මූර්ති

ලිපිය සැකසීම :

ත‍්‍රිමාණ ප‍්‍රතිනිර්මාණ මූර්ති යනුවෙන් හැදින්වෙයි. මේවා මුල් කාලීනව ප‍්‍රධාන කෙටෙස් 3 කි. ඇඹීම් නෙළිම් හා වාත්තු කිරීම වශයෙනි . එහෙත් දැන් ඊට තවත් වර්ගයක් එක් වී තිබෙයි. ඒ එකලස් කිරීමේ ක‍්‍රමයද ඇඩිමේ ගොන්නට එක් කළ හැකි මුත් එහි ඇති වෙනස අත් දැක උසස් නිර්මාණ කරණු පිණිස එය වෙනවම ක‍්‍රමවේදයක් සේ ඉගැන් වීම වඩාත් උචිත යැයි සිතමි සැබවින්ම එකලස් කිරීමේ කලාව අමුත්තක් තිෙබි . නිර්මිත වස්ථුන් උචිත පරිදි එකිනෙකට ගලපමින් කරනා මේ නිර්මාණය ඇසිමේ ශිල්ප ක‍්‍රමයේ ම කොටසක් වුවත් එ් සදහා ඒ සදහා යොදාගන්නා අමුද්‍රව්‍යයන් හි ස්වභාවය ඒ සදහා මෙහෙයවන බුද්ධියේ ස්වභාවය අනුව මෙය වෙනම ගොන්නක ලා ඉගැන් වීමි වඩාත් උචිත වේ නෙළිමේ ක‍්‍රමයේ දී අනවශ්‍ය කොටස් ඉවත් කර අවශ්‍ය කොටස් ඉතිරි කෙරෙයි.

ගල් වර්ග ඇත් දත් අස්ථි හෝ ඉටි ලී සබන් වැනි අපද්‍රව්‍ය රිජිපෝම් වැනි අමුද්‍රවය මේ සදහා යොදා ගැනෙයි . මේ ක‍්‍රමයේ දී ශිල්පියා තුළ සමස්ථ මුර්ථියේ පර්මාණ ත‍්‍රිමාණ ස්වභාවය පිළිබඳව මහා අවබෝදයක් තිබිය යුතුය. වැරදීම් අතපසු වීමි ආදිය නිසා අනවශ්‍ය කොටස් ඉවත් වී ගිය හොත් යළි කෘතිමව එ්වා මුර්තියට සම්බන්ධ කිරීමෙන් මාක්ස් ගේ වටිනාකමට හානි සිදුවේ එබැවින් එම අවබෝධය අථ්‍යවශ්‍ය ශිලා මාධ්‍යය තද යන ස්වභාවය නිසා භාවිතය අතපසු වුවද කල්පැවැත්ම හා නිමාව අතින් ද වටිනාකෙමි අතින් ද වැඩිය. එහෙත් ඕනෑම ගල් වර්ගයකින් මුර්ති නෙළිය හැකිය. වඩාත් තද පාශාණ මේ සදහා තෝරා නොගැනේ මුල් යුගයේ ලංකාවේ මුර්ති ශ‍්‍රීල්පින්ගේ සිය ශෛල මුර්ති සදහා යොදා ගත්තේ ස්ථමික හුණුගල් ය. සුළුවශයෙන් කිරිගරුඩ යොදාගත් අවස්ථාද ඇත. එහෙත් අනුරාධ පුර යුගයේ මැද දී පමණ ග‍්‍රැනයිට් භාවිතයට ආයේත් තරමක් තද වුවද භාවිතයට ද නිමාවටද පහසු වීම නිසා මේ ඉක්මනින්ම ශිල්පියා අතර ජනපී‍්‍රයත්වය පොළොන්නරු යුගයේ දී නයිස් නමැති පාෂාණ වර්ගය භාවිතයට ආ අතර මහනුවර යුගය දක්වාම එම වගීය භාවිතයේ තිබුන ගල් විහාරයේ භාවිත පාෂාණ ය නයිස් වගීයට අයත් වෙයි.

