මිරිසවැටිය දාගැබ

ලිපිය සැකසීම :

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ අනුරාධපුර ප‍්‍ූජා නගරයේ පිහිටා ඇත බෞද්ධ පුජස්ථානයකි. තිසාවැව, බසවක්කුලම, රන්මසු උයන යනාදියට ආසන්නව පිහිටා ඇත. අටමස්ථාන යනගෙන් එකකි. මෙය ක‍්‍රි.පු. 161 දී දුටු ගැමුණු මහ රජතුමා විසින් සිය රාජ ප‍්‍රාප්තියෙන් සත් දිනකට පසු කරවිමට යෙදුනෙ යැයි වංසකථා වල සදහන් වෙයි. මරිච්චවට්ටි යන නම පුරාතනයේ පටන්ම මෙයට යෙදුණු නාමයයි. දුටුගැමුණු රජු කුඩා කාලයේ සිය එය කාවන්තිස්ස රජුටවු පොරොන්දුවක් කඩ කිරිමට තමාටම දුන්දඩුවමක් ලෙස මෙය ඉදිකළේ යැයි වංස කථාවල සදහන් වෙයි. එම පොරොන්දුව නම් භික්ෂුන් වහන්සේලාට නොදි කිසිදු අහරක් නොවළදිම් යන්නයි. එහෙත් එක් අවස්ථාවෙක භික්ෂුන් වහන්සේලාට නොදී කිසිදු අතරක් නොවළදිමි යන්නයි. එහෙත් එක් අවස්ථාවෙක භික්ෂුන් වහන්සේලාට නොපිළිගන්වා මිරිස් ව්‍යංජනයක් වැළඳඳුවෙන් ඊට දඩුවම් ලෙස මේ ථුපය කරවියැයි අදාළ වංස කතා සඳහන් කරයි. කෙසේ වෙතත් මෙහි සත්‍යතාව පිරික්සීමට අපගේ උත්සාහයක් නැත.

මෙම චෛත්‍යයේ නිදන් කොට ඇත්තේ දුටු ගැමුණු රජුගේ සධාතුක කුන්කායුධයයි. (කුන්තායුධය යනු හෙල්ලයක් බදු අනිත අවියකි. උල් දෙකක් හෝ තුනක් සහිතය. (ද්විශුල සෝ ත‍්‍රීශුල) දුටුගැමුණු රජුගේ තුන්නායුධය වනාහි ධාතුන්වහන්සේලා සහිත එකකි. එය යුධයට නොව තනතුරට අදාළ සංකේතමත් අවියක් සේ රජු සන්තකයේ තිබෙන්නට ඇත)

වෙනත් දාගැබ සේම මිරිසැටියද කලින් කලට ප‍්‍රතිසංස්කරණය කොට ඇත. එබැවින් මෙහි මල් ස්වරූපයද ප‍්‍රමාණයද අද දක්නා නොලැබේ. පළමුවන ගජබාහු රජතුමා (ක‍්‍රි.ව. 113 - 136)මිරිස්වැටියටකංචුකයක් නිර්මාණය කළේය. වෝහාරික තිස්ස රජතුමා ස්ථුපයේ ඡුත‍්‍ර අළුත් වැඩියා කර ප‍්‍රාකාරයද ඉදි කරවිය ස්ථුපය ද ඒ අවට විහාරයේ සියළු ගොඩනැගිලිද පස්වන කාශ්‍යප රජතුමා (ක‍්‍රි.ව.914 - 923)විසින් පිළිසකර කරවිය. දාගැබ තවත්විශාල කරඉදිකළේ මහා පරාක‍්‍රමබාහු රජතුමා විසිනි (ක‍්‍රි.ව. 1153 - 1186) 1880 තායි ජාතික කුමාරයෙකු මෙම දාගැබ ප‍්‍රතිසංස්කරණය කළ යුතු යැයි එවක යටත් විජිත නිලධාරින්ට යෝජනා කලේය. 1900 වර්ෂයේදි ඩිටෙල් නම් යුරෝපිය ශිල්පියා දාගැබ ප‍්‍රතිසංස්කරණ සැලසුම් සැකසිය. එහෙත් ඒ සැලසුම් පරිදි කටයුතු කළ නොහැකිවිය. 1979 දි දාගැබේ ප‍්‍රතිසංස්කරණ කටයුතු ඇරඹුවද යළි අසාර්ථක විනි. විනාශයක්ද සිදුවිනි. 1991 යළි ප‍්‍රතිසංස්කරණ කටයුතු ඇරඹු අතර 1993 දි එම කටයුතු නිමවා කොත් පළඳවන ලදි. ඊට අනුව අභිනව මිරිසවැටි ස්තුපය අඩි 192ක් උස විෂක්ම්භය අඩි 141කි. වැයවි ඇති ගඩොල් ප‍්‍රමාණය ලක්ෂ 12ක් පමණ වෙතැයි ගණන් වල තිබේ. හැඩයෙන් බුබ්බුලාකාර ථුපය වනවාහල් කඩ ඉදිිකර තිබිම ද විශේෂත්වයකි. ප‍්‍රතිසංස්කරණ වලදි දාගැබට වු හානිය විශාලය.

මිරිස්වැටි දාගැබ සම්බන්ධව ප‍්‍රතිමක මුලාශ‍්‍ර වල එන සටහන්

එවේලෙහි තෙරුන් වහන්සේගේ බස් අසා සතුටුව අස්වැසුණු රජ්ජුරුවෝ තෙරුන්වහන්සේ වැඳ යවා අවසර ඉල්ලාගෙන නැවත සිරියහනෙහි සැතපි සංඝයාවහන්සේට දන් නොදිම කිසි කලෙකත් බත් ආදි කිසිවක් අනුභව නොකළ විරිමි. මාගේ දෙමව්පියන් දෙදෙනා (?) (මවුපියදෙදෙන) මාබාල කල්හිම අප දෙබැයන් දන් නොදි කිසිවක් අනුවභව නොකරවයි දිවුරුවුය.

සංඝයාවහන්සේට මා විසින් දන් නොදි කෑදෙයක් ඇද්දෝ හෝ නැද්දෝ හෝ යි පරීක්ෂා කරන්නාහු සදහන් නැතිව දන් නොදි කෑ මළ මිරිස් (?) (මල මිරිස්මිරිස් වර්ගයක්)පැස්සක් දැක මා විසින් කළේ අපරාදයක. එසේ හෙයින් දඩුවම් කල මැනැවැයි සිතා රජ්ජුරුවෝ වොටුනු පන්සතියක් ගිය කල මහත් වු රාජානුභාවයෙන් යුක්තව සේනාව පිරිවර ආදිය කෙළිනා පිණිස ද නැවත රාජාභිෂේකයට පැමිණි රජ දරුවන්ගේ චාරිත‍්‍රය රක්ෂා කරනු පිනිසද තිසා වැවට නහන්ට ගියහ. එකල කැටිවගෙන ගිය රන්පළන් ද පිලිසම්බඩමි (රෙදිපොදිය) ආදී වු සෙසු වස්තුවද මිරිසවැටි විහාරය කරවන තැන තබා වැව දියකෙළියට පටන් ගත්හ. එවේලෙහි රජ්ජුරුවන් හා කැටිව ගිය රාජපුරුෂයෝ මිරිස්වැටි දාගැබ බඳිනා ස්ථානෙහි රජ්ජුරුවන්ගේ ධාතු සහිත ජයකොන්තය ඉඳරා කෙළින් සිවුය. ගැමුණු රජුජුරුවෝ පුරහනන් හා සමඟ දිවාභාගය මුළුල්ලෙහි දියකෙළ සවස් වේලෙහි නුවරට යයිභයි ධාතු පිහිටවු රවුන්කොන්තය ඉදිරි කොට නික්මෙවයි කිහ . එබස් ඇසු රාජපුරුෂයන් ජයකොන්තය ගනුම්භයි ගොස් ඒ ගන්නා තබා තිබු තැනින් සොලවලින් නුහුණුවෝය. ඒ ධාතුන්වහන්සේ සහිත ජයකොන්තයට පුජා කළහ. නැවත දුටුගැමුණු රජුජුරැුවෝ සතුටුයින් ඇති වහාත් පිසින් එතැන්හි පටන් රැකවල් ලවා නුවරට ගසේ අවුත් ජයකොන්තය වසා දාගැබැක් බඳවා මහත් වු විහාරයක් කරවුහ. ඒ විහාරය කරවන රජුජුරුවෝ තැන් අවුරුද්දකින් කරවා නිමකරවුහ.

ථුපාවංසය මිරිසවැටි විහාර කථාව

3689 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.