බෞද්ධ ස්තූපයේ ප‍්‍රභවය දාගැබ

ලිපිය සැකසීම :

7

 

දාගැබ යනු ස්මාරක විශේෂයකි.පාළියෙහි ථුප යනුවෙන් ද හැදින්වෙන මෙය චෛත්‍යය, චේතිය, වෙහෙර, සෑය, සෑ ආදී විවිධ නම් වලින් හැදින්වේ. මෙහි අතීතය පිළිබඳව යම් තොරතුරු ප‍්‍රමාණයක් ඇතත් ආරම්භය පිලිබඳ පැහැදිලි අදහසක් ඉදිරිපත් කිරීම අපහසුය. මෙහි ඇරඹුම ඉතා ඈත අතීතයට දිවයන බව පමණක් කිව හැකිය. දීඝ නිකායට අයත් මහා පරිනිබ්බාණ සුත‍්‍රයේ ද ස්තූප පිළිබඳ සටහනක් වේ. එහි එන පරිදි බුදු, පසේබුඳු, මහරහත්, සක්විති යන සිවු ගණය මියගිය පසු ඔවුන්ගේ සිරුරු කොටස් තැම්පත් කොට ස්තූප ගොඩ නංවා වන්දනා කිරීම උචිත යැයි බුදු රජහු දේශනා කළහ. කෙසේ වුව ද මෙහි හැඩය පිළිබ`ද පැහැදිලි අවබෝධයක් මේ ප‍්‍රකාශයෙන් ලබා ගත නොහැක. චේතිය යනු වෙන් වෘක්ෂයන් පවා හදුන්වා ඇතැයි ඉඟි කෙරෙන සටහන් පැරණි සාහිත්‍ය කෘති වල සදහන් වීමෙන් තත්ත්වය තවත් වියවුල් වේ. (දාගැබ් පුරාණය. පු. වි. දෙ. 1993. පිටුව 1)ථුපවංශය ඇරඹෙන්නේ නියත විවරණ කථා හා සම්බන්ධ ස්තූප පෙලක් පිළිබඳ වර්ණනාවකිනි. ථුපවංශය කුරුණැගල යුගයේ ලියැවුණු කෘතියක් වුව ද මේ කෘතියේ අන්තර්ගතයට පාදක වු කෘති හෝ මුඛ පරම්පරා ගත කතා තිබෙන්නට ඇත. ස්ථුපය පිළිබඳ මේ ආකාරයට පැරණි කෘති ගණනාවක විවිධ සටහන් ඇත. ථුපාරාමය ගොඩනංවන අවස්ථාව වන විට ලාංකිකයන්ට ස්තූප ඉදිකිරීම පිළිබඳ ගැඹුරු දැනුමක් තිබු බව නොපෙනුන ද සියවසක පමණ කාලයක් වන විට ස්තූප නිර්මාණය පිළිබඳ සුවිසල් ඉංජිනේරු දැනීමක් ඔවුන් සතුව තිබු බව රුවන්වැලි ස්තූපය ඉදිකිරිමෙන් ම පෙනීයයි. පිරමීඩය ඉදිකිරීමට පාදක වු මස්ටාබාව සේ ම මළ සිරුරක් වළ දමා ඒ මත ගොඩගැසු පස් කන්ද ඒ පස් කන්ද යට නිදිගත් පුද්ගලයාට අනුව වෙනස් වී පසුකාලීනව චෛත්‍ය නිමවන්නට ඇතැ’යි සිතිය හැකිය. එහෙත් චෛත්‍යයක් යනු පුද්ගලයෙකු වළ දැමු තැනක් නොවේ. මියගිය පුද්ගලයෙකුගේ බෂ්ම හෝ ශරීරාවශේෂ රැගෙන විත් තැම්පත් කොට සැකසු නිර්මාණයකි. එහෙත් ඊට චේතිය හෙවත් චෛත්‍යය යන නම දුන්නේ ප‍්‍රභූ හෝ පුජ්‍යපක්‍ෂ වාසය සදහා වු ගොඩනැගිලි වලට චේතිය යනුවෙන් නාමය දී තිබු නිසා විය යුතුය. බුදුන්වහන්සේ ධරමාණ සමයේ විසු ගෝතමක නම් ප‍්‍රභූ වරයාගේ වාසස්ථානය ද චේතිය යනුවෙන් හ`දුන්වා ඇති බව සංයුක්ත නිකාය අනුව පෙනෙයි. පුජාවට ගෞරවයට උචිත පුද්ගලයන් වාසය කරන හෝ පදිංචිව සිටින ස්ථාන චේතිය යනුවෙන් හ`දුන්වා ඇත යන්න ඉන් නිගමනය කල හැකි නමුත් එම වදනේ ප‍්‍රභවය පිළිබ`ද නිගමනයක් ලබා දිය නොහැක. එහෙත් ථුප යන වදන ටැඹ යන්නෙන් හෝ ඊට සම තුඹ තඹ වැනි වදන් වලින් බිහිවන්නට ඇතැ’යි අනුමාණ කළ හැකිය. වෛදික සමයේ යාගස්ථානයේ තිබු ටැඹ පුජා වස්තුවකි. චෛත්‍යයට ම වෙහෙර යන වදන ද යෙදෙයි. වෙහෙර නම් විහාරය හෙවත් යම් පුද්ගල යෙකු වසන තැනකි. ථුපයේ බුදුරදුන් ජීවමානව වැඩ ඉන්නේ යැයි සලකා ඊට වෙහෙර යනුවෙන් ද නාමයක් ලබා දී ඇත. කිරිවෙහෙර, රන්කොත් වෙහෙර, කොට වෙහෙර ඈ නම් සමඟ සසඳන්න.

8

 

කි‍්‍ර. පු 250 - 210 අතර කාලයේ ලක් රජය කළ දෙවනපෑතිස් රජු කරවු ථුපාරාමයේ දැනට ලංකාවෙන් සොයාගෙන ඇති පැරණි ම ථූපය සේ පිළිගැනේ. එහෙත් සාහිත්‍යයික කරුණු අනුව මහියංගන ථූපයත් ගිරිගඬු වෙහෙරත් ඉදිකර ඇත්තේ බුදුරදුන් ජීවමාන යුගයේ දී මය. එහෙත් පුරා විද්‍යත්මකව ඒ බැවු සනාථ වී නොතිබීම නිසා ථුපාරාමය ලංකාවේ පළමු දාගැබ සේ තවමත් පිළිගැනේ. ථූපාරාමය මුල් වරට ගොඩනැගුණේ ධාන්‍යාකාර හැඩයැ’යි ඒ පිළිබඳ ඇති මූලාශ‍්‍ර පරීක්ෂාවෙන් පෙනී යයි(ථූපවංසය, ඩබ්. ඇස්. කරුණාතිලක සංස්කරණය. පි. 105). ධාන්‍යාකාර හැඩය ද ඇතුළත්ව චෛත්‍ය හැඩ ගණනාවක් වෙයි.