ලෝහ භාවිතයේ දී ප‍්‍රධාන ක‍්‍රමවේද 2කින් මූර්ති නිමීමාණය කළ හැක. ඝන වාත්තු ක‍්‍රමය හා සුසිර වාත්තු ක‍්‍රමයයි. ඝන වාත්තු ක‍්‍රමයේ දී ( ඉටයවව) සිදුරු සහිතව සිදුකරන වාත්තුව මේ නම්න් හැදින් වෙයි. මේ ක‍්‍රමයේ දී ප‍්‍රතිමාවේ ඇතුළත හිස්ය. සුසිර වාත්තුව බඉයඉයව නමින් ඉංග‍්‍රීසියෙහි හැදින්වෙයි. ඝන වාත්තු ක‍්‍රමයට සකස් කළ ප‍්‍රතිමා වලට උදාහරණ ලෙස ලංකාවේ වෙහෙර ගලින් හමු වු බුදු හා බෝසත් ප‍්‍රතිමා හඳුන්වා දිය හැකිය. බදුල්ලේ ලෝකඩ ප‍්‍රතිමාව සුසිර ක‍්‍රමයට වාත්තු කර ඇත. ලංකාවේ වඩාත් ජනප‍්‍රිය වුයේ ඝන වස්තු ක‍්‍රමයයි. ඝන වාත්තු ක‍්‍රමයේ දී ඉට් වලින් මුල් කෘතිය සකස්කර ගනී සියුම් හැඩ විස්ථරාත්මකව හැඩ සහිතව සකස් කළ මෙයට යකඩ දැලක් සමඟ මැට් ආවරණයක් යොදා අච්චුව සකස්කර ගැනීමට මූලික පියවර යොදනු ලැබෙයි. මැට් ආවරණය ශක්තිමත්ව තිබිය යුතුය. එහි තැන තැන සියුම් සිදුරු සකස් කර ගැනෙයි. පසුව මෙය රත් කළ විට මැද ඇති ඉටි ප‍්‍රතිමාව උණු වී ඉහතින් කී කුඩා සිදුරු වලින් පිටතට ගලා යයි. ඇතුලත කුහරය ඉතිරිවෙයි. ඉතිරි වු කුහරයට අච්චුචේ ඉහලින් යෙදු සිදුරකින් උණු කළ ලෝහ වත්කරණු ලැබෙයි. ලෝහ පමණ වූ පසු මැටි අච්චුව කඩා ලෝහ ප‍්‍රතිමාව මතු කර ගැනෙයි. ලෝහ වත් කිරීමේ දී සිදුවු සියුම් වෙනස්කම් සකසා පිරිමැද ඔපමට්ටම් කර ගන්නේ ඉන්පසුවය. සුසිර වාත්තු ක‍්‍රමයේ දී අච්චුව කොටස් 2 කට සකස්කරන අවස්ථාද එක් කොටසක් ලෙස සකස් කරන අවස්ථා ද එක් කොටසක් ලෙස සකස් කරණ කරණ අවස්ථා ද ඇත. කොටස් 2 ක් ලෙස සකස් කිරීමේ දී අච්චුව කාය්‍යීයය 2 කට යොදාගත හැක. පලමුව කරන්නේ නිර්මාණය කිරීමට අපේක්‍ෂා කරණ මුර්තියේ දළ හැඩය රළුලෙස නිර්මාණය කිරිමයි. පසුව ඒ මත තැවරු ඉටි තට්ටුවක මුර්තියේ සියුම් හැඩ නිර්මාණය කරයි. එම ඉට් තට්ටුව අතරින් තැනින් තැන ඇතුලත රළු මැටි ආකාතියට කාවිදින සේ ලෝහ කොටස් යොදා සකස් කිරීම ප‍්‍රවීන කර්මාන්ත කරුවන්ගේ ක‍්‍රියාවකි. ඒ සදහා අත්දැකීමි මත වර්ධිත දැනුමක් අවශ්‍යයයි. (මේ ලෝහ කොටස් වැදගත්ය. අච්චුවේ ඉටි කොටස් ඉවත් වූ පසු ඇතුලත ඇති. රළු නිමවුම පිටත මැටි අච්චුවට හේත්තු නොවී තිබෙන්නේ මේ ලෝහ කැබලි නිසාය.) ලෝහ දියර පිරී හසුව යන වේ අච්චුව කොටස් කිහිපයකට සැකසුයේ නම් අච්චුව නොකඩා පරෙස්සම් සහිතව ගලවා ගෙන ප‍්‍රතිමාව මතුකර ගත හැකිය. නොකැඩුණු අච්චුවේ සුළු අලූත්වැඩියා කර එය පසුව ඝන වාත්තු නිර්මාණයක් සදහා යොදාගත හැකිය. අච්චුව කැබලි වශයෙන් සකස් නොකලේ නම් අච්චුව කඩා මුර්තිය මතුකර ගැතේ. පසුව මුර්තියේ සිදුරක් විද හෝ මුල දී යොදාගත් උපායක් මඟින් ඉතිරි කර ගත් සිදුරු කොටසකින් මූර්තිය තුළ ඇති මුල් රළු මැටි ආකාතිය කඩා කුඩා වශයෙන් ඉවත් කෙරෙයි. එවිට මුර්තිය ඇතුලත හිස් කුහරයක් බවට පත්වෙයි. පසුව නිර්මාණය ඔපමට්ටම් කර ගැනෙයි.

