දුටුගැමුණු රජුගේ මරණය

ලිපිය සැකසීම :

දුට්ඨගාමිණි අභය මහරජ තෙමේ අනුරාධපුරයෙහි සූවිසි වසක් රාජ්‍යය කරවී ය .(2)මෙසේ රාජ්‍යය කරවන ඔහුට දරුණු රෝගයක් හට ගත්තේය .එවිට සමීපයෙහි සිටිය වුන් අමතා මෙසේ කීය;(3) මා මහාවිහාරයට ගෙන ගොස් එය මැද වම්පසින් මහා සෑය ද පෙනෙන සේ හොවව්”(4) මිරිසවැටිය ඉදිරියෙහි හොත් රජතුමා දකුණැලයට හැරී උතුම් මහා සෑය දකී. (5) වම්පසට හැරී මනහර ප්‍රාසාදය දකී. ඇඳෙහි හිඳගෙන ඉදිරියෙහි තිබෙන රහතන්ට වාසස්ථාන වූ මිරිසවැටිය දකී.

 

( 6)ඒ කාලයෙහි ථෙරපුත්තාභය තෙරනම රුහුණේ අනුරාධවිහාරයෙහි වසයි .(7) දිවැසින් මේ කාරණය දුටු එහිමියෝ පොළොවෙහි ගිලී අවුත් රජුගේ හිස පැත්තෙන් මතුවී අස්නක හිඳ ගත්තේය. (8) එසේ හුන් තෙරනම රජු අස්වසමින් මෙසේ කීය:මහරජ ,බිය නොවුව මැනවි ;ඔබ විසින් බොහෝ පින් කරන ලදි.  (9)මේ මහා සෑය චන්ද්‍රයා සේ පිරිසිදුව , සක් ගෙඩියක් මෙන් සුදුව ,චන්ද්‍ර සූර්යයන් මෙන් බබළමින් මෙහි තිබේ. (10) මේ ප්‍රාසාදය හිමවතෙහි කෛලාශ පර්වතය මෙන් ද නන්දන වනයෙහි වෛජයන්ත ප්‍රාසාදය මෙන් මහමෙර මුදුන මෙන් ද බබළමින් සිටියේ ය. (11) ත්‍රිවිද්‍යා ෂඩභිඥාවන්  ද පඤ්චාභිඥාවන් ද ලැබූ රහතන්ට වාසස්ථාන වූ මේ මිරිසවැටි විහාරය ඔබ ඉදිරියේ පෙනේ.(12) භික්ෂූන් ලක්ෂයකට ද භික්ෂුණීන් අනූනව දහසකට ද ඉතා වටිනා  මෘදු ස්පර්ශ ඇති තුන් සිවුරු ඔබ විසින් දෙන ලදහ.(13) ඔබ විසින් රැස්කරන ලද මෙකි කුසල් ද නො කී බොහෝ වූ  කුසල් ද සතුටු සිතින් සිහි කළ මැනවි.

 

කොංගු ධාන්‍යය දුනි. මම ඒ කොංගු කොටා බතක් සම්පාදනය කළෙමි. (23) එවිට මා හඳුනාගත් මිනිස්සු සතර දෙනෙක් දී කිරි කළයක් ද මස් ද මට පඬුරු සඳහා  ගෙනාහ.(24) මම ඒ සියල්ල එක්කොට වර්ණ ගන්ධ රසයෙන් යුත් ආහාරයක් සම්පාදනය කොට (25) ඒ තෙර සතර නමගේ පාත්‍ර පුරවා සතුටු සිතැ‘තිව නමස්කාර කොට පිළිගැන්නුවෙමි.(26) මාගේ දානය රැගත් දේවතෙර නමත් දම්මගුත්ත තෙර නමත් අහසට නැග ගියහ.(27) ධම්මදින්න ව්‍යග්ඝ තෙර දෙනම ද දියෙ හි ගිලෙන්නා සේ පොළොවෙහි ගිලී ගියහ. (28) මේ දානය මට අද දුන් එකක් සේ පෙනේ.