 

1 ධාන්‍ය රාශි හෙවත් ධාන්‍යාකාර හැඩය.(පාසල් විෂය නිර්දේශයට අදාළය)

 

2 බුබ්බුලාකාර හෙවත් බුද්බුදාකාර හැඩය. (පාසල් විෂය නිර්දේශයට අදාළය)

 

3 පද්මාකාර හැඩය. (පාසල් විෂය නිර්දේශයට අදාළය)

 

4 ඝන්ටාකාර හැඩය. (පාසල් විෂය නිර්දේශයට අදාළය)

 

5 ආමලාකාර හැඩය. (පාසල් විෂය නිර්දේශයට අදාළය)

 

6 පලාණ්ඩවාකාර හැඩය.

 

7 අණ්ඩාකාර හැඩය.

 

8 චතුරස‍්‍රාකාර හැඩය.

 

9 අෂ්ටාස‍්‍රාකාර හැඩය.

 

10 සිලින්ඩරාකාර හැඩය.

 

1  ධාන්‍යාකාර මෙය වී ගොඩක ස්වභාවයෙන් යුක්තය. වංසත්ථප්පකාසිනිසේ මේ වග සදහන් වේ. (වික‍්‍රමගමගේ චන්දා, 2009, පිටුව 39) මේ ක‍්‍රමය මහින්ද හිමියන් විසින් ලංකාවට හඳුන්වා දෙන ලදී. දැනට ලංකාවේ ඇති ප‍්‍රකට ම ධාන්‍යාකාර දාගැබ කැළණි ථුපයයි. ඊට අමතරව ඔට්ටප්පුව, කැබැල්ලෑලෙන, පණික්කන්කුළම යන ස්ථාන වල ද මේ හැඩයේ දාගැබ් ඇත.

 

2  බුබ්බුලාකාර පැරණි ලංකාවේ තරමක් ප‍්‍රකට හැඩයක් විය. මහාථුපකරණය පිණිස දුටුගැමුණු මහ රජුන් ගඩොලූ වඩුවන් සම්මුඛ පරික්‍ෂණයකට ලක් කර තෝරා ගත් වඩුවා වෙතින් සෑයේ හැඩය විමසීය. ඔහු දිය පාත‍්‍රයක් ගෙන්වා ගෙන එය අතින් කලතා නැ`ගි දිය බුබුලක් පෙන්වා ඒ හැඩ යැයි කීයේලූ

 

”කිංසණඨානං චෙතියං තං කරිසසසි තුවං’ඉති- පුචඡුිතං,තං ඛණං යෙව විසසකමෙමා තමා විසි”

 

සොවණණපාතිං තොයසස පුරාපෙත්‍වාච වඩඪකී පාණි නා වාරිමාදාය වාරි පිටඨියමාහිනී:

 

ඵලිකාගොලසදිසං මහා බුබ්බුළ මුටඨහි- ආහී’දිසං කරිසසනති, තුසසිත්‍වනසස භූපති. (ම. ව 30 :11-13) ඊට අනුව දුට්ඨගාමිණි රජු මහා ථූපය කරවුයේ බුබ්බුලාකාර හැඩයටය. බුබ්බුලාකාර හැඩයේ ස්තූප වර්ග දෙකක් අධ්‍යයනය කළ හැකිය. අනුරාධපුර යුගයේ බුබ්බුලාකාර හැඩය නිවරදි අර්ධ ගෝලාකාර ලෙස ඇතත් පොළොන්නරු සමයේ දී එහි ඉහළ කොටස තරමක් පැතැලි හැඩයකට ආසන්නය. කිරිවෙහෙර හා රන්කොත් වෙහෙර ඊට උදාහරණ වේ. කෙසේ වුව ද මේ චෛත්‍යයෙන් ද බුබ්බුලාකාර හැඩැති චෛත්‍යයන් සේ සැලකෙයි.

 

3 පද්මාකාර හැඩය ධාතු ගර්භය පද්මයක හැඩයෙන් යුත් දාගැබ් පද්මාකාර දාගැබ් වශයෙන් හඳුන්වයි. පද්මාකාර දාගැබ් විරලය. දැදිගම කොට වෙහෙර කැණිමේ දී මේ හැඩයේ කුඩා ථුපයක් ධාතුගර්භයේ හමුවීයැ’යි චාල්ස් ගොඩකුඹුර මහතා කියයි. (කුලතුංග ටී. ජී. 2004 පිටුව 26 ) පරණවිතාන මහතා කියන්නේ පොළොන්නරුවේ දෙමළ මහාසෑය හා යුධගනා ස්තූපය මේ හැඩයෙන් යුක්තව තිබී ඇති බවයි.

 

4  ඝණ්ටාකාර හැඩය මෑත කාලීන ශී‍්‍ර ලංකාවේ වැඩියෙන්ම ජනප‍්‍රිය වු හැඩය මෙයයි. එහෙත් මේ හැඩයේ දර්ශනීය ම නිර්මාණය ඇත්තේ සියම් හා බුරුම රටවල යැ’යි සිතමි. උස් කොතක් සහිතව මනරම් බඳකින් යුතු චෛත්‍යයන් සියම් බුරුම දෙ රටේ දී දැකගත හැක. ලංකාවේ මෑත කාලීන චෛත්‍යය බොහෝමයක් ම පාහේ මේ හැඩයට තනන්නේ ද සියම් හා බුරුම ආභාසය නිසා විය යුතු යැ’යි පරණවිතාන මහතා සිතයි. 8-9 සියවස් වලට අයත්ව හමුවන විශේෂ හැඩයේ ස්ථුප නටබුන් මේ වර්ගයේ ස්තූප වල නටබුන් වියහැකි යැ’යි ද පරණ විතාන මහතා කල්පනා කරයි. රෝලන්ඞ් සිල්වා මහතා කියන්නේ මහියංගන ස්තූපය මේ හැඩයට උදාහරණයක් බවයි.