ඇත්දත් මූර්ති-

මේවා ඉතා කුඩා මුර්තීන් වේ බහුලව දක්නට ලැබෙන්නේ ඇත් දත් මූර්ති නොවේ කැටයම්ය. ජාතික කෞතුකාගාරයේ ඇත් දත් මූර්ති සුළු ප‍්‍රමාණයක් දැකගත හැකිය. අඩරට ප‍්‍රභූන්ගේ මූර්ති ද මේි අතර වේ ඇත් දත් යනු අලිංගේ උඩ හනුවේ සිට වර්ධනය වු කෘන්තක :සබජසිදර*දත්ය. තද දන්තික :ාැබඑසබැ*විශේෂයකින් සකස්වුණු මේවා ඇතෙකුගේ ජීවිත කාලය පුරාම වර්ධනය වෙයි. ඒ කපාලයේ ඇති දළ මුල දිගින් දිගටම දන් දන්තික තැම්පත් වීම නිසාය. මෙහේ වැඩෙන ඇත් දළ කැටයම් මුර්ති ආදිය සදහා ද බොත්තම් විලියඞ් බෝල පියානෝ යතුරු ආදිය නිපදවීමටද යොදා ගැනේ ලංකාවේ ඇතුන් අතරින් දළ ඇත්තේ 11 ක පමණ පිරිසකට පමණි. ඇතින්නට දළ නැත එහෙත් අප‍්‍රිකාණු අලියාට ද ඇතින්නටද දළ පිහිටා ඇත. වාමාතාගේද දළ තිබු බවට පොසිලමය සාධක ඇතත් ඒවා ඇත් දළ තරම් උසස් නොවේ . ඇත් දළ මහේශාඛ්‍ය ත්වය නියෝජනය කරන නිසාත් ඇත්දළ කැටයම් පුරාණයේ සිටම තරගකාරී ලෙස අළෙවි විය.

කැටයම් කිරීෙමි්දී ඇත්දත් හි ඇත් ගුණ වැදගත් වී ඇත. මල බැදීමෙන් තොරව්ම පහසුවෙන්ම දිස්නයක් ලබා ගත හැකි වීම .ශීතේෂ්ණ තත්වයන් හිදී ඉරිතැලිම් පිපිරීම් ආදියෙන් තොරව සුරැුකි තිබීම ආයුද භාවිතයෙන් යම් නිර්මාණයක් කිරීමේ දී ඇති පහසුව හා දුර්ලභ ගනයේ ද්‍රවයයක් වීම ආදී ගුණ එහි ඇත. ඇත් දතක් මතුපිට සිට අඟලකින් 1 /16ක් හෝ 1 / 8ක් පමණ යනතුරු ඇත්තේ කැටයමට මුර්තියට නුසුදුසු බැම්මක දළ මජ්ජාව හෙවත් දළ මදය ඇත්තේ ඉන් අනතුරුවය. මෙහි ඉතා සියුම් සිදුරු රැුසක් ඇති අතර ඒවායේ යම් ද්‍රව විශේෂයක් රැුදි පවති. කැටයම් මුර්තියේ ඔපය ඇතිවන්නේ මේ ද්‍රව විශේෂය නිසාය. පිටත වැස්ම ඉවත්කල දළ මජ්ජාවෙන් කැටයම් කළ පසු ශෛල නිර්මාණයක සේ ක්‍ෂය වෙමින් රළු වෙම්න් පවතින ස්වභාවයක් ඇත් දළෙහි නැති නිසා ලොව බොහෝ ස්ථානවලින් සොයාගත් ඇත් දළ කැටයම් කෙතරම් පැරණි වුව ද නවතාවයෙන් යුතුව දිස්වෙයි.

