගුරුන් නො රැක බඩ වඩනවා.

 

 

    81 සුතන‘ඹු රන් රුවන්

 

                 නොමඳ කෙත් වත් හා දැසි දසුන්

 

     මෙ සියලු තිබිය දී

 

                 කළ පව් පිනුයි කැටි ව යන්නේ.

 

     

     82 දියෙහි දු මස් පියුම්

 

                 කොඳ උපුල්හී ගඳ වෙන වෙන මෙන්

 

     එක කුසෙහි උපනත්

 

                 සතන් ගුණ වෙන වෙන ම පවතිත්.

 

     

    83  සිය පණ සුතන‘ඹුන්

 

                 සවි සිරි විකුම් පවති නො සිතවු

 

     නුවණැසිනි විමසා

 

                 බැලුව සීනෙන් ලත් ඉසුරු වැනි.

 

   

    84 දුකක් සැලසුණු සත

 

                 නොදැතියන් නම කියා ගැළවෙත්

 

     සපුන් සත ඩැහැ කල

 

                 ගුරුළිඳු අණින් විස බාන වැනි.

 

   

     85 දත් හී වත් හැකිළ

 

                 නෙත් කෙස් සුදු ව ගත රැළි වැටී

 

     එත් ලී එලීගෙන සිත්

 

                 කරුණ බව නො ම යෙ මිනිසුන්

 

 

 

    86 රූ සිරි යොවුන් ගුණ

 

                 නැණ සියල්ලෙන් නොඅඩු වී මුත්

 

     නො දතොත් සිල්ප සත

 

                 සුවඳ නැති කෑල මල් සම වේ.

 

   

    87 තමා තනි කරමින්

 

                 දෙ  දෙනෙක් සතුරු වැ වෙසෙත් නම්

 

     උවදෙසිනි කිසි යම්

 

                 ඉන් එකකු ගත සිතුව සෑදේ.

 

   

     88  දිය තුළෙහි  දී මුත්

 

                 ගොඩ පත් කිඹුලු දිය නො ලබත්

 

     එ මෙන් අරණවල

 

                 උන් රුපු නො නසත් තැන්පත්තෝ.

 

   

     89  ඔවා දෙනු පර හට

 

                 තමා සම්මතෙහි පිහිටා සිට

 

     දුසිරිත දනන් දෙන

 

                 ඔවා වැද්දන් කියන බණ වැනි.

 

   

     90 තම හට නොසිරි වන

 

                 සබා මැද ඉඳිනුව කර බා

 

     සඳ දැක කොඳ පුබුදු

 

                 වනු දැක පියුම් හැකිළෙන මෙන්.

 

 

     91 නො යවු සබ මැදයට

 

                 යම් සේ පැමිණියත් නො දෙනු බස්

 

     කියත මැදහත් වවු

 

                 අන්නෑ කියා නිරයෙ නො වැටෙවු.

 

   

     92 අවිදුන්ට කිසි යම්

 

                 සලසා පමණ කර ඉඳින සත්

 

     වළන් කරනා මැටි

 

                 තබා බඳුන් කරනෙවු වැල්ලෙන්

 

   

 

      93 සුදන සහ වීමට

 

                 වැඩිය යහපති සොරුන් ඉතකම්

 

     සොරු දන පැහැර යෙත්

 

                 සුදන මන තුට රැගෙන යනු වෙත්.

 

   

     94 තද රුදු ගුණැති හට

 

                 තද රුදු කෙනෙකි පිහිට වන්නේ

 

     සඳහ්ට වයිරි වී

 

                 සොරුනට අඳුරු පිහිට වනු මෙනි.

 

     

    95 සුර තුර බදුරු කළ

 

                 සිතුමිණ සුරබී දෙන සිරි දෙනු

 

     තෙ රුවන් වැඳ අදර

 

                 කළ සත හට සව් සිරින් මොක් වේ.

 

 

    96 සී ගජ රන් රුවන්

 

                 නා ලිය පසත් සත් දත්

 

     සත් යම් රටෙක යත්

 

                 අදර කෙරෙ සත් නොමඳ සතුටින්

 

   

     97 සිත නැති ගල් ගුහා

 

                 පවා තපසුන්ට පිහිට වේ

 

     දෙ ලොවෙහි වැඩ දැනන්

 

                 ලෙව් නො රකිත් ද , වියතුනි.

 

   

      98 මහ පින් දනෝ

 

                 උතුම් වෙත් ඉසුරෙන් සුරන්ටත්

 

     නර වෙසින් සක් පුර

 

                 රජ නොකෙළේ ද මන්දාතු රජ.

 

   

     99 ණය ගැන්ම ගම් බිම්

 

                 විකිණි මහතුන් වෙර ද අන් දොස්

 

     මේ දොස කළ සතන්

 

                 කුලය නස්නේ පසඩ සඳ මෙන්.

 

   

     100 තෙදැතියනට විරුදු

 

                 ගුණැතිය හැර නො යෙත් දුර

 

     නුබ මිණට ගනඳුරු

 

                 බිඳෙන සඳ වසන විලසින්.