 

5 ඝටාකාරඝටය නම් කළය යි. කළයක හැඩහුරුකම් ඇති ස්තූප මේ නමින් හැදින්වේ. මහාචාර්ය චන්‍දා වික‍්‍රමගමගේ මහතා කියන්නේ මේ හැඩය වඩාත් ප‍්‍රචලිත වන්නට ඇත්තේ මුලසර්වාස්තිවාදින් අතර බවයි. ඔවුන් ස්තූප ගර්භය කුම්භ යනුවෙන් හදුන්වා තිබීම එසේ සිතිමට පොළඹවන බව එතුමාගේ අදහසයි. (වික‍්‍රමගමගේ, චන්‍දා, 2009 පිට 42) කෙසේ වුව ද මෙය සුලභ හැඩයක් නොවේ. තිබ්බතයේ අතිශය ජනප‍්‍රිය හැඩයක් වුව ද ලංකාවේ එතරම් ජනප‍්‍රිය භාවයට පැමිණියේ නැත. රෝලන්ඞ් සිල්වා මහතා කියන්නේ කතරගම කිරිවෙහෙර, මින්විල්ලූ අසල සෝමාවති චෛත්‍යය, සිතුල්පව්ව හා මගුල් මහවිහාරයේ ස්තූප ද මුලින් මේ හැඩයෙන් යුතු වු බවයි. දකුණු පලාතේ නිකවෑකන්ද ස්ථානයෙන් මේ හැඩයේ ධාතු කරඬුවක් හමුවීමෙන් පෙනෙන්නේ ලංකාවේ යම් තරමක් හෝ දුරට මේ ස්ථුප හැඩය භාවිතා කල බවයි.

 

6 ආමලාකාර චෛත්‍යය-ආමලක හෙවත් ආමලකී යනුවෙන් හැඳින්වෙන්නේ නෙල්ලි ගෙඩියයි. නෙල්ලි ගෙඩියේ හැඩය චෛත්‍යයකට ආදේශ කොට ගත්තේ ඇයි ද යන්න අපැහැදිලිය. කුඩා වුව ද බොහෝ ගුණ ඇති සුවිශේෂි ඵලයක් නිසා ද, නැතහොත් වෙනත් විශ්වාසයක් නිසා ද යන්න සොයා බැලිය යුතුය. කෙසේ වුව ද මේ හැඩයේ චෛත්‍යයන් ලංකාවේ දක්නට නොලැබේ. නමුත් රෝලන්ඞ් සිල්වා මහතා කියන්නේ දැදිගම කොට වෙහෙරින් මේ හැඩයේ ධතු කරඬුවක් සොයා ගැනීමට හැකි වු බවයි. 2 වැනි අග්ගබෝධි රජු විසින් ජත‍්‍ර කරවා පුද සත්කාරයට බ`දුන්කළ, එහෙත් දැනට හඳුනාගෙන නොමැති ආමලක චේතිය මේ හැඩයෙන් යුක්තවිණනිදැ’යි සොයා බැලීම වටී. ලංකාවේ නැතත් ඉන්දියාවේ මේ හැඩයට සම චෛත්‍ය ඇති වග මහාචාර්ය චන්‍දා වික‍්‍රමගමගේ මහතා කියයි.

 

7 පලාණ්ඩවාකාර හැඩය ලූණු ගෙඩියක හැඩය ගත් ස්ථුපයකි. විරලය. නැදිගම්පල ස්ථුපය මේ හැඩයෙන් යුක්ත වී යැයි රෝලන්ඞ් සිල්වා මහතා කියයි.

 

8 අණ්ඩාකාර අණ්ඩ නම් බිත්තරයයි. මේ හැඩයේ ථුප ද විරල නමුත් ප‍්‍රකට තම ථූපයක් ද ඇත්තේය. ඒ මිරිස වැටියයි. රුවන්වැලිසෑයෙන් මේ හැඩයේ ධාතු කර`ඩුවක් ද සොයා ගෙන ඇත. දිව්‍යාවදානයේ ද ස්ථුපයේ ගර්භය අණ්ඩය ලෙස හදුන්වා ඇත.

 

9 චතුරස‍්‍රාකාර මහායානික ආභාසය ඇතිව නිර්මාණය වු ස්තූප අතරින් එක් වර්ගයකි. මහසෙන් රජු විසින් කරවුයේ යැයි සැලකෙන නඛා වෙහෙර මේ වර්ගයට නිදසුනකි. එහෙත් හොඳම නිදසුන වන්නේ පොලොන්නරු සමයේ දී මහා පරාක‍්‍රමභාහු රජු විසින් කරවුයේ යැයි සැලකෙන සත්මහල් ප‍්‍රාසාදයයි. එක මත එක පිහිටන්නා වු ද එකිනෙකට කුඩා වෙමින් නැගෙන්නා වු ද චතුරස‍්‍රාකාර මහල් මගින් මේ ථූප විශේෂය ගොඩනැගේ. අභයගිරි විහාරයේ ද මේ වග_යේ ස්තූප දෙකක් වෙයි. රත්නප‍්‍රසාදයට නිරිත දෙසින් එකක් ද අභයගිරියේ අංක 01 දරණ ආරාමයට අයත් ස්තූපය ලෙස අනෙක ද පිහිටා ඇත. මුල් ථූපය දුටුගැමුණු ථූපය යැයි ඇතමෙකු විසින් හැ`දින්වුව ද එය සදොස්ය. (වික‍්‍රමගමගේ, චන්ද්‍රා., 2009, පිට 44) මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මේ පිළිබ`ද සැලකියයුතු විස්තරයක් ‘ලංකාවේ ස්තූපය’ කෘතියේ දක්වා ඇත. සත්මහල් ප‍්‍රාසාදය ඝන ගොඩනැගිල්ලක් හෙවත් ඇතුළත කුහර රහිත ගොඩනැගිල්ලක් වන නිසා නිසැක වශයෙන්ම මෙය ස්තූපයකැ’යි යන මතයේ එතුමා ද සිටියි. (පරණවිතාණ, සෙනරත්,. 2009, පිටුව 88) එකොළොස්වන සියවස මුල සියම් දේශයේ පාලකයා වු දිත්තරාජ නම් රජු විසින් ගොඩනැංවුයේ යැයි සැලකෙන මහෆොන් නම් ගොඩනැගිල්ල මේ හා සම යැයි දක්වන එතුමා සිය කෘතියේ එම ථුපයේ ද පොළොන්නරු සත්මහල් ප‍්‍රාසාදයේ ද ඡුායාරූප දෙකක් එක ම ආසන්නයේ පළ කර ඇත. සත්මහල් ප‍්‍රාසාදයේ පහත මාලයේ පැත්තක දිග අඩි 39 කි . වත්මන් උස අඩි 53 කි. ඉහළ කොටස කැඩි ගොස් ඇති නිසා උපරිභාගයේ හැඩය නිශ්චය කිරීම දුෂ්කරය. එක් එක් මහල්වල ආරුක්කු හැඩයේ ව්‍යාජ කවුළු නිමවා ඇති අතර ඒවායේ දේව රූප වැනි දේ තිබෙන්නට ඇතැයි නෂ්ටාවශේෂ අනුව නිගමනය කළ හැක. චතුරස‍්‍රාකාර හැඩැති චෛත්‍යය සඳහා උදාහරණ චීනයේ ද ඇත. පැගෝඩා නමින් හැදින්වෙන මේවා ලංකාවේ සත්මහල් ප‍්‍රාසාදයෙන් වෙනස් වන්නේ අභ්‍යයන්තරය කුටීර සහිත වන නිසාය. ලොංග්හර්ස්ට් මහතා කියන්නේ මේ ථූප හැඩය ජෛනයින් අතර ද තිබු බවයි. උදාහරණයක් ලෙස 11 වන සියවසට අයත් දකුණු ඉන්දීය ජෛන ථූපයක් ද ගෙනහැරපායි.

 

10 අෂ්ටාඝාකාර අටපට්ටම් හැඩයේ චෛත්‍යය විශේෂයකි. ලංකාවෙන් පැහැදිලි සාධක නැතත් සිදුකර ඇති පර්යේෂණ අනුව අනුරාධපුර පාචීනතිස්සපබ්බත විහාරයේ මේ ආකාර ථුපයක නටබුන් සොයාගෙන ඇත. එහෙත් නිශ්චිත නැත. එහි අට දිශාවේ අෂ්ටමංගල සංකේත සටහන් ද තිබු බව සිතිය හැක. ඉන්දියාවේ කළ පර්යේෂණ අනුව ලඩාක් හි ථූපය ද මේ වර්ගයට අයත් යැයි යාන් පියෙපර් මහතා කියයි. (වික‍්‍රමගමගේ, චන්‍දාා,. 2009, පිටුව 45)

 

11 සිලින්ඩලාකාර සුලභ නොවන හැඩයකි. කුසිනාරාවේ පරිනිර්වාණ චෛත්‍යය මේ හැඩය හෝ ඊට ආසන්න හැඩයක් ගනී .

 

ස්ථුපයක කොටස්

 

පාදම/අත්තිවාරම

9

 

ස්ථූපයක අත්තිවාරම හෙවත් පාදම නැතහොත් පදනම කොතරම් ශක්තිමත් ව ඉදිකළේ ද යන්න මහාථූපය ඉදිකිරීමට සම්බන්ධව ථූපවංශයේ විස්තරයෙන් ම පෙනෙයි. (ථූපවංශයේ ඩබ්. ඇස්. කරුණාතිලක සංස්කරණය. 1997 පිටුව 150) එහි එන සියලූ විස්තර ඒ අයුරින් ම පිළිගත නොහැකි නමුත් දළ අදහසක් සඳහා එය වටනේය. ඊට සම තොරතුරු මහාවංශයේ ද එයි. (29 පරිචේදයේ) මෙය පුරාවිද්‍යාත්මකව සනාථ වී නැතත් ජේතවන ථූපයේ පාදම අඩි 26 ක් ගැඹුරට ඇති බව කැනීම් වලදී අනාවරණය වී ඇත. (පරණවිතාණ, සෙනරත්,. 2009, පිටුව 12) අත්තිවාරම් සැකසීමේ දී ඉතා සියුම් මැටි වගු භාවිතා කර ජලයෙන් වන හානි අවමකර ගැනීමට කටයුතු කර ඇතිවග පෙනෙයි.

 

පේසාව හෙවත් පියවසාව

10

 

භාරතීය ග‍්‍රන්ථවල මේධිය වශයෙන් ද දක්වා ඇති මෙය සිංහල මුලාශ‍්‍රය වල ‘මල්පියවසා’ (ධමමප‍්‍රදිපිකාව ) ලෙස ද පාලි මුලග‍්‍රන්ථවල ‘පුප්ඵදාන’ ලෙස ද (මහාවංසය) දැක්වේ. තවත් තැනක වේදිකා, ත‍්‍රිමාල, මාල, වේදිකාභූමි, වැනි නම් වලින් ද හ`දුන්වා ඇත. මුල් කාලයේ මෙය මල් පිදීමට යොදාගත් බව ඇතැම් මුලාශ‍්‍රය අනුව පෙනෙයි. (කුලතුංග, ටී. ජී. 2004, 17 පිට) එක් භික්‍ෂුන්වහන්සේ නමක් රුවන්වැලිසෑයේ බටහිර පියගැටපෙළින් නැග කුච්ජිවේදි බිමේ මල් පුදා පසුව පහළට බැස දෙවැන්නට ද අනතුරුව පාමුල පිඨිකාවට ද මල් පිදු බවත් සම්මෝහවිනෝදනීය උපුටා දක්වමින් මහාචාර්ය ටී. ජි. කුලතුංග මහතා කියයි. (ඉහත මුලාශ‍්‍රය ම) කෙසේ වුව ද පේසාව මල් පිදීමේ අවශ්‍යතාවයට ම ඉදිකළ අංගයක් නොවේ. සාංචි වැනි ථූප වල පියගැටපේළි යොදා පේසාව මතට නැගී ප‍්‍රදක්‍ෂිණා කිරීමට අවකාශ සලසා තිබුණ ද බොහෝ ථූප වලට මේ පියගැට පේලි එක්කර ඇත්තේ පසුකාලීනව බව පුරාවිද්‍යාත්මක පර්යේෂණ අනුව පෙනී ගොස් ඇත. පේසාව ඉදිකිරීමේ මුලික පරමාර්ථය ධාතු ගර්භයට නිසි ගෞරවය සැපයීම යැයි සිතිය හැකිය. වෙනත් ලෙසකින් සිතුවහොත් පේසාව නොමැතිවිටෙක ස්ථුපය නොනිමි ඉදිකිරීමකට සමාන වේ. කෙසේ වුව ද පේසාව ඉදිකිරීමේ දී විවිධ ථූප වල විවිධ ක‍්‍රම භාවිත වී ඇති අයුරු පෙනේ. ඇතැමක පාදම මත පේසාවන් ත‍්‍රිත්වය වේදිකාවන් සේ ඉදිකර ඒමත ගැබ ඉදි කර ථූපය නිමවා ඇත. මහා ථූපය ඒ ආකාර වේ යැයි මහාවංශයේ විස්තරය අනුව සිතිය හැක. ජේතවනය ද එසේ යැයි පුරාවිද්‍යාත්මකව සනාථ වී ඇත. (කුලතුංග, ටී. ජී. 2009, පිටුව 19) එහෙත් අභයගිරියේ තත්ත්වය වෙනස්ය. එහි දී පළමුව අත්තිවාරම මත ගැබ ඉදිකර පසුව ඒ වටා පේසා හැඩ මතු කර ඇත. සාමාන්‍යයෙන් චෛත්‍යයක පේසාවන් ත‍්‍රිත්වයකි. නමුත් සාංචි ථුපයේ ද කතරගම කිරිවෙහෙරේ ද ඇත්තේ එක් පේසාව බැගිනි. මේවා ඉදිකරන්නේ චෛත්‍යයෙන් පිටතට මදක් බෑවුම් වන සේය. ඒ ජලය පහසුවෙන් බැස යා හැකි ලෙසිනි. සාංචියේ පේසාව ප‍්‍රදක්‍ෂිණා පථයක් සේ ද යොදාගෙන ඇත. ඒ වටා වේදියක් හෙවත් වැටක් ඉදිකර ප‍්‍රදක්‍ෂිණාවේ යෙදෙන්නන්ට පහසුවක් කර ඇත. ආරක්‍ෂාව සපයා ඇත. ලංකාවේ ද රුවන්වැලි සෑයේ ඉහළ පේසාවේ මෙබලදු වැටක් තිබී ඇති බව සෙනරත් පරණවිතාණ මහතාගේ මතයයි. ජේ. ජී. ස්මිදර් මහතා උපුටා දක්වමින් සෙනරත් පරණවිතාණ මහතා කියන්නේ මහා ථූපයේ මුදුන් පේසාවේ තිබු ඇත්හිස් වල වැටක කණු දරා සිටීමට මෙන් සකස්කළ ඇලි ද ඇති බවයි. එහෙත් වර්ථමානය වන විට මේ ඇත්හිස් පවා දක්නට නොලැබ්. ඇත්හිස් අනුසාරයෙන් නිමකළ මේ වැට හෙවත් වේදිය හත්ථිවේදිය නම් වේ. භාතිය අභය රජු රුවන්වැලි සෑයේ ගරාදි වැට දෙකක් කරවු බව මහාවංශයේ දැක්වේ. ( 34:39)රුවන්වැලිසෑයේ ඉහළ පේසාවේ ඇත් හිස් 133 ක් අඩි 6 1/2 ක සම පරතර සහිතව තිබු බව ස්මිදර් මහතා වාර්තා කර ඇත. අභයගිරියේ ද මෙලෙස ඇත් හිස් පෙළක් තිබු අතර ඒවා 2 ක් අතර මීටර් 3 ක පමණ පරතරයක් තිබී ඇත. මේ ඇත් හිස් වැට හත්ථිවේදිය නමින් හදුන්වා ඇත. එහෙත් හත්ථිවේදිය හා කුව්ජිවේදිය එක විට යෙදුනේ ද යන්න අපැහැදිලිය.

 

ගර්භය

ස්තූපයක ධාතුන් වහන්සේලා තැම්පත් කරන්නේ ගර්භයේ ය. ථුපයේ හැඩය (බුබ්බුලාකාර ඝන්ඨාකාර ආදී) තීරණය කරන්නේ ද ගර්භයේ ස්වභාවය අනුවය මෙය පැරණි පොත් වල ‘අණ්ඩ’ (දිව්‍යාවදානය) යනුවෙන් ද ඇතැම් තැනක ‘උදර’ යනුවෙන් ද හ`දුන්වා ඇත. ඝට, කුම්භ, කුච්ජි, ථුප, චේති ආදී නම් වලින් ද මෙය හ`දුන්වා ඇත. (වික‍්‍රමගමගේ, චන්‍දා., 2009, පිටුව 52) විනයක්‍ෂුුද්‍රකවස්තුව ‘ඝට’ යනුවෙන් ද චෛත්‍යය විභාගවිනයෝද්භාව සුත‍්‍රයේ කුම්භ යනුවෙන් ද හැදින්වෙන මෙය වංසත්ථප්පකාසිනියේ ‘කුච්ඡ යනුවෙන් හ`දුන්වා ඇත. ථුප හා චේති යන වදන් දෙකෙන් ‘ගොඩ’ යන අරුත දෙයි. එහි හැඩය අනුව විය හැක. තුඹස ද ථුප යනුවෙන් හැදින්වෙන්නේ යැයි වැලිවිටියේ සෝරත හිමියෝ සදහන් කරති. (සුමංගල ශබ්ද කෝෂය) ධාතු ගර්භය පිහිටියේ ගැබ අභ්‍යයන්තරයේය. ධාතු ගර්භයක් පිළිබ`ද විචිත‍්‍ර එහෙත් වර්ණනාත්මක භාවයට බර එනම් අතිශයෝක්තිය මුහුවුණු විස්තරයක් ථුපවංශයේ ද මහාවංශයේ ද එන්නේය.

 

සතරැස් කොටුව

මෙහි අරුත ‘කුඩා මණ්ඩපය’ යන්න යැයි ශ‍්‍රිමත් ජෝන් මාෂල් මහතා අනුව යමින් පරණවිතාන මහතා කියයි.(25 සිට ලංකාවේ ස්තූපය)මෙය හර්මිකා, චතුරස්සචය, මුද්ධවේදි,දෝණ වැනි නම්වලින් ද හැදින්වේ. මුල්කාලීනව මෙය සතරැුස්ව සකස් කළ වැටකි. සාංචි ථුපයේ මෙය අදත් දක්නට ලැබෙන අතර අභයගිරි ථුපයේ ඒ වැට සංකේත ස්වරූපයෙන් දැක්වීම පිණිස සතරැස් කොටුවේ ගරාදි වැටක හැඩ මතුකොට තිබේ. ‘චතුරස්සචය’ යන්නෙන් චෛත්‍යයක ඇති සතරැුස් කොටස යන අරුත ගම්‍ය වනබව සිතිය හැක.

 

විදහාපිය තං සබබං රාඡුා ථුපං සමාපයි

 

චතුරසසවයං චෙත්‍ථ චෙතියමහි සමාපයි

 

යනුවෙන් මහාවංසයේ දැක්වෙයි. ඵහි චතුරසසචයං යන්නෙන් සතරැස් කොටුව යන්න අර්ථවත් වෙයි. සිවු කොන් සෑය යනුවෙන් හැ`දින්වෙන්නේ ද මෙයමය. 13 වන සියවසට අයත් සාහිත්‍ය කෘති වල මෙය සිවුරැස් කොටුව යනුවෙන් දක්වා ඇත.