ඇත් දළයෙන් කැටයම් මුර්ති නිර්මාණය ලොව බොහෝ රටවල ව්‍යාප්ත ව පැවති ශි‍්‍රල්ප ක‍්‍රමයක් බව ලෑබී ඇති පුරා විද්‍යාත්මක සාධක අනුව නිගමනය කළ හැකිය. මුල් කාලයේ මමත් සත්ත්වයෝ දළ වලින්ද කැටයම් මුර්ති ආදිය නිර්මාණය කර ඇත. පුරා ශිලා යුගයට අයත් ඇත් දත් කැටයමක් ප‍්‍රංශයේ ලාංදේ පලාතේ ග‍්‍රාට් දුපාප් නම් ස්ථානයෙන් සොයාගෙන ඇත. උසස් කලාත්මක නිර්මාණයක් වන මෙයින් කුඩා ස්ත‍්‍රි හිසක් දැක්වෙයි. මීට අමතරව

නයිල් නිමින ශිෂ්ටාචොරය හෙවත් ඊජිප්තු ශීෂ්ටාචාරයෙන්
යුප‍්‍රටිස් ටයිදාිස් හෙවත් දෙගං මැදි ශිෂ්ටාචාරයෙන්
ඉනදු නිම්න ශිෂ්ටාචාරය හෙවත් මොහෙන්ජෝදාරෝ හරප්පා ශිෂ්ටාචාරයෙන්
චීනයේ හ්වා හේ නිම්න ශිෂ්ටාචාරයෙන්

ඇත්දල මුර්ති කැටයම් නිර්මාණ හමු වී ඇත. විවිධ ජාතිකයන් මේ ප‍්‍රදේශාශ‍්‍රිතව වාසය කර නදී නිර්මාණය කළ එ්වා මේ අතර වේ. මේ කැටයම් අතර පනා කොන්ඩකටු ආදීයත් නග්න ස්ත‍්‍රි රූප ස්ත‍්‍රින් පුර්ෂ රූප ආදිය වෙයි. මිසර වැඩියෝ (ඊජිප්තු ශිෂ්ටාචාරය)ඇත් දත් පනේල කැටයම් කිරීම අරබන ලදී බැබිලෝනියානු ශිෂ්ටාචාරය පැතිර පවතින ප‍්‍රදේෂ වලින් ද ඇත්දත් නිර්මාණය හමු වී තිබේ මේ නිර්මාණ ක‍්‍රි.ව 9-7 සියවස් වලට අයත්ය. ඔවුන්ගේ නිර්මාන වල බහුල වශයෙන් ම දැකිය හැකි වන්නේ ඉජිප්තු ආභාසයයි. ඇත්දත් කැටයමට රන් කොටස් හා මැණික් ඔබ්බවා සකස් කිරීම ඇරඔුයේ පිනිසිය වරුන් යැයි පිළිගැනේ.

බැබිලෝනියානු ශිෂ්ටාචාරයෙන්
ග‍්‍රික ශිෂ්ටාචාරයෙන්
මිනෝවන් ශිෂ්ටාචාරයෙන්
රෝම ශිෂ්ටාචාරයෙන්
පිනීසියන් වරුන්ගේ ප‍්‍රදේශ වලින්
බයිසෙන්ටයින් පාලන ප‍්‍රදේශ වලින්
මුස්ලිම් ප‍්‍රදේශ වලින්
ජපානයෙන්
ඉන්දියාවෙන්
ලංකාවෙන්