 

 

     101 ඇති තෙක් ම කඩ තෙල්

 

                 අඳුරු දුර හැර පහන බැබළේ

 

     පින් ඇති තෙක් දනෝ

 

                 සව් සිරිනි පරසිදු ව බබළත්.

 

   

     102 උතුමෝ පවා ලොව

 

                 නිවැරදි සතන් නමුත් බඳවත්

 

     කළ වරදට අසුර

 

                 දිය රමු නො බැඳවී ද සමුදුර.

 

   

     103 හැම සැපයම ඇති තැන්

 

                 මුළු ලොව ම නැති නැණින් බැලුවත්

 

     කප් තුරු පවා ඇති

 

                 උතුරුකුරු දිව යකුන් බිය වේ.

 

   

     104  සව් සිප් දත් වියත්

 

                 පඬිවර වෙතට පැමිණි අවියන්

 

     පහන රිවි පහනේ

 

                 අබිමුවෙහි පහනෙව් නොබබළත්.

 

(  

     105 පින් පව් කළ සතන්

 

                 එක තැන දී ම බලා ගන්නේ

 

     යාන වාහනවල

 

                 හිඳිනවුන් සමහරෙක් උසුලත්

 

   

    106 නීතියෝ වැඩ බස්

 

                 කිවත් නො අසත් අසත් සුදනෝ

 

     නො අසත් ගැරඬි මතුර

 

                 අසත් උරගිඳු නරන් දප කළ.

 

   

    107 සබා බීරුක වූ

 

                 නැණැතිය උගත් නොමඳ සොඳ සිප්

 

      රුපු අබිමුවට පත්

 

                 දුබලයකු අත අනගි අවි වැනි.

 

   

     108 කිසි යම් කම් කරවු

 

                 නුවණින් බලා විමසා

 

     එකකට පටන් ගෙන

 

                 ඉඳ පසු තැවෙනුවෝ අවිදු වෙත්.

 

   

     109 නුපුළුවන් කිසි යම්

 

                 කර ලා ගෙන සැපෙන අවියත්

 

     තමා තම කරට ම

 

                 නැඟෙනුව  පයත්නය කරන වැනි.

 

   

      110 පිනින් පැමුණුණු දෙය

 

                 මඳ ය සිතා ඉසුරු පතනුවෝ

 

     උවදුරු ඇති ගඟේ

 

                 පීනුම් නො දැන පනිනවුන් වැනි.

 

 

 

     111 උස රුකට නො නැඟෙවු

 

                 තම බල විතරට ම වදන් දෙවු

 

     නුවණැතියන් වදන්

 

                 ගනිවු නො ගනිවු නොමිනිසුන් බස්.

 

   

    112 රැ දින දිවා මැද

 

                 තනි මඟ පරඟනන් සොරුන් පසු

 

     නො යවු , ගිය අවැඩක්

 

                 පැමිණේ ය දනු සතුනි සැක නැති.

 

   

     113 දුටත් රත් රන් ඇණ

 

                 රනැ යි නස්නා විනා නො දැනේ

 

     නිමල ව නෙත් ඇතත්

 

                 රුවන් නො පෙනේ දිනමිණෙන් මෙන්.

 

   

     114 දනවන් තැනට ලගු

 

                 වත් දීමෙනුත් ලබත් දන දන

 

     ලොවඳුරු හළ හිරුට

 

                 කරන පුදයෙහි පහන් ලන වැනි.

 

   

      115 තවසුන් ගුරුන් තම

 

                 දෙ ගුරුන් පඬිවරුන් සුරන් හට

 

     නො ම කොට බැති අදර

 

                 නින්දා කරනු හට නො වේ වැඩ.

 

 

 

 

    116 කුළු දෙස් ද කේළම්

 

                 බොරු උඩඟු බස් සතට නින්දා

 

     අනඟය මුසු කතා

 

                 කුරිරු බස් නො ම කියවු නැසෙතත්.

 

   

      117 නොමඳ අකුසල් කොට

 

                 අවිදු විදු වු සත කරන පින්

 

      දුගඳ වූ වළෙහි සිට

 

                 ඇඟ පිට සුවඳලෙව් කරන වැනි.

 

   

      118  නො කා නො දී ඉසුරු

 

                 තිබුවොත් පිනැති හට පැමිණේ

 

     ගොදුරෙහි රස යෙදූ

 

                 දසන් හැර දිව රස විඳින මෙන්.

 

   

     119  සව් ඉසුරු අඩු වැඩි

 

                 වේ ය ගුණ නැණැති උතුමන්ටත්

 

     සත අද නද කරන

 

                 සුපුන් සඳ අඩු වැඩි වන මෙන්.

 

   

      120 දහම් දන විදු සොඳ

 

                 අබය වත් බත් බුලත් කර පෙම්

 

     දෙත මෙ කී දන දන

 

                 දාන යැ යි ලෙව් කියති පඬුවෝ.

 

 

 

   121 රාජ විල් නෙත්තන්

 

                 කෙළන දන හා දූත අඟනන්

 

     සොරුන් රා සොඬුවන්

 

මොවුන් සෙවුවන් නැසෙනු නියත යි.