 

...මෙසේ ඒ දුටුගැමුණු මහ රජ ඒ සියලූ ධාතුන් වහන්සේ නිධාන කරවා දාගැබ බඳවන්නේ බුබ්බුලාකාරය හා සිවුරැස් කොටුව බඳවා නිමවිය... (සිංහල ථුපවංසය ඩබ් ඇස්. කරුණාතිලක සංස් 190පිට. 1997 මුද්‍රණය) සංස්කෘත බසින් චතුස්කොෂ්ඨ යනුවෙන් හැ`දින්වෙන්නේ ද මෙයයි.

 

මුද්ධවේදි හෙවත් මුදුන්වැට යන අරුත දෙන නාමය හතරැස් කොටුවට ලැබුණේ මුල් කාලීනව හතරැුස්කොටුව වෙනුවට තිබූ ගරාදි වැට නිසාවෙනි. ඇතැම් චෛත්‍යය වල අදටත් ගරාදි වැටේ සංකේතය සහිත හතරැුස් කොටුව දැකිය හැක. සාංචි ස්ථූපයේ අදටත් මෙම මුද්ධවේදිය දැකිය හැකිය. ථුපවංශයේ මෙය සිවුරැස් කොටුව ලෙස හඳුන්වා ඇත. (ඩබ්. ඇස්. කරුණාතිලක සංස්කරණය 1997 මුදාණය 190 පිට) ධාතුවංශයේ මෙය බිසෝකොටුව ලෙස හ`දුන්වා ඇත. (කුලතුංග, ටී. ජී. 204 පිටුව 38) විනය ක්‍ෂුද්‍රක වස්තුවේ මෙය ද්‍රෝණි යන නමින් හලදන්වා ඇත.

 

ගැමි ව්‍යවහාරයේ දී ඉරහඳ කොටුව ලෙස ද හැඳින්වෙන්නේ මෙයයි. ඊට හේතුව සතරැස් කොටුවේ ඉර-හඳ රූප සිත්තම් කර තිබීමයි. සද්ධාතිස්ස කුමරු විසින් මරණාසන්නව සිටි දුටුගැමුණු රජතුමාට පෙනෙන සේ මහාථුපයේ සතරැස් කොටුව වස්ත‍්‍රයෙන් කරවා එහි ඉරහඳ රූ සිත්තම් කරවු බව මහාවංශයේ සදහන් වේ.

 

ඡුත්තකාරෙහි කාරෙසි - ඡුත්තං වෙ`ථමයං තථා

 

ඛරපත්තමයෙ චන්දසුරියෙ - මු ද්ධවේදියං (ම.ව. 32.05)

 

ඉරහ`ද සිත්තම් කිරීමේ දී නැගෙනහිරට හිරු ද බටහිරට ස`දු ද යොදා ඇත.

 

දේවතා කොටුව

 

සුරකෝෂ්ඨ, දේවකෝෂය යනාදී නම් වලින් හැ`දින්වෙන මෙය මුල් කාලීන ඡුත‍්‍ර දණ්ඩ වෙනුවට එක්වන්නට ඇතැ’යි සිතිය හැක. මෙය යූපය වසා එක් වූ නිර්මාණයක් ලෙස මහාචාර්‍යය චන්ද්‍රා වික‍්‍රමගමගේ මහතා සිය කෘතියක දැක්වුව ද (2009. 57 පිට) එය පිළිගැනීම දුෂ්කර වන්නේ ථුපය යනු චෛත්‍යය හතරැස් කොටුවේ මධ්‍යයෙන් ඉහළට එසවුණු නිර්මාණයක් නොවන බැවිනි. ඒ නිසා පැහැදිලිව ම මෙය ඡුත‍්‍ර දණ්ඩ ආවරණය කළ නිර්මාණයක් විය යුතුය. එහෙත් එය ථුපය සංකේතවත් කරමින් නැගුණු බව පළිගැනීමට සිදුවේ. ඒ ථුපයේ අටපට්ටම් හැඩය පිළිබඳ සංකේත දේවතා කොටුවේ ද ඇති නිසාය. යූපයේ අට පැත්තෙන් අටදිග්පාලක රූ සංකේතවත් කරන බව සිතා බෞද්ධස්ථූපයේ දේවතා කොටුවේ ද අට පැත්තේ අටදිග්පාලක රූ දක්වා තිබේ. (ඉන්දා, අග්නි, යම, නිර්සෘති, වරුණ, වායු, සෝම, ඊශාන) අභයගිරියේ දේවතා කොටුවේ පහළ කොටස බහිරව රූප වලින් සරසා වෙනම ම කොටසක් සේ දක්වා ඇති නිසා ඇතැමුන් ඒ කොටස බාහිරව කොටුව ලෙෂ ද ඉහළ කොටස දේවතා කොටුව ලෙෂ ද නම් කළ ද මහාචාර්‍ය ටී. ජී. කුලතුංග මහතා කියන්නේ එය දේවතා කොටුවේ ම කොටසක් බවයි. (2009. 41 පිට) මෙහි දේවතා කොටුවේ නමස්කාර මුද්‍රාවෙන් සිටගෙන හිදිනා දේවරූප වල නෂ්ටාවශේෂ වෙයි. ධෝතියක් හා උස කිරීටයක් සහිතව ද ගෙළ මාළ අත් වළලූ සහිතව ද ඇති මේ රූප අටදිග්පාලක දේව රූප ලෙස සැලකිය හැක. (වික‍්‍රමගමගේ, චන්ද්‍රා 2009 පිටුව 55) රුවන්වැලි චෛත්‍යය මලූවේ ඇති ආදර්ශ ස්ථුපයේ ද දේවතා කොටුවේ දේව රූප දක්නා ලැබේ.