ප‍්‍රාග් ග‍්‍රික ශිෂ්ටාචාරය සේ සැලකෙන මිනෝවන් ශිෂ්ටාචාරයට අයත ප‍්‍රදේෂයක් වන ක‍්‍රීටි දිවයිනේ නොසස් නම් ස්ථානයෙන් සොයා ගත් නාග දේවතා රුව කර ඇත්තේ ඇත් දත් හා රන් භාවිතයෙනි. මෙය අතිවිශ්ඨ මුර්තියක් සේ පිළිගැනෙයි. පීඩියස් හා වෙනත් ග‍්‍රික මුර්ති ශිල්පින් විසින් ගී‍්‍රක දෙවිවරුන්ගේ රූප රන් හා දත් (ඇත්දත්) යොදා නිම වු වග ගී‍්‍රක සාහිත්‍ය මුලාශ‍්‍ර වල ද සදහන් වෙයි. ඒ වායේ වැඩි දුරටත් සඳහන් වන්නේ එම මුර්තිවල මුහුණු හා අත් පා ආදිය රන් වලින්ද සෙසු කොටස් ඇත් දත් වලින් ද නිමවා තිබු බවයි.

පසු කාලීනව බයිසෙන්ටයින් වරුන්ට ලැබුණේ මිසර පිනිසියන් හා ග‍්‍රීක ඇත් දත් කැටයම් ශි‍්‍රල්ප ක‍්‍රමයි. ප‍්‍රතිමා සංහාරක යුගයේ දී විනාශයට පත් නොවුනි. නම් බයිසෙන්ටයින් යුගයේ නිමැ වු ඇත් දත් කැටමූර්ති විශාල ප‍්‍රමාණයක් දැකගන්නට හැකිවනු ඇත. එහෙත් අවාසනාවට එම යුගයට අයත්ඇත් දත් මුර්ති දුර්ලබය . තිබෙන ඒවා ඇසුනේ විමසුමක් කළහොත් මේ යුගයේ ඇත් දත් මුර්ති වල ඇත් දත් වල ආ වේනික ලකුණු මතුවනසේ කැටයම් කර ඇති අයුරු දැක ගැනීමට හැකි වනු ඇත. බයිසෙන්ටයින් යුගයේ වැඩි වශයෙන්ම නිර්මාණය කර ඇත්තේ ඇත් දත් පනෙළ කැටයම්ය. මුර්ති ද නැත්තේ නොවේ .

ඇත් දත් කැටයම් කලාවට නවතම මුහුණුවරක් ලබා දුන්නේ ගොතික් සම්ප‍්‍රදාය අනුව ගිය ප‍්‍රංශ ජාතිකයෝය. 13 වන සියවසරේ ඇත් දත් කැටයම් කළාව නවීකරණය කළ ඔවුහු ශෛලමය මුර්තීන්හි දී ලක්‍ෂණ ද සහිත මුර්ති ආගමික විෂයන්ට යටත්ව නිර්මාණය කළහ. 15වන සියවස අවසානෙයේ දී අභාවයට යෙදී ප‍්‍රංශ ජාතිකයන්ගේ මේ සියවස් 2 - 3 අතරදී අද්විතීය අත් දත් කැටයම් ද මුර්ති ද නිර්මාණය කලහ. ”දේව මෑනියන් ට ඔවුහු පැළද විම. ”,කුරුසයෙන් බදම, වැනි විශිෂ්ට නිර්මාණ මේ යුගයට අයත්ය. ආගමික ශෛලීන්ට සමව මේ යුගයේ ලෞකික කථා වස්තුන් මුල්කර ගත් කැටයම් ද ප‍්‍රංශ ජාතිකයන් විසින් නිර්මාණය කරණලදී පේ‍්‍රම ජවනිකාද රාජකීය පසුතලයන් ද සහිත මේ කැටයම් බහුලවම දැක ගත හැක්කේ ඇත් දතින් කළ හෙප්පු ,කැඩපත් කොපු ලියන පුවරු හා පනා ආදීයේ ය.

මින් පසුව ප‍්‍රංශයේ පමනක් නොව යුරෝපය පුරාම ඇත් දත් යොදාගෙන පාරිභෝගික භාන්ඩ නිර්මාණය ජනපි‍්‍රය විය. ඊට අමතරව සුප‍්‍රකට සුවිසල් මූර්ති වල කුඩා ආකෘති තැනිමටද ඇත් දත් මාධයයේ යොදා ගන්නා ලදී . මේ යුගයේ කැටයම් වලින් ශිල්පින්ගේ නිපුනතාව ප‍්‍රකට වේ.

තමන්ට ආවේනික සැරසිලි රටා යොදා ගනිමින් මුස්ලිම් වරු ද ඇත් දත් කැටයම් කළහ. ඔවුහු ඇත් දතින් කළ මුර්ති හීනය ඒ ආගමික ඉගැන්වීම් නිසා විය යුතුය. කුරුලූ සිංහ රූප ආදිය සහිත ලියවැල් රටා අතර කලාතුරකින් මිනිස් රූප ද දැකගත හැකිය. මොවුන්ගේ විශිෂ්ට ඇත්දත් කැටයම් සේ පිළිගැනෙන්නේ 11වන සියවසට අයත් යැයි සැලකෙන පාතිම් ද ඵලකන්ය. එහෙත් 16 වන සියවස හෙවත් මුස්ලිම් වරුන්ට පෙරදිග වෙළඳ බලය අහිමි වන්නට පටන්ගත් සියවසට පසු ඔවුන්ගේ නිර්මාණ වල කලාත්මක අගයද හීන විය. ආර්ථික කටයුතු ඊට බලපෑවේ ද යන්න නොපැහැදිලි නමුත් ඇත් දත් ලබා ගැනීමේ මං ඇහිරීම එක් හේතුවක් වන්නට ඇතැයි සිතිය හැකිය.

චීනයේ ඇත්දත් කර්මාන්තයට දිගු ඉතිහාසයක් තිබේ. පුරාවිද්‍යාත්මක පර්යේෂණ මඟින් අනාවරණය කරගත් පරිදි ෂා යුගයට අයත් ඇත් දත් න්ර්මාණ එරට පුරාණතම ඒවා යැයි පිළිගත හැකිය. අලංකාර ඵලක කොන්ඩාකම හා සොහොන් කොත් සැරසීමට යොදාගත් කැටයම් සහිත දත් කැබලිද මේ යුගයට අයත් ව හමු වී ඇත. ක‍්‍රි. පූ . 1122- 256 කාලයේ බලයේ සිටි චෝර රාජවංශයේ රජුන්ට ඇත් දතින් කැටයම් කළ අලංකාර නිල රථ තිබු බව කිව හැයැවේ. ක‍්‍රී. පු . 279දී පමණ මේ රජයේ උසස් නිළවරයෙකු ව සිටි මෙං චං චං ගේ නිවසේ විසිතුරු ලෙස ඇත් දත් කැටයම් සහිතව සකස්කළ සයනයක් තිබු බව කියැවේ. චෞ රාජ සහාවේ නිළධාරින්ගේ නිලය සංකේතවත් කළ නූ නැමැති බඳපටි සේ පැළදීම අනිවාර්ය අංගයක් විය. මේ සම්ප‍්‍රධාය මිං රාජවංශයේද ක‍්‍රියාත්මක කළ අතර ක‍්‍රි. ව.1622දී මිං පෙළ පතට බලය අහිමි වන තුරුම විය. අඛණ්ඩව ක‍්‍රියාත්මක විය. මුල් කාලීන චීන ධනවතුන් ඇත් දළ කැටයම් කලාත්මක භාණ්ඩ වශයෙන් එකතු කළ අතර පසුව එ්වා ත්‍යාග භාණ්ඩ වශයෙන් ද ප‍්‍රකට විය. චීනයේ ඇත් පරපුර ක‍්‍රමයෙන් වඳ වී යන තත්වයක් ද මේ නිසා උද්ගත විය. ක‍්‍රි. ව. 618 - 906 කාලයේ බලයේ සිටි තාං රාජ යුගයේ දී කළ විශිෂ්ධ නිර්මාණ ගණනාවක් මේ වන විට සොයාගෙන තිබේ .

මේවා කලාත්මක භාවයෙන් හා ශිල්පියාගේ පරිනත භාