මවුදෙවඟන

ලිපිය සැකසීම :

විශේෂයෙන්ම ඉන්දු නදී සභ්‍යත්වය තුළ වන්දනයට පාත‍්‍ර වූ සංකල්පයකි. ජගන්මාතා ලෙස ද හැඳින්වේ. ඇයගේ යැයි සිතිය හැකි කුඩා මැටිරූප විශාල සංඛ්‍යාවක් මේ වන විට හමුවී ඇත. ඒවා සෑම ගෘහයක් ආශ‍්‍රිතවම වාගේ ලැබී ඇති නිසා. මේ වනාහි ගෘහ්‍ය පූජාවකැ'යි සිතීමට වැඩි ඉඩක් ඇත. අතීතයේ පටන් ම මැදපෙරදිග ද මෑත පෙරදිග ජනයා අතර ජගන් මාතා හෙවත් මවුදෙවඟන පිදීම බහුලව සිදුවිය. ජගන්මාතා පිළිරූ වර්ග 3කි.

කන්‍යාභාවය දක්වන පිළිරූ
ගර්භනී පිළිරූ
දරුවන් වඩාගත් කාන්තා පිළිරූ

වශයෙනි. ජගන්මාතාව පිදුයේ සශ‍්‍රීකත්වය අරමුණ සේ සලකාගෙනය. එසේ සිතීමට හේතු වන ප‍්‍රබල සාධක රැුසකි. නිරුවත්ව හිසෙන් සිටගත් ස්ත‍්‍රී රුවක නාභියෙන් පැළෑටියක් පැනනගින ආකාරය දැක්වෙන මුද්‍රාව ද ඒ සාධක අතර වෙයි. වර්තමාන ඉන්දියාවේ ප‍්‍රචලිත ග‍්‍රාමදේවතා වන්දනයද මීට සම ය. ශක්ති වන්දනාව යනුවෙන් මහායාන බෞද්ධ සංකල්පය බිහිවීමට ද මෙය බලපාන්නට ඇත.

2026 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.