ආළාහන පිරිවෙන.

ලිපිය සැකසීම :

පොලොන්නරුව පෞරාණික භූමියට අයත් පිරිවෙන් සංකිර්ණයෙකි. දළ වශයෙන් හෙක්ටයාර් 8ක පමණ ප‍්‍රදේෂයක පැතිර ඇති මේ සංකිර්ණය ප‍්‍රධාන ස්මාරක ගණනාවකින් යුක්තය.

ලංකාතිලක පිළිමගෙය.
කිරි වෙහෙර.
බද්ධ සීමා ප‍්‍රසාදය.

මේ ස්මාරක අතර ප‍්‍රධානය මෙය මහා පරාක‍්‍රම බාහු රජුගේ නිර්මාණය යැයි පිළිගැනෙයි. එකිනෙකට වෙනස් උස් මට්ටම් වල විවිධ විහාරාංග ඉදිරිපත් කර ඇත.

ලංකාතිලක පිළිම ගෙය -

ආලාහන පිරිවෙන් සංකීර්ණයටම අයත් මෙය ක‍්‍රි.ව 12 වැනි ශතකයේ දී මහා පරාක‍්‍රම භාහු රජු විසින් කරවු යේ යැයි සැලකෙයි. ගඩොලින් කළ දැවැන්ත ගොඩනැඟිල්ලක් වන මෙහි දැනට කවන්ද බුද්ධ ප‍්‍රතිමාව හා තුන් පසෙකින් ඇති උස් බිත්ති පමනක් දක්නට ලැබෙයි. ගඩොලින්ම කළ බුද්ධ ප‍්‍රතිමාව අඩි 41 ක් පමණ උසය ඒ හිස කොටසට නොමැතිවය. 20 වන සියවස මුල දී ගනු ලැබු ඡුායාරූප අනුව පෙනෙන්නේ මෙහි හිස කොටස ඉතා මෑත කාලයේ දී බිඳ වැටී ඇති බවය .

මෙහි ප‍්‍රතිමා ගෘහය ලෙස හදුන්වන (දැනට උසස් බිත්ති සහිතව ඉතිරි වු කොටස දිගින් අඩි 26 කි . පළල අඩි 13.6 කි. (සෙනෙව්රත්න අනුරාධ 2004 පිට 189)සමස්ථ ගොඩනැඟිල්ල අඩි 170ක් දිගින් හා අඩි 66 ක් පළලින් යුක්තය. බිත්තිවල ඉතිරිව ඇති කොටස් අතරින් උසම තැන අඩි 58 ක් පමණ වුවද ගරා වැටෙන්නට පෙර සම්පුර්ණ අස අඩි 100 ක් පමන වන්නට ඇතැයි සැලකිය හැකිය. දාරුමය උඩු මහලක ලකුණු ඇති අතර ඊට ගොඩව්ම සදහා ඉදිකළ සෝපාන පන්තියේ නටබුන් හමු ව් ඇත. මෙහි බුද්ධ ප‍්‍රතිමාව සමභංග එකකි. පිටුපසින් පවා ගමන් කළ හැකි ආකාරයට සක්මන් මළුවක් ද ඉතිරි කොට ඇත. ප‍්‍රතිමාව සකසා ඇත්තේ පිළිමගෙයි ප‍්‍රධාන බිත්තියට අඩි 4 1/2ක් පමණ ඉදිරියට වන්නට තැනු බිත්තියට සම්බන්ධ වන කොට පිළිමය තනා තිබේ. විහාර ගෙයි ඇතුලත හා පිටත සිතුවම් ඇඳ තිබුණු බව පෙනෙයි. හංස සිංහ ආදි රූ කැටයමින් සෙසු තැන් සරසා ඇත. පිටත බිත්ති වල නිමවා ඇති විමාණ රූප මනරම්ය. ලංකාතිලක පිළිම ගෙයට වඩාත් අලංකාරයක් ගෙන දෙන්නේ එහි ඉදිරි පසින්ම ඇති බහු ආශි‍්‍රත කුලූනු දෙක මගිනි. ක‍්‍රමයෙන් කුඩා වී යන ආකාරයට බදෙහි තැන තැන බොරදම් තීරුද සමඟ ඇති මේ සුවිසල් කණු දෙකෙන් ප‍්‍රතිමා ගෘහයේ එක් කොරවක් ගලක ඇතුලූ පැත්තේ ශ‍්‍රිලා ලේඛනයක් ඇති අතර එහි සඳහන් වන්නේ ක‍්‍රි.ව 170 - 1272 කාලයේ බලයේ සිට 4 වන විජයභාහු රජු විසින් මේ වෙහෙර ප‍්‍රතිසංස්කරණය කරවු බවයි.

