භාණ්ඩාගාරික තිස්ස ඇමතිගේ කථාව

ලිපිය සැකසීම :

(1)අතිත කාලයෙහි හෙළදිව රම්‍ය වු අනුරාධපුරයෙහි ධනයෙන් ආඪ්‍ය වු පවුලක් විය.(2) ඒ පවුලෙහි මහත් බලැති පුත්‍රයෝ සත් දෙනෙක් ද එක් දුවක් දැයිදරුවෝ අට දෙනෙක් වූහ.(3) දුක්භික්භයාදි භය තුනක් හටගත් කල් හි ඒ පවුලේ මවුපිය දෙදෙනද මිත්‍රයෝ අදුනන්නෝ ද පරලොව ගිය හ.(4)ගෝපනය කළ සිතැති ප්‍රියශිලි වු එක් තෙර නමක් නිතර ඒ පවුල වෙත අවුත් දන් වැල දී.(5) ඒ කුලය ඒ තෙරැන්ට බොහෝ කලක් සංග්‍රහ කළේය.කාල විපත්තිය නිසා රෝග දුර්භික්ෂා දි භය තුනක් හට ගත් විට සැට යොදුන් දිගැති මේ සිංහල ද්ළුිපය බොහෝ සේ පිඩිත විය. (7) රටේ මිනිසුන් වෙත තිබුණු ධාන්‍යය අවසන් වු විට ඔවුහු ආහාර සොයමින් කදු රටට ගියහ.(8) යටකී පවුලේ දරුවෝ අටදෙන ද සාගතයෙන් පීඩිත වූවාහු තෙරුන් පෙරටු කොටගෙන මහ වනයට පිවිසියහ.(9) එහි ගොස් ශාලාවක් සාදා තෙරුන්ගේ වාසයට දී තුමූ ගස්මුල්වල විසූහ. (10) වනයෙහි මුල් ගෙඩි ආදිය සොයා ගෙනවුත් පළමු කොට තෙරැන්ට දි පසුව ඔවුහු අනුභව කළහ.

 

(11) මෙසේ වසන ඔවුන්ට අවුරැදු දොලසක් ගත විය. ඔවුන්ගේ ආහාරය අල,ගෙඩි ආදියක් විය. දිරා ගිය වැරහැලි ඇඳ ගෙන උන්හ.(12) දික් වු නිය පොතු ද ලොම් ද ඇති ,කෙට්ටු වූ සුදුමැලි වූ සිරුරු ඇති ඔවුහු ප්‍රේතයන් මෙන් භයානකව පෙණුනාහ. (14) එක්තරා මිනිසෙක් එහි ගොස් ඇවිදිනේ ප්‍රේතයන් වැනි ඔවුන් දැක බියපත්ව තමාගේ වස්ත්‍රද බිම දමා දිව්වේය. (15)ඔවුහු ඒ වස්ත්‍රය ගෙන “කඩමාලු හැඳගත් නොවැසුණු ශරීර ඇති ස්ත්‍රිය නොහොබනේය”යි කියා සිය සොහොයුරියට දුන්හ.(16) ඇය එය හැදගෙන ගෙයි සිටින විට තෙරනම පිඬු පිණිස අවුත් ගෙය ඉදිරියෙහි සිටියේය.(17)තෙරුන් දුටු ඒ තරැණිය නැවත කඩමාලු හැදගෙන ඒ අලුත් වස්ත්‍රය තෙරුන්ට දුණි.(18)එය දි සොයුරන්ගේ තර්ජනයට බියෙන් ගෙයින් පිට වී ගොස් පදුරු අතරෙහි සැග වි සිටියාය.(19) තෙරනම ඒ වස්ත්‍රයෙන් සිවුරක් කොට එය හැදගෙන මෙසේ කල්පනා කළේය(20)“වනය මැද වසන දිළිදු මේ දැරිය අද සොහොයුරන්ටත් නොකියා දුස්කර දෙයක් කළාය.(21)පෘතග්ජන වු මා විසින් මේ වස්ත්‍රය පරිභෝග නොකළ යුතුය.“ආශවක්ෂයට නොපැමිණ මම මේ ආසනයෙන් නොනැගිටින්නෙමි”යි , (22) මෙසේ සිතූ ඒ තෙරනම තමාගේ හිලශුද්ධිය බලා පිරිසිදු සිල් ඇති බව දැක බවුන් වඩා රහත් විය.

 

(23) සක් දෙව් රජ මේ කාරණය දැක මනොඥවූ දිව්‍ය වස්ත්‍රයක් පසුම්බියක දමා ගෙන වුත් එය ඈ නිදන තැන හිස පැත්තේ තබා හැරී ගියේය. (25) නැගෙණිය නොදක්නා ඒ සොහොයුරෝ ඒ මේ අත ඇවිද පදුරු අතරේ සිටි ඇය සොයා ගත්හ. (26) එවිට ඔවුහු “නැගිණියයෙනි ,කුමකට භය වූවාද ?සැගවුනේ කුමකටදැයි ඇසූහ.(27) ඈ නිදාගත් තැනින් නැගිට සිදු වු සියල්ල සිය සොහොයුරන්ට විස්තර ලෙස කීය.(28)එයසා සතුටු සිතැති ඒ සියලු දෙන සාධු කාරදී එය කුමක්දැයි විමසා බැලුහ.එය ලිහා බැලූ ඔවුන්ට වස්ත්‍රයක් දක්නට ලැබී එය ඈ අතට දුන්හ.(30) එය ඈට ලැබුණු පසු ඒ වස්ත්‍රය ක්ෂය නොවන්නක් යයි ඕ දැන ගති. (31) එවිට සතුටට පත් සොහෝයුරෝ “එය කවුරුන් දෙන ලද්දක් ද ? මේ පසුම්බිය කොහෙන් ලැබුනා දැයි ඇගෙන් විමසුහ.(32) “තෙරුන්ට වස්ත්‍රය දී මම බිය පත්ව නිදා ගත්තෙමි;දැන් මම මෙය දකිමි.මාගේ කීම පිළිගත මැනවන”යි ඕ කීය . (33) “සොදුර ඒකාන්තයෙන්ම මෙය දෙවියන් විසින් දෙන ලද්දකි. මෙය තී දුන් දානයේ මෙලොව විපාකයකි. (34) ඔවුහු තෙරුන්ට තුන් සිවුරු පිණිස එයින් වස්ත්‍ර දී තුමූ ද ඒ කඩමාලු ඉවත දමා දිවය වස්ත්‍ර ඇද ගත්හී.(35) මෙසේ දිව්‍ය වස්ත්‍ර හැදගත් ඒ අටදෙන තෙරැන් ඉදිරිකොට කොට ගෙන නගරයෙහි වූ තමන්ගේ ගෙය කරා ආහ.

 

1655 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.