 

කොත් කැරැල්ල/ඡත‍්‍රාවලිය

පූර්ව කාලීන ස්ථුප වල තිබු ඡුත‍්‍ර හෝ ඡත‍්‍රාවලිය වෙනුවට ආදේශ වුයේ කොත් කැරැල්ලයි. කොත් කැරැල්ල ඡුත‍්‍රයෙන් පරිණාමය වූවක් බව පැහැදිලි වන්නේ එහි ඇති තිරස් ඇලි නිසාය. චෛත්‍යයක ධාතු ගර්භයට ලැබිය යුතු ගෞරවය ලබා දීම ඡුත‍්‍ර එක් කිරීමේ අරමුණයි. සර්වඥයන් වහන්සේ (බුදුන් වහන්සේ) ගේ හිසට ඉහළින් ඡත‍්‍රයක් දැක්වීම ලංකාවේ ද භාරතයේ ද සිතුවම් හා මූර්ති කැටයම් ආදියේ දැකගත හැකිය. රජුන්ට ද ඡුත‍්‍රය ඇල්ලීම පිණිස වෙනමම නිළධාරියෙක් ද සිටියේ ය. ඡත‍්‍ර ධාරියා නම් ඔහුය. (ඡත්තගහක) මේ ඡුත‍්‍රයේ අරමුණ අව් වැසි ආදියෙන් ඇරක්‍ෂා කිරීම නොව ගෞරවය ජනනය කිරවීම යි. ඊට අනුව සර්වඥයන් වහන්සේට ද උන්වහන්සේ ගේ ධාතූන් වහන්සේ ලා වැඩ සිටින චෛත්‍යයට ද ඡුත‍්‍රයක් එක් විය. පසුකාලීනව ඡත‍්‍රය වෙනුවට ඡත‍්‍ර පෙළක් ඡුත‍්‍රයක් මත ඡත‍්‍රයක් සිටින සේ (ඡත්තාතිඡත්ත) සවි කරන ලදී. ඡුත‍්‍රය සවිකළේ ඡත‍්‍ර දණ්ඬේ උපකාරයෙනි. මුල්කාලයේ ලංකාවේ ථුපයන් හි ඡත‍්‍රය දැවයෙන් තනා තිබු බවට සාධක ඇත. රුවන්වැලි සෑයේ ඡත‍්‍ර අවස්ථා කිහිපයකදී ම අලූත්වැඩියා කළ බව සඳහන් වීමෙන් ඒ බව සනාථවේ. (මහාවංශය) ඇතැම් පාලකයන් චෛත්‍යයවල ඡත‍්‍රයන්ට ඉහළින් තවත් ඡුත‍්‍ර (ඡත්තාතිඡත්ත)සවිකළ අතර අමණ්ඩ ගාමිණි රජතුමා (කි‍්‍ර. ව. 22- 31) මහා සෑයේ එලෙස දෙවන ඡත‍්‍රයක් ද සවි කළේය. එතුමා විසින් ම ථුපාරාමයේ ද දෙවැනි ඡත‍්‍රයක් සවි කළේය.

 

ඡත‍්‍රවලින් මුදුන් ඡත‍්‍රය ධුරඡත‍්‍ර නම් විය. ඇතැම් චෛත්‍යයවල ඡත‍්‍රයන් හි රන් ආලේප කළ බවට ද සාධක ඇත.

 

මහාථූපවරේ ඡත්තං කාරාපෙත්වාන භූපති

 

සුවණ්ණකම්මං කාරේසි දස්සනේ ය්‍යං මනොරමං

 

(ම. ව. 36- 24)

 

රුවන්වැලි සෑ මළුවෙන් ද ශෛලමය ඡත‍්‍ර කිහිපයක නටබුන් හමු වී ඇත. එහෙත් ඒවායේ ප‍්‍රමාණය අනුව ඒවා මහාථූපයේ නොව එය පිහිටි මළුවේ ඇති කුඩා පූජාස්ථුපයට අයත් ඒවා යැයි හෙළි වී ඇත. ධාතුසේන රජු කරවු රන්මුවා ඡත‍්‍ර පිළිබඳව ද මහාවංශයේ සදහන් වේ. ජෙට්ඨතිස්ස රජතුමා ථුපාරාමයේ ඡත‍්‍ර බිඳ රත්නයන් පැහැරගත් බවද සදහන්ය.


ඡත‍්‍රය ඡත‍්‍ර වැලක් වී පසුව එය කොත් කැරුල්ල දක්වා විකාශනය වුයේ කවර යුගයේ ද යන්න නිශ්චිතවම ප‍්‍රකාශ කළ නොහැකි නමුත් වෙස්සගිරියෙන් හමු වු ශිලාලේඛනයක ‘කරවිඩක’ යනුවෙන් ඇති සඳහන් කොත්කැරැල්ල යන අරුත ගම්‍ය කරන්නේ යැයි මහාචාර්‍යය සෙනරත් පරණවිතාන ශූරින් ප‍්‍රකාශ කරති. (කුලතුංග ටී. ජි. 2009. පිටුව 44) එතුමාට අනුව එය කරවිඩක - කරවිඩය - කරවිඩයි - කරඩියි - කරළියි - කෙරළි - කැරළි යනුවෙන් පසුකාලීනව වෙනස් වු වදනේ මුල් අවස්ථාවයි. (මහනක රජු පිටනික චෛත්‍යයයෙහි කරවිඩක කොටවය ඡත‍්‍ර අරුවය.)එහෙත් මෙතුමාගේ මේ අර්ථ දැක්වීම විවේචනයට බදුන් ව ඇත්තේ ඒ සෙල් ලිපියෙහි ඡත‍්‍රයන් පිළිබඳව ද සඳහන් වන බැවිනි.

 

දීඝවාපිය චෛත්‍යය ආශි‍්‍රත පුරාවිද්‍යා පර්යේශණ වල දී හමු වු රන්පතක ‘සි`ධ නක මහ රඣහ පුත මලිතිස රඣහ සොවන තුබෙ’ යනුවෙන් සදහන් වේ. මේ ලිපිය හමු වුයේ දේවතා කොටුවක් හා කොත්කැරුල්ලක් සහිතව නිර්මාණය කර තිබු රන් කරඩුවක් තුළිනි. ඉන් පෙනි යන්නේ මළුතිස් හෙවත් කනිට්ඨතිස්ස රජු දවස වන විට පැහැදිලි වශයෙන් ම ථුපයට කොත්කැරුල්ල එක්ව තිබූ බවයි. මේ දළ වශයෙන් ක‍්‍රි. ව 2 වන සියවසයි. නමුත් කොත භාවිතයට ආ සැනින් ඡුත‍්‍රය අභාවිත වී යැයි සාධක නැත. ක‍්‍රි. ව 628 රජ කළ තෙවන දෙටුතිස් රජු ( වර්ෂ දක්වා ඇත්තේ ලංකා විශ්ව විද්‍යාල ලංකා ඉතිහාසය කෘතිය අනුව ය. පිටුව 806) ථුපාරාමයේ ඡත‍්‍ර කඩා රන් මිනිමුතු පැහැරගත් බව සඳහන් වීමෙන් පෙනෙයි. අවසාන වශයෙන් සඳහන් කළහැක්කේ කොත්කැරුල්ල ථුපයට එක් වුයේ ක‍්‍රි . ව 2 වන සියවසේ දී පමණ බවයි. (කෘතිය රචනා කරන යුගය වන විට ලැබි තිබූ පුරාවිද්‍යාත්මක සාධක අනුවය.) වත්මන් මහාථුපයේ කොතෙහි කැරළි 44 ක් වේ. කුඩා ථූපවල කොත කැරළි 13, 9 වැනි සංඛ්‍යා වලින් යුක්ත වේ.

 

කොත

මෙය ථූපිකා යන නමින් ද හැදින්වෙයි. ආගමික ගෘහයන් වල ද වහළ මුදුනේ ථුපිකා සවිකරණ ලදී. චෛත්‍යයේ ද එසේමය. ගල් විහාරයේ වම්පස කොනේ කැටයම් කර ඇති ප‍්‍රාසාදයේ ද ථූපිකාවන් දෙකක් වෙයි. (වික‍්‍රමගමගේ, චන්ද්‍රා 2009 පිටුව 55)මැටි වලින් කළ හා ලෝහ භාවිතයෙන් කළ ථුපිකා හෙවත් කොත් වල ශේෂයන් හමු වී ඇත. වර්තමානයේ බහුලව ම භාවිත වන්නේ රන් ආලේපිත තඹ, පිත්තළ වැනි ලෝහ වලින් කළ ථුපිකාවන්ය. වර්තමාන මහාථුපයේ ථූපිකාව අඩි 25 ක් පමණ උස්ය.

 

සිළුමිණ

ශිඛාමාණිඛ්‍යය හෙවත් මුදුන්මිණ ලෙස ද හැඳින්වෙන මෙය චෛත්‍යයක ඉහළ ම අංගයයි. මුල් කාලීන ථුපයන් හි දක්නට නොලැබුණ ද වර්තමානයේ දැකිය හැක. රුවන්වැලි ස්තූපයේ අනර්ඝ ශිඛාමාණිඛ්‍යයක් සවිකර ඇත.

 

ආයකය

 

සලපතල මළුව

 

වැලි මළුව

 

ගජන් මළුව

 

හත්ථිප‍්‍රාකාරය

චෛත්‍යයක වැලි මළුව හා සලපතළ මළුව සම්බන්ධවන ස්ථානයේ ඇති ප‍්‍රාකාරයයි. ඇත් රූ සහිතව ඉදිකෙරෙන නිසා එය හත්ථිප‍්‍රාකාර නම් වෙයි. මහා වංසයට අනුව සද්ධාතිස්ස රජතුමා, සිය සොයුරා විසින් ඇරමු මහාථුපයේ කටයුතු නිමකිරීමේදි හතථකාරයද කරවා ඇත (33.5) එහෙත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සංකර්ෂණය කළ ඇත් පවුර ක‍්‍රි.ව. 9 -12 සියවස් අතර කාලයේ ඉදිකරන ලද්දකැයි සෙනරත් පරණවිතාන මහත්මා කියයි. (2009. පිටුව 59) ඊට සාධක වශයෙන් එතුමා දක්වන්නේ එම ප‍්‍රකාරය ඉදිකිරිමට හුණුබදාමයෙන් බැදි ගඩොලෙන් ඒවා නිමවා තිබිමයි.

 

අභයගිරි ථුපයේ ද හත්ථි ප‍්‍රාකරයක් තිබි ඇත. අභයගිරි කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති ශෛලමය ඇත් දත් හමුවී ඇත්තේ එම ථුපය ආශ‍්‍රිතව කළ කැණිම් වලිනි. ඒවා හත්ථ ප‍්‍රාකාරයේ කොටස් යැයි අනුමාන කෙරේ (සුරා 1999 අපේ‍්‍රල් ජුනි, පිටුව 25) මෙය මිත්තසේන රජතුමා (432 - 433) විසින් කරවු වග මහාවසංයේ 38 පරිච්ඡේදයේ 11 වැනි ගාථාවෙන් සනාථවෙයි. බෞද්ධ රටවල චෛත්‍ය කෙතෙක් ඇත්ත හත්ථිප‍්‍රාකාරය දක්නට ලැබෙන්නේ ලංකාවේ පමණි (පරණවිතාන එස්. 2009 පිටුව 60)

 

සිය මෙහි සජ්ජනාලය, සුඛෝදය, නාත් යන ස්ථානවල දක්නට ලැබෙන චෛත්‍ය වටා ඇති හත්ථිප‍්‍රාකාරය ලංකාවේ හත්ථිප‍්‍රාකාර අනුකරණයෙන් තැනු ඒවා වග පරණවිතාන මහතා කියයි (2009.60 පිටු ) 13 ,15 සියවස්වල ලංකාව හා සියම අතර වර්ධනය වු සංස්කෘතික සබඳතා නිසා එසේවන්නට ඇත.

 

ඇත්පවුරකින් චෛත්‍යංගනයට සෞන්දර්යාත්මක භාවයක් මුසුකරයි. එහෙත් එහි අරමුණ වන්නට ඇත්තේ හුදු අලංකාරය පමණක්ම නොවේ. ගෞරවනි ජනනය කිරිමද එහි අරමුණකි. සාමාන්‍යයෙන් ඇතා යනු ශක්තිවන්ත සත්තවයෙකි ප‍්‍රහාරකයෙකි. ප‍්‍රචණ්ඩව හැසිරෙන්නකි. එබඳු සත්තවයෙක් දැමුණු ශාන්ත ඉරියව්වෙන් යුතුව චෛත්‍ය මළුව උසුලා සිටින්නට යෙදි සිටීම තුළ ගැබ්වු අර්ථය අවබෝධ කරගැනිම ආපසු නොවේ. එක් ඇතෙක් නොව ඇත් පෙළක් එසේ යෙදිමෙන් ඒ පෙළට වටවු චෛත්‍යය කෙරේ ඇති කෙරෙන ගෞරව මුසු හැඟිම තීව‍්‍ර වෙයි.

 

සිංහල විශ්ව කෝෂයට අනුව දැනට ලංකාවෙන් හමුවී ඇති පුරාණතම ඇත් පවුර දෙටු තිස් රජතුමා(266 - 276)විසින් කරවු පාඞීන තිස්ස පබ්බත විහාරයට අයත් එකකි. නුවර වැව ආසන්නයේ ඇති මෙය රවුන්මැලි සෑයට වඩා පසුකාලින ඉදිකිරිමක් එසේ වුවද රුවන්මැලි සෑ ඇත් පවුර ක‍්‍රිව. 9 -12 ශතක වලදි අළුත්වැඩියා කොට ඇති නිසා එහි ඇත් පවුර වයසින් ලාබාල වී ඇත. රුවන්වැලි සෑයේ මළුවේ පරිවාර චෛත්‍ය වටාද ඇත් පවුර ඉදිකර ඇත.


16252 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.