කිරිවෙහෙර -(පොළොන්නරුව)

ආලාහන පිරිවෙන් සංකීර්නයට අයත් මෙය පොලොන්නරු වේ ලංකාතිලක විහාරයේ නිමීාණ ශෛලියට ම උචිත පරිදි නිමීාණය කර ඇත. පරාක‍්‍රම බාහු රජු ගේ එක් මෙහෙසියකට වු සුභදාජින විසින් මෙය කරවන ලදැයි සැලකුනද ඇතමුන් කියන්නේ මෙය රජු විසින් කරවු රූපවති (ම. ව. 78 .54. 55) නම් චෛත්‍ය මෙය භවයි. පරනවිතාණ මහතා දැක් වූයේද මේ මතයමය.

පොළව හා බැදෙන සමීපතම ස්ථානයට අනුව කිරි වෙහෙර අඩි 88 ක් විෂ්කම්භය ඇති ථුපයකි. ගරා නොවැටී ඉතිරිව ඇති කොටසේ උස අඩි 80 ක් පමණ වෙයි. ගරා වැටි තිබුණු මේ චෛත්‍ය 1910 දී පදා මතුකර ගන්නා ලදුව විවිධ පර්යේෂන යන්ගේ අවධානයට පාත‍්‍ර විය. මෙහි වෙනස්කම් කිහිපයක් ඇත. පේසාව හා ගර්භය අනුරාධපුර මුල් යුගයේ චෛත්‍යයන්ට සමානය. සාමාන්‍යයෙන් පේසාවන් හෙවත් පියවසක් යනු ගර්භය ඉදිකිරීමට මත්තෙන් කරන නිර්මාණයකි. පාදම මත ඉදිකළ වේදිකාවක් මත පේසාව ඉදිකර ඒ මත ගර්භය ඉදි කිරීම සාමාන්‍ය සිරිතකි . එහෙත් ක‍්‍රි.ව 8-9 සියවස් වල දී මේ තත්වය වෙනස් වු අතර ගර්භය ඉදිකර පසුව ව් වටා පේසා හැඩ මතුකිරීමේ ක‍්‍රමයක් ඇති විය. මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් ජේතවන දාගැබේි කළ කැනිම් වලදී එහි තිබුයේ පාදම මත කළ පිඨපත් ඒ මත කළ තුන් මහල් පේසාවක් මත ගර්භයක් ඇති අයුරින් (කුලතුංග 2004 පිටුව 19)

එහෙත් අභයගිරියේ කළ කැණීම් වලට අනුව එහි තිබුයේ පිටතින් ඉදිකළ පේසා හැඩයක් පමන බව කුලතුංග මහතා පවසයි. අනුරාධපුර දක්ඛීන තුපයේ ද සාංචි ස්ථුපයේ ද ඇත්තේ එම තත්වය මය. අභයගිරිය අනුරපුර මුල් කාලයේ ඉදිකිරීමක් වුවද පසු කාලීන ප‍්‍රතිසංස් කරණ නිසා එම තත්වය ඇතිවන්නට ඇත. කෙසේ වුවද කිරි වෙහෙරේ ඇත්තේ සපුරාම වාගේ අනුරපුර මුල් යුගයේ ලක්‍ෂණයන් ය. ඊට අනුව එහි සේයාවක් පිටතින් කළ හැඩ මතුකිරීමෙන් නොව පදනම මත ඉදිකළ තෙමහල් පේසාවක්ම බව සිංහල විශ්ව කෝෂයේ සදහන් වෙයි.