 

   

          122

 

                 නුවණැසෙකි සුවියන්

 

                             සත සමඟ වනු ඇසෙකි දන හට

 

                 නොනැසෙන මෙ ඇස් දෙක

 

                             නැති සත නොමඟ යනු කො ද වරද?

 

   

      123 දුදන සහ මිතුරු ව

 

                 ඉඳින නොදුනුම් විතරට

 

     ගුණ නැණැති සුදනන්

 

                 සමඟ සතුරු ව උනත් වැඩ වේ.

 

   

      124 නොමඳ පිරිවර යස

 

                 ඇතත් වළකන්ට බැරි වන දෙය

 

     තරු සෙන් පිරිවැරූ

 

                 සුපුන් සඳ රහු ගහණ නො කෙරෙ ද?

 

   

     125 අදමින් ලත් ඉසුරු

 

                 නො පවතී සොරුන් සෙවු දනය මෙන්

 

     දහමින් ලත් ඉසුරු

 

                 සැපත් සුරනිඳු ඉසුරු වැනි වේ.

 

 

 

 

 

    126 වැව් අමුණු පිරි දිය

 

                 පිටවාන හැර සුරැකි කළ මෙන්

 

     දනවත් නැණැතියෙනි

 

                 දන් දී දෙ ලෝ වැඩ සිදු කරවු.

 

(    

     127 ගුරු නිරිඳු මිතුරන්

 

                 ලිය ලිය මවු මෙ කීවන්

 

     තම මවු ලෙස සිතා

 

                 පවතිත් නැණැති සුදනෝ

 

(  

     128   නිදන හට දෙන දෙය

 

                 ම යි ලොවෙහි උතුම වියතුනි.

 

     ඉසුරුමත් හට දෙන

 

                 දෙය වපුරන වැනි කෙතෙහි බිජු.

 

(  

     129 තරසර ව වැට කළ

 

                 කෙතට සිවුපා නොවදිනා මෙන්

 

     පිරිසිදු ව පින් කළ

 

                 සතන් හට දුක් නො වේ කලෙකත්.

 

 

 

 

   130 දළ අත් තියා විසැති

 

                 සත දුදන ලිය රදුන් සිඳු ගං

 

     කෙළි නම් කා කිවත්

 

කෙරේ අපදා පමණ නො කරවු.

 

   

      131 ලොබ දොස් මො මද මත්

 

                 සත හට තපස්කම් කිසි නැති

 

     මෙ කී සිවු ගුණ නොමැති

 

                 සත හට ම තපස්කම් සැම ඇති.

 

(  

      132 බෝ දරු වදති දිවි

 

                 එක දරු වදන ගව වගා වෙත්

 

     සත් කැල නසනුවන්

 

                 කුල නැසෙත් සත් වග වගා වෙත්.

 

   

    133 සුරා පානය කළ

 

                 පවිටුන්ට දෙනු මුදු ඔවා බස්

 

     දිය තුළ වන් එකකු

 

                 පුලුස්සන වැනි ගිනි සුලක් ලා.

 

   

     134 සුරා සොඬකු නො වී

 

                 මිනිස් ගුණැති ව උන් විටෙක වත්

 

     අනිකකු සුරා බී

 

                 විඳින දුක් නුදුටුවො ද වරෙකත්.

 

   

     135 නො කා නො දී ඉසුරු

 

                 තබා දිවි රකින අය අවියත්

 

     කෙත රැකවලට බැඳි

 

                 මිනිස් රූ වැනි නැණින් බැලු කල.

 

 

 

    136 සැපයක් යමකු ගේ

 

                 හඬව හඬවා  ගතොත් බලයෙන්

 

     හඬව හඬවා ඔහු

 

                 ගනිතිසුරු පන්සිය පනස් වර.

 

   

    137 ලොවට ඉත නොවනා

 

                 දෙය කෙරෙති ඉසුරට පැමිණියෝ

 

     ලොවට උතුම් ගොවිඳු

 

                 පවා නය් යහන සැතපෙනුයේ

 

   

     138 නිසල නො ම වන සත

 

                 නොමඳ සව් නොයෙක් උගතත්

 

     සසල ගුණ නො හරිත්

 

                 දියෙහි පිළිඹිබු පෙනෙන සඳ මෙන්.

 

   

     139 මසුරු දනෝ දන්

 

                 දෙන්ට නො කියති ඇතත් යදිනට

 

     ගොළුවන්ට මුළු දිය

 

                 ඉසුරැතත් කතා නොකියන මෙන්.

 

   

     140 මසු බෝ වටී මුතු

 

                 සිපි නො ම වටී මුතු ලකක් වත්

 

     එ මෙන් ලුහු දන පුත්

 

                 පෙර දා කළ පිනෙන් බබළති.

 

    141 කම්මැළි හට සිල්ප

 

                 නො සිදු වේ එ බැවින් නිදන වේ

 

     නිදනට මිතුරු නැත්

 

                 එ හෙයින් සිතට සැප නැත්.

 

   

     142 කිරි සමුදුර ඉඳත්

 

                 උවිඳා නො බොනුව ගණන් නැති වත්

 

     මසුරු වු දනන් වෙත

 

                 උනත් දෙ ලොව ම ඇති වැඩෙක් නැති.