 

(29)තව දානයක් මට විශේෂ දානයක් සේ පෙනේ තිස්ස කුමරු හා යුද්ධ කොට කීප වරක් පැරදි බටයන් විසින් ලුහුබදනා ලදුව (සංඝයා ) මැවූ පර්වතය වෙත පැමිණ මම වනයට පිවිසියෙමි. තිස්ස කුමරා එතැනින් නැවතුණි. (31)වන මැදට පැමිණ  මම සාපිපාසා දෙකින් පිඩිත වූයෙමි. යම් කිසි ආහාරයක් සෙව්වෙමි.(33) මාගේ කීම ඇසූ තිස්ස ඇමති තෙමේ “ස්වාමීනි මා අතේ බත් මුලක් ඇත. ආහාර අනුභව කළ මැනවැයි කීය.(34) “යෙහෙකි මිත්‍රය . ඒ ආහාරය සතර කොටසකට බෙදා එයින් එක් කොටසක් මා වෙත ගෙන එව”යි මම කීවෙමි.(35) එසේ ගෙනා විට එය අතට ගත් මම කදුළු පිරුණු ඇස් ඇතිව හඬමින් ශෝකයෙන් රත් වූ හෘදය ඇතිව මෙසේ සිතුවෙමි,“මම යම් කලක වැඩිවියට පැමිණියෙම් නම් ,එතැන් සිට මහසගනට නො දී කෑ බවක් නො දනිමි. (37)මාගේ අදහස දැන පුවඟු දිවයින වැසි, තෙර නමක් අහසින් අවුත් මා ඉදිරියෙහි සිටියේ ය. (38) සතුටු වූ මම එතුමාට වැඳ දෙකොටසක් එක් කොට සියතින් දෙනු කැමති වීමි. (39) තිස්ස ඇමතියා ද එය දැක ඔහුගේ කොටසත් එහි දැමීය. අශ්වයාත් හිස සෙලවූ බැවින් උගේ කොටසත් එහි බහාලිමි.(40) විචක්ෂණ වූ ඒ බුද්ධපුත්‍ර තෙමේ ඒ භික්ෂාව රැගෙන අහසට නැගි ආරාමයට පැමිණියේ ය. (41) එතුමා ඒ ආහාරය තෙළෙස් දහසක් භික්ෂූන්ට වැළඳ වී ය. නැවත පාත්‍රය පුරවා මා වෙත එවීය. (42) අප තිදෙන ඒ ආහාරය අනුභවකොට පාත්‍රය මනාකොට සෝදා හරවා යැවීමු.(43) මෙසේ මට කරදර ඇති කාලයක සිටිමින් සා පිපාසාවෙන් පෙළී ජිවිතයෙහි බලාපොරොත්තු නැතුව පෙර දන් දුනිමි.

 

(44) සමුහන්ට අග්‍ර වූ ශීලා දි නොයෙක් ගුණයන්ගෙන් හෙබි බෞද්ධ සංඝයා කෙරෙහි පැහැදුණු සිතැතිව මම දානා දී නොයෙක් පිංකම් කළෙමි. මා රැස් කළ ඒ ශ්‍රේෂ්ඨ පින් සියල්ල ඉක්මවා මාගේ ආහාර කොටස දුන් දානය ඉදිරියෙහි සිටිනු මට පෙනේ. ඒ දානය සිහි කරමින් මම රම්‍ය වූ තුසිත පුරයට යන්නෙමි. ඒ ලොව වසන අජිත දේව පුත්‍රයා අනාගතයෙහි බුදු වන්නේ ය.මෙසේ කියා ඒ රජ කෘමි සමූහයාට වාසස්ථාන වූ මේ ශරීරය හැර දමා උතුම් රථයකට නැග දෙව් ලොව ගියේ ය.

2102 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.