8-9 සියවස් වල පමන ඉදිකළ ස්ථුපයන් හී බුබ්බුලාකාර ගර්භය තරමක් දිගටි හැඩයකට ආසන්නය එහි ඉහළ කොටස සමතල ස්වභාවයක් පෙන්වයි. රන් කොත් වෙහෙරේ ඇත්තෙද මේ නිවරදි වටකුරු ස්වභාවයයි. එහෙත් ඉන් කියවෙන්නේ කිරිවෙහෙර අනුරපුර යුගයට අයත් බව නොවෙයි. සත්‍ය ලෙසම එය අයත්වන්නේ පොළොන්නරු යුගයට ය. මහ පැරකුම් සමයටය. විශේෂත්වය වන්නේ මෙහි මහ පැරකුම්භාවන් ගේ සෙසු කායී්‍යගෝ ව් පවා දක්නට ලැබෙන දැවැන්ත නිරවමනා නිමාව දක්නට ලැබීමයි . වැරවු ආදිය නිර්මාණය කිරීමේ දී විහාර ඉදිකිර්ීමේ දී ද රජුගේ කාර්‍යය සඳහා ඔහු මූලාදර්ශ සපයා ගත්තේ සමීපතමයන්ගෙන් නොව මූලික නිර්මාණයන්ගෙනි. විහාරයක් ඉදිකළේ නම් එහි නඩත්තුවට අවැඩි කටයුතුද පිළියෙළ කලේය. වාවක් තැනි නම් ශෛලමය හා උසස් නිමාවෙන් යුතු සොරොවුවද නිසි ජල සැපයුම් හා අපවහනයද සහිතව සිදුකලේය. වියදම් අදික වුවද නියම ක‍්‍රමවේද අනුව එඒ කාය්‍යීයන් සිදුකිරීම රජුගේ සිරිත වූ වග ඉතිහාසය දන්නේද දනිති.

කිරිවෙහෙරද අනුරපුර මුල් යුගයේ නිර්මාණයන්ට සමව නිමවන්නට ඇත්තේ එ් අනුව වියහැක.කිරිවෙහෙරේ තවත් විශේෂත්වයක් තිබේ. ඒ දේවතා කොටුවේය. කොත් කැරුල්ලේ පහලම කොටසේ ව්ෂ්කම්භය හා සලකා කළ දේවතා කොටුව තරමක් සිහින් ස්වභාවයකින් යුක්තය. මේ තත්වය අවබෝධ කොට ගත හැක්කේ රුවන් වැලි සෑය අද චෛත්‍යය හා සසදා බැලිමෙනි. දේවතා කොටුව අඩි 9.6 ක විෂ්කම්බයකින් යුක්තය. (සෙනෙව් රත්න අනුරාධ 2004 පිටුව 194) දේවතා කොටුව සුරක්‍ෂිතව ඇතත් නිදන් සොරුගෙන් විනාශාකාරී ක‍්‍රියා හේතුවෙන් ඒවාට තිබු දේවතා රූප සියල්ලම පාහේ විනිශ වී ගොසිනි. (ඉහත මුලාශ‍්‍රයම) 1910 දී ථූපයේ කැනීම් වලදී ස්ථුපයට අයත්ව තිබුණු වාහල්කඩ සතරක් යැයි අනුමාන කළ හැකි ඉදිකිරීම් ෂතරක නටබුන් ද පාදා ගන්නා ලදී අනුරපුර යුගයේ වාහල්කඩ ශෛලමය ඉදිකිරීමක් වුවද පොලොන්නරු යුගයේ එය ඉදි කෙරුනේ ගඩොලිනි. ගඩොලින් ඉදි කිරීම සමිප‍්‍රධායක් හෝ ශිල්ප ගුරුකුලයක අභිමතයක් විය හැකි යැයි පොළොන්නරු වේ තිවංක පිළිම ගෙය ලංකාතිලකය අද ඉදිකිරිම් විමසුමෙන් පෙනි යයි.