 

   143 සිවු පා සතුන් ගේ

 

                 උවදුරු දුරැර කෙත රකින මෙන්

 

     දස දමිනි පවතින

 

                 නිරිඳුන් වෙතින් සත දුක් නිවේ.

 

   

     144 බාල රිවි වැද ගිම

 

                 යම කුළෙන් අඳුරු දුරු වන මෙන්

 

     මැදහත් නිරිඳුන්ට

 

                 පැමිණි සතුරෝ බිදී දුරු වෙත්.

 

   

      145 දෙ ලෝ රකින නිරිඳෝ

 

                 සතට දුක් වන්ට ඉඩ නො හරිත්

 

     ලොව රකින මේ රදු

 

                 කලට වැසි වස්වන විලස්නෙන්.

 

 

   146 වන දවන ලිනි කඳ

 

                 සිහිල් නල වසඟ ව නිවෙනු මෙන්

 

     තද තෙදැති නිරිඳෝ

 

                 ගුණැති මැතිවර වදන පිහිටත්.

 

(  

    147 සීනෙන් ගැලවෙන්ට

 

                 නො පිළිවනි කො තැනක සැඟවුණත්

 

     එ මෙන් නිරිඳුන් හට

 

                 වරද කළවුන් වදින තැන් තැන්.

 

   

    148 තම හිමි හට දුකක්

 

                 පැමැණි විට නො හැර ගත හොත් දුක්

 

     මෙ ලොව යස සිරි වේ

 

                 පරලෙව්හි සුර සැපත් අත් වේ.

 

(  

     149 නිරිඳුන්ට දෙ ලො වැඩ

 

                 සිදු වෙ නුවණැති ඇමැතියන් ගෙන්

 

     මහ ඔසු පඬි නැණින්

 

                 රදුට වූ වැඩ අසවු දහමින්.

 

   

     150 මෙ බඳු බෝසත් ගුණ

 

                 යුත් කෙළෙහි ගුණ දත් රජුන් හා

 

     සතුරෝ මිතුරු වෙත්

 

                 ඔවුන් වග පිළිවෙලින් පවතිත්.

 

 

     151 නුවණැති මැතිවරන්

 

                 කීමෙහි යෙදෙනු රජුට නියම යි

 

     සිතැති කම් සිදු වේ

 

                 සත් කෙත් වැවේ කුළුණු වැස්සෙත්

 

     

    152 ලොව රකින නිරිඳුන්

 

                 කිපුණ පව් කළ දනෝ වැනසෙත්

 

     සත් කෙත් වඩන මේ

 

                 නොමඳ වැස්සෙන් නසන විලසින්

 

     

     153 පර හට නො දී දුක්

 

                 දුදනන් වෙතට නො ගොස් දැහැමින්

 

     දවස් පසු වේ නම්

 

                 මහත් ඉසුරෙකි වැඩි වියත් හට.

 

   

     154 පසිඳු පිරිසිදු කුලෙ

 

                 මුත් මැද දුදනෙකු පැමිණියොත්

 

     පිරිහී යේ සෙදින්

 

                 අමා විස දුන් නසින විලසින්.

 

   

      155 මහ පොළොවට වඩා

 

                 මහත් වත් නැති මේ මුළු ලොවෙහි

 

     ඊටත් මහත් වේ

 

                 තමා ඉසුරු ව වරද ඉවසුම්.

 

 

 

 

)   156 බබළන මය මෙරත්

 

                 කුල පව්වලින් තෙවුන විලසින්

 

     ලොවැති නිරිඳුන්ටත්

 

                 ඇමතිවරු ඇත හොතින් හොබනේ.

 

     

     157 දිවා රෑ බබළන

 

                 රිවි සඳු සෙ පෙනෙන දෙවියෝ නැති

 

     මෙ බඳු දෙවියන්ටත්

 

                 අතරතුර රාහු ගෙන් බිය වේ.

 

     

      158 පව් බැඳි සිත් නොමැති

 

                 දන හට යම් දොසක් පැමුණුණත්

 

     වණ නොමැති අත්ලෙහි

 

                 විස නොනැඟෙන මෙන් නො ම වේ දුක්

 

(      

     159 නල සිව තුළට වැද

 

                 සිසිල නල නො නැසි පවතින එව්

 

     සමත් නැණ මැතිවරු

 

                 රදුන් වෙත නිති වැදත් නො නැසෙත්.

 

(  

      160  නිරිඳුන් ගෙ සිත ඉඟි

 

                 නොදත් මැතිවර නොදත් ගිජිදෝ

 

     තෙ සක් සිවු‘පා යුත්

 

                 මැති ඇති රජුට සිතුව සෑදේ.

 

 

 

 

 

 

   161 නිරිඳුන් ඉදිරියෙහි

 

                 අකාරණ කන් කෙඳිරි නො කරවු

 

     රද අදහස් ලෙසට

 

                 වදන් දෙව් දෙවු සැබෑ වන මෙන්.