ඇතමුන් කියන්නේ මේ යුගයේ තිබු දේශපාලන අස්ථාවර භාවය ගඩොල් ගොඩනැඟිලි බහුල වීමට බලපෑ බවය. එහෙත් එ් තර්කය සපුරාම පිළිගැනීම දුෂ්කරය. අනුරාධපුරයේද අවස්ථා ගණනාවක දීම මතු වූ නමුත් බොහෝමයක් ඉදිකිරීම් සදහා යොදාගෙන ඇත්තේ පාෂාණය. සැබවින්ම සිදුවන්නට ඇත්තේ අනුරපුරයේ ශ‍්‍රි සමෘද්ධිමත් වාතාවරණය අත්විඳ ජනතාවකට මේ නව අගනගරය කේන්දාකරගත් ප‍්‍රදේශයේ ද ඉක්මනින් අනුරපුරයට සම නගරයක් බවට පත් කිරීමේ අවශ්‍යතාවය නිසා ඉක්මන් නිර්මාණ සදහා යෝග්‍ය මාධ්‍යය තෝරා ගැනීම විය හැකිය.

කිරි වෙහෙරින් සොයාගත් වාහල් කඩ වලට සම ඉදිකිරීමි දෙපස කුඩා ඉදිකිරීම් දෙපස කුඩා ඉදිකිරිම් 2 බැගින් වූ අතර එ්වා මලසුන් ගෙවල් යැයි අනුමාන කළ හැකිය. අනුරාධපුර යුගයේ නොතිබු අංගයකි.

කිරිවෙහෙරේ පරිමාණ පිළිබඳ තොරතුරු-

පලේ වට ප‍්‍රමාණය අඩි 264ක් පමණ මුල් චෛත්‍යයේ ගර්භයේ වට ප‍්‍රමාණයයෙන් මේ වන විට ක්‍ෂය වී ගිය කොටස අඩි 9 ක් පමණ චෛත්‍යය පතුලේ ව්ෂ්කම්භය අඩි 88 ක් ගර්භයේ විෂ්කම්භය අඩි 70 යි. හතරුස් කොටුව එක් පැත්තක දිග අඩි 24 . 14 කි . හතරුස් කොටුවේ උස අඩි 12 කි.

බද්ධ සීමා ප‍්‍රාසාදය-

ආලාහන පිරිවෙන් සංකිර්ණයට අයත් භූමියේ ඉහලට මාල කයක පිහිටා ඇත. සීමා ප‍්‍රාසාදයක් නොහොත් උපෝසතා ගාරයක් වන මෙවැනි ගොඩනැඟිලි යොදා ඇත්තේ භික්‍ෂු විනය කර්ම ආදිය සිදුකිරීමටය. මහා වංශයේ මෙය විස්තර කෙරෙන්නේ දොලොස් මහල් ඉද්ි කිරිමක් වශයෙනි. එහෙත් සෑබෑ ලෙසම එම ගොඩනැඟිල්ල ඉදි කළ භූමියේ මාලක ස්වභාවයද මහල් වශයෙන් ගෙන ගණනය කළා වියහැකිය.

ප‍්‍රාසාදයේ සීමා ශිලාමය ස්ථම්භ යන්ගෙන් සලකුණු කොට ඇත. මුල දී ශිලාස්ථම්භ 108ක් තිබී ඇතැයි ගණනය කොට ඇත. ප‍්‍රාසාදයේ දිග හා පළල අඩි 113 ක් හා අඩි 106 ක් වෙයි. මධ්‍යයේ ඇති විශාල විවෘත ශාලාව අඩි 60×57.6 ප‍්‍රමාණයේ වෙයි. ප‍්‍රවේශයේ අඩි 7.6ක් පුළුල් මධ්‍ය ශාලාව වටා විවිධ ප‍්‍රමාණයක් කුටි 11 කි. රතු පැහැය ආලේප කළ බිත්ති කපරාරු කොටස් අදත් දැක ගත හැකිය.