 

    162 ලොව නැව දනා බඩු

 

                 නැව් නා නිරිඳු මෙ ඇම සමඟින්

 

     වියත් මැති මාලිම්

 

                 උලත් සත් බෙලෙන් පවතිනුයේ.

 

 163 කිසි කාරිය නැතත්

 

                 රදුන් හා මැතිවරන් නිතියෙන්

 

     සෙව්නා දනන් ගේ

 

                 දනට රැකවරණයෙකි සුරකින.

 

(  164 රදුන් සෙව්නා දන

 

                 නො ළං නුදුරු ව ගිනි තපින මෙන්

 

     සිහි නුවණින් යෙදී

 

                 සප් රජකු මෙන් සිතා වැජඹෙවු.

 

   

 

     165 රජුන් උදහස් වුව

 

                 පෙරටුව උතුරු වදන් දෙන්නෝ

 

     ගිනි ළඟ ඉටි‘සිරෙන

 

                 ලෙසින් තම සිරින් පිරිහී යෙත්.

 

   

     166 රජුන් තිළිණෙන් මුත්

 

                 අන් සතකු ගෙන් නො යේ දුක් ගිම්

 

     වැසි වැස මිස ගිමන

 

                 යේ ද පිනි බටුවයි සතන් ගේ.

 

(    

    167 රදුන් ලොබැති දෙයට

 

                 ලොබය නො කරවු පණට සිතැතොත්

 

     ගොදුරු ලොබ පළඟැටි

 

                 වැටුපු මැද වැද නැසෙන ලෙස වේ.

 

     

     168 රදුන් බජනය කළ

 

                 කෙ දනවත් දනවත් ව බබළා

 

     රන් මෙර ඇසුරු කළ

 

                 හැම සතන් එම පෑය වන මෙන්.

 

 

     169 නිරිඳු කිපුණෙන තැනින්

 

                 පහ ව ගැලවෙති නැණැති සුදියෝ

 

     එන සැර පහර දැක

 

                 ඉවත පැන ගැලවුණො සමත් වෙත්.

 

     

 

     170 රදු අඳින බඳිනා

 

                 සැරහෙන බුදින ඉඳිනා

 

     රජ සිරිතිනෙකකුත්

 

                 නො කරවු සිතැත ඉඳිනා.

 

     171 රදුන් සිත තුළ කම්

 

                 නො දැන නොමඳ ව වදන් දෙන්නෝ

 

     නොහඳින සිවුසැටක්

 

                 බරණ ගා විල් කෙළනවුන් වැනි.

 

   

      172  තෙද විකුම් ගුණ නැණ

 

                 ඉසුරුමත් රජුට නැති සතුරෝ

 

     නුබ මිණ උදා විට

 

                 අඳුරු දිව අන් දිවට යන මෙනි.

 

   

     173 සැබෑ බස දෙවියන්

 

                 වෙත පවති, බොරු දනන් තුඩ වේ

 

     එ හෙයින් දනන් ගෙන්

 

                 නිබොරුසත ලොව සුරනයුරු වෙත්.

 

   

    174 නිවත් සත් වවුත්

 

                 සත් පුතකු ලද හොත් සුපින්වත්

 

     නොමඳ සව් සිරි වේ

 

                 සිතු මිණක් ලත් කලක් විලසින්

 

   

    175 බත් පැසෙන තෙක් මුත්

 

                 නොමඳ ගිනි කළ බතින් වැඩ නැති

 

     එ මෙන් දස්සන් කළ

 

                 වරද පමණට මුත් නො වවු තද.

 

    176 කුල නැණ ගුණ ඇතත්

 

                 නො තකත් ලොවෙහි තෙදැතියන් මෙන්

 

     සඳ මසැ වරෙක වැඳ

 

                 වඳිත් මසැ වරෙක වැඳ

 

     වඳිත් නිති රිවි පුදෙන් සැරසී.

 

   

     177 පව් කළවුන් ගෙ පණ

 

                 නො නැසී ඇවිදී බවක් පාසා

 

     පින් කළ සත ගෙ පණ

 

                 නිවේ මොක් දැක කපුරු පහනෙව්.

 

     

      178  පර පණ නසනු හට

 

                 පවෙහි තද බව නො දැනෙ මඳකුත්

 

     මළ කඳටැ‘විළ ගත්

 

                 ගින්න කඳ තද යැ යි නොදන්නෙව්.

 

   

     179 බෙර හඬ යොදනකට

 

                 ඇසේ සෙන හඬ දොළොස් යොදනට

 

     දන් දෙන තුමන් ගේ

 

                 දන හඬ ඇසේ සියල් ති ලොවට.

 

   

     180  සව් කුසුමෙහි සුවඳ

 

                 නල අනු ව මුත් නො යේ පෙරටු ව

 

     සත් ගුණ සිල් සුවඳ

 

                 දස දෙස ම පවතී නිරතුරින්.

   

    181 නුවණැති මැදහතුන්

 

                 නොපත් සබ මැදට පත් සුදනෝ

 

     අඳුරු ගෙය තුළ වැද

 

                 අනුන් තුබු බඩු සොයනුවෝ වෙත්.

 

   

     182  අමයුරු වදන් හැර

 

                 තද කුරිරු වදන් දෙන දුදනෝ

 

     විලිකුන් පල දමා

 

                 නිරස පල බුදින්නන් යුරු වෙත්.

 

     

     183 සුරා බොන දන හට

 

                 කො තෙක් කීවත් සුබස් නො අසත්

 

     මදැතුට සන් කළත්

 

                 තමා යන අතකට ම යන වැනි.

 

   

      184 රා බී නො අඟවා

 

                 සබා මැද ගොස් උනන් කරබා

 

     මුව විසිරී තෙමෙ ම

 

                 කතා කරවා සතට අඟවා.

 

   

     185  පර පණ නසා පණ

 

                 රකිනා පවිටු දිවින්

 

     ලොව්නා වැනි දිවින්

 

                 විසය අත වක වකා කා මී.

 

 

   186 සිරුර උසුලා නෙක

 

                 තැන ඇවිද පර පණ නසන ලෙස්

 

     උතුරු කුරු දිවයින

 

                 යකුන් නර වාහන කළා වැනි.

 

     

    187 සුරා  පුරා බිබී

 

                 පර ලෙව්හි විඳින නොමඳ දුක්

 

     තිබිය දී මෙ ලොව ම

 

                 විඳිති දුක් පෙර නිමිති පානෙව්.

 

(  

    188  උගතත් මුනි දහම්

 

                 පවිටුන්  ගෙ සිත් නො ඇලෙ මඳකුත්

 

     සිඳු මසු ලුණ‘ඹු බී

 

                 එහි ම වැස ගත ලුණු නොපත් මෙන්.

 

 

     189 විරිදුන් මුල් සිඳිනු

 

                 නිරිඳුට තබා බැරි සුරන්ටත්

 

     නුබ මිණ සතර දිව

 

                 දිවත් තම රුපු ගත නුහුණු මෙනි.

 

 

      190 සව් බරණින් සැදී

 

                 මැති සෙන් මැදෙහි උන් නිරිඳු ගේ

 

     බැබළීමටත් වැඩි

                        නිරිඳුන් ගෙ සෙන් සහ යුදට පත්

   

      191 සත් රැකුමට පිහිට

 

                 අහර ගිනි ලුණු ද සව් වත්

 

     මෙ හැමට පිහිට නම්

 

                 පිහිට මැදහත් රජුන් ගේ ම යි.

 

   

    192  බැබළෙන සෙ රිවි සඳ

 

                 අඳුරු බැබළීමෙක් දියත නැති

 

     ලොව රකින නිරිඳුන්

 

                 විලස සෙසු රජහු නො ම බබළත්.

 

(

     193  පින් මඳ හට ඉසුරු

 

                 දුනන් ගත් දුක් සිතා නිරිඳුන්

 

     තෙල් මල් පියල්ලෙන්

 

                 ගත් පහන නොපවතින ලෙස වේ.

 

(  

    194 නිරිඳුන් ගෙ මෙත් සිත්

 

                 සැබව යි සිතා උඩඟු වන්නේ

 

     තිමද ඇතු දළ අග

 

                 මුතු ගනුව අත දිගු කරන වැනි.

 

 

     195 නිරිඳො තම රට මුත්

 

                 අන් රටට දිවා සඳ වැන්නෝ

 

     පඬිවර අන් රටක

 

                 පැමිණියත් පුන් සඳ සෙ බබළා.

 

 

 

     196 සව් වත් දකින නෙත

 

                 තමා නො දකී කැට ලතින් මුත්

 

     නිරිඳුට නැණැති සත්

 

                 මැතිඳු දපණින් දැකුම සිදු වේ.

 

     

    197 නිසාපිය නිසා

 

                 නිසා ගනඳුරු දුරු ව යන මෙන්

 

     නිසා මැදහත් රදු

 

                 වෙතින් සත දුක් අඳුරු දුරු වේ.

 

 

     198 නිරිඳුට ඔවා දෙන

 

                 ගුණ නැණැති මැතිවරන් නැත හොත්

 

     අපමණ ඉසුරැතත්

 

                 වැතක් විරිදුන් අවැඩ පැමිණේ.

 

(

      199 නිරිඳුට දනවු ගම්

 

                 සවි සිරි ඇතත් නැතොත්

 

     තරු පිරිවර නොමැති

 

                 නිසපිය නිසා පෙනෙන වැනි වේ.

 

 

     200  නිරිඳුන් ගෙන් ඉසුරු

 

                 ලත් සත් නැසෙත් එම රදුන් ගෙන්

 

     දියෙන් ඉපදුණ ලුණු

 

                 දියට පත, දිය වන විලස්නෙන්.

 

 

   

     201 මැදහත් රජ ඉසුරු

 

                 වැඩි වැඩි සෙ ලොවටත් වැඩේ වැඩ

 

     සඳ වැලඳි සාවා

 

                 දිනෙන් දින කැටුව ම වැඩෙන මෙනි.

 

 

     202  පින් පව් කළ සතන්

 

                 දිවසින් දුටු සෙ දකිති නිරිඳෝ

 

     වැඩ අවැඩ මෙ දෙක ම

 

                 පමුණුවත් උන් උන්ට නිසැකින්.