රන්කොත් වෙහෙර -

පොළොන්නරු යුගයේ ඉදි වූ විශාලතම ස්ථුපය වශයෙන් සැලකෙන මෙය දැනට මීටර් 55 ක් පමණ උසකින් යුක්තය. දාගැබේ ස්වභාවයේ අනුව එහි මුල් උස අඩි 200 ක් පමණ වන්නට ඇත. නිශ්ශංක මල්ල රජුගේ ගල් පොත ශිලා ලේඛනයට අනුව මෙය රජගෙට උතුරින් තිබ් ඇත. (රජගෙට උතුරු දිග අසු අත් රුවන් වැලි දාගැබ් වහන්සේ කරවා) මේ ලිපියේ රුවන් වැලි දාගැබ යනුවෙන් හදුන්වා ඇත්තේ රන් කොත් වෙහෙරයි. රන් කොත් වෙහෙර මේ රජුගේ සමයේ ඉදිකළේම යැයි කියන්නට සාධකය නම් දාගැබ ආසන්නයේ අසුන් ගෙන දෙමළ මහා සෑයේ ද රන් කොත් වෙහෙරේ ද ඉදිකිරීම් නැරබු බව එහි සදහන් වෙයි.

පෙළ බසින් රත්නාවලී චෛත්‍ය ලෙස හදුන්වන මෙය රන් කොත් වෙහෙර යැයි හදුන්වන්නේ එහි රනින් කොතක් පැළ ද වු බව මහා වංශයේ සදහන් වන නිසා විය යුතුය . (ක‍්‍රි. ව 80 :18) දාගැබ පිහිට් වේදිකාවේ ප‍්‍රාකාරය ගඩොලින් හා බදාමයෙන් කරවා ඇත. බැම්මේ ඉහළ කොටස කැටයම්න් සරසා ඇත. ථුපය ආශි‍්‍රතව ප‍්‍රතිමා ගෘහයක් ද වෙයි. නිශ්ශංක මල්ල රජු මේ දාගැබේ තැම්පත් කළ ධාතු නමස්කාර කළ බව අසන්න මැදුරක ගල් ටැඔක ලිපියක සදහන් ය. කෙසේ වුවද මේ ථුපයේ නාමය අනුරාධපුර යුගයේ මහා ථුපය ඇසුරින් නිම කළ හැඩය අතරින් එය පොලොන්නරු ලක්‍ෂණ ප‍්‍රකට කරයි. විශේෂයෙන් ම ගැබෙහි ඉහළ කොටසේ ඇති පැතලි ස්වභාවය ඊට නිදසුනකි. මෙහි ඇති අනෙක් විශේෂත්වය දැකගත හැක්කේ ෂතරුස් කොටුවෙනි. සාමාන්‍යයෙන් දාගැබෙහි ෂතරුස් කොටුවේ සුර්ය චන්දා මණ්ඩල නැගෙනහිර හා බටහිර දිශාහි මුඛය කැටයම් කළ ද මෙහි එ් වෙනුවට අටපෙති මලක් (නෙළුම් මලක්) නිමවා ඇත. රන් කොත් වෙහෙර නිශ්ශංක මල්ල රජු විසින් කර වූ යේ යැයි ශිලා ලේඛන ආදියෙන් හෙළිවුවද සාහිත්‍ය මුලාශ‍්‍රාදියේ ඇති තොරතුරු අනුව මෙය පැරකුම්භාවන් ව්සින් ඇරඔු ථුපයක් බව ත් නිශ්ශංක මල්ල රජු එහි කටයුතු නි්මකළ බවත් ඇතැම් ඉතිහාසඥයෝ විශ්වාස කරති.

3606 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.