 

   

     203 නිරිඳුට විරිදු වූ

 

                 දනන් හා දවසරින අවියත්

 

     මහුරට තමා වෙත

 

                 අත් සනින් කැඳවන විලස් වේ.

 

 

     204  බෝ කල් පුරුදු වූ

 

                 රදු යැ යි සිතා අලස නො සිතවූ

 

     කිරි දී ඇති කළත්

 

                 උරග ඇති විස නො වේ වෙනසක්.

 

(

     205 සිල්ප උපදෙස් බත්

 

                 අබය මෙ සතර දෙවූ උතුමො ද

 

     පියතම ගෙ සිය පිය

 

                 සමඟ සය දෙන ම පිය පිය වෙත්.

 

 

 

      206 අදහම් නො ලා සිත

 

                 දහම් නිති මෙනෙහි ලා සත රැක

 

     දවසරිනා දනෝ

 

                 දෙ ලොව සැප විඳ නිවන් පුර යෙත්.

 

     

     207  වැඩකට ගත නොහැකි

 

                 සතන් එක් කෙරෙති නම් කමකට

 

     වැඩකට නොගන්නා

 

                 අබිජිත් නකත එක් කරන මෙනි.

 

   

     208 තපසත් වයස කුල

 

                 ගුණ නැණ විකුම් දමින් වැඩුණත්

 

     මෙ ඇමට ම වැඩියෙන්

 

                 දනවත් දනෝ ලෙව්හි බබළත්.

 

   

     209 නික්මෙනෙ‘ක බිලෙකින්

 

                 පිපිලිකා නම් සතුන් ගණනට

 

     මුළු දදිව දනෝ

 

                 නො සරි වෙත් දිව ඇසින් බැලුවත්.

 

   

     210 කෙ තරම් තරමැතත්

 

                 දනෝ කිසි ඉල්ලු සඳ ලගු වෙත්

 

     උවිඳු මහ බලි ගෙන්

 

                 බිම් දන් ගනුව කුඩා වු මෙනි.

 

 

      211 එක යහපතක් කළ

 

                 සුදනො සියයක් වරද ඉවසත්

 

     දුදනෝ නොමඳ වැඩ

 

                 කළත් එක වරදෙක බිඳී යෙත්.

 

   

     212  ලුහු දන නො දනිතත්

 

                 සුදන දැන ගනිති සුදනන් ගුණ

 

     අකුරෙහි මැද තිබුණ

 

                 රුවන් දැන ලත් නැණැතියන් සේ.

 

   

    213 දුන් දේ මේ ලොව ම

 

                 ලැබේ වියතුනි නැඟී පෙරළා

 

      දුන් ලුණඹ වැස්සෙන්

 

                 ලොව රැක නැවත සිඳු වදින මෙන්.

 

   

    214 උතුමන් සෙවුම් කළ

 

                 සව් ඉසුරු නිති ලැබේ නොමඳ ව

 

     මෙර හැසිර ගිය සැම

 

                 සතුන් එම පැහැය වන විලසින්.

 

   

     215 තද රුදු ගුණැතියන්

 

                 සමඟ විසුවන් සුදන නො නැසෙත්

 

     කුරිරු ගිනි මැද පත්

 

                 පවන සිහිලස නොනස්නා මෙනි.

   

    216 තම හට වරද කළ

 

                 දුදනන්ට වෙර නොබැඳ කර මෙත්

 

     සිදු කරවු වැඩි වැඩ

 

                 ඔවුන් විළි බියට පැමිණෙන සේ.

 

(  

    217 කුසුම් හුණ නො පවතී

 

                 නොමඳ තද සුවඳ රිසි වන දන

 

     එ මෙන් දන සුසිරිත

 

                 නොමැත තුනු ගැරඬි කුණ වැනි වේ.

 

(  

     218පෙර පින් නො කොට දැන්

 

                 සැපතට හැපෙන දනෝ අවියත්

 

     නො වපුට බිජු කෙතේ

 

                 දින් මඩිනවුන් දැක තැවෙනුවෝ.

 

 

    219ලොව කළමනා දෙය

 

                 නො දැන කළ හොත් යමකු නොපනත්

 

     වැනසෙනු නියත ම යි

 

                 කැටක් අහසට දැමූ හෙන මෙන්.

 

 

     220 අවසෙසු දනෝ ලද

 

                 නොමඳ ඉසුරෙන් අමුත්තක් සේ

 

     දුඹුලු දිය දුට නැඟි

 

                 මසුන් වැනසෙන ලෙසට වැනසෙති.

 

 

 

 

 

      221 කළ අල්ප පිනෙනුත්

 

                 නොමඳ සුර නර සැපත් පැමිණේ

 

     නුග බිජුවටින් නැඟි

 

                 තුර විසල් සා මඬුලු වන මෙනි.

 

(

     222තිර සර ගුණැති සත

 

                 සව් සතට මැදහත් ව පවතී

 

     මහ මෙර සුර අසුර

 

                 දෙ ලොවට සම ව සැදී සිටිනෙව්.

 

(

    223සහසික පවිටු දන

 

                 මළ කල ගෙන යේ ය නිරයට

 

     පහන නිවි සඳෙහි ම

 

                 මුළු ගෙය අඳුරු වැසෙන විලසිනි.

 

(

    224 නො තළා කුසුම් රොන්

 

                 ගන්න අයුරින් බිඟුන් මීපා

 

        නො තළා ලෙව් සතන්

 

                 ගනුත් අය බදු දෙ ලේ වැඩ වේ.

 

(

    225 සුදනෝ ඇසිරුවන්

 

                 සතට දුක් විය නො දෙත් නැසෙතත්

 

         රාවණා තම මලුට

 

                 අළ කොත එ ලක්මණ දැරූ මෙනි.

 

 

 

      226 දුරු කරව දුදනන්

 

                 සුදන සමඟ ව කරවු ලෝ වැඩ

 

     අපමණ ඉසුරු තෙද

 

                 විකුම් නැණැතත් මැකේ මරණින්.

 

(

     227තෙදැති නිරිඳුන් දික්

 

                 විජය නොකළත් පවති අණසක

 

     ඉඳු සුරපුර ඉඳත්

 

                 එක සෙ දස දිගත තෙවුනා මෙනි.

 

(

    228 සරා කල පුන් සඳ

 

                 රැසින් බබළන ගුවන් තල මෙන්

 

     නිරිඳෝ මැතිවරුන්

 

                 මැදහත් කමින ලෙව්හි බබළත්.

 

(

     229 දිවි මුත් තද සතුරු

 

                 බිය පව් අසන නොමඳ නුගුණත්

 

     මෙ කී සිවු අවැඩ ම

 

                 පරඟනන් සෙවුන හට පැමිණේ.

 

(

     230 නූපයා සව් සිරි

 

                 දුගී ලුහු දන දන‘ඹු සොඬකම්

 

     අවියත් වැ පඬි බැව්

 

                 ලතන නැණ නැති දද දනන් වැනි.

   231 සක්විති රජ ඉසුරු

 

                 සරි කරන දෙව් ලොවෙක සිරි හා

 

     නහස්නා පහණට

 

                 සම කරන වැනි හිම වු කුළු හා !

 

(

    232 මෙ බඳු සුර පුරටත්

 

                 දඹ දිව ම වැඩි පින් කෙත්

 

     එ මතු නො ව මුනි විරු
            මෙහි ඉපිද බුදු ව මොක් දෙනුවෝ.

 

(

    233සුදනන්ට කළ වැඩ

 

                 පල නො දෙයි යන සැකය නො සිතවූ

 

     නෙරළු පැළයට ඇදි

 

                 දියට පල ගෙන දෙන විලස් වේ.

 

(

    234අග සිට මුලට උක්

 

                 කන වැන්න සුදනන් ගෙ ඉතකම්

 

     දුදනන් සමඟ වනු

 

                 එහි ම මුල සිට අගට බුදිනෙව්.

 

(

    235 නොයෙක් කටයුතුකම්

 

                 දන්නා ලෙසට ලොව නැණැති වී

 

     නොයෙක් උපමාවෙන්

 

                 සැදු නිරතුරු බලා ගැනුමට

 

 

     231 සක්විති රජ ඉසුරු

 

                 සරි කරන දෙව් ලොවෙක සිරි හා

 

     නහස්නා පහණට

 

                 සම කරන වැනි හිම වු කුළු හා !

 

(  

     232 මෙ බඳු සුර පුරටත්

 

                 දඹ දිව ම වැඩි පින් කෙත්

 

     එ මතු නො ව මුනි විරු
            මෙහි ඉපිද බුදු ව මොක් දෙනුවෝ.

 

(  

    233 සුදනන්ට කළ වැඩ

 

                 පල නො දෙයි යන සැකය නො සිතවූ

 

     නෙරළු පැළයට ඇදි

 

                 දියට පල ගෙන දෙන විලස් වේ.

 

(    

    234 අග සිට මුලට උක්

 

                 කන වැන්න සුදනන් ගෙ ඉතකම්

 

     දුදනන් සමඟ වනු

 

                 එහි ම මුල සිට අගට බුදිනෙව්.

 

(  

   235 නොයෙක් කටයුතුකම්

 

                 දන්නා ලෙසට ලොව නැණැති වී

 

     නොයෙක් උපමාවෙන්

 

                 සැදු නිරතුරු බලා ගැනුමට

 

 

 2    236අනුවණ දුරැර සැප

                 වැසස කර මෙ ලොවෙහි මොනවට

     සග මොක් සැප ලබා

                 ගන්න බල ලොකෝපකාරය.

(    

     237සිරි සර ගුණැති මහ

                  තෙදින් නුවණින් පරසිදු ව සිටි

      සිරින් පිරි තොටගමු

                  වෙහෙර වැඩ සිටි බොහෝ කල් හැර.

(

     238කෙළවර කෙළෙ මෙ පොත

                  පුර සත්‍ය සක වස පිරී සිටි        

      පරපුර වණිජ කුල

                  රණස්ගලු තෙර නමැති යතිඳා.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

3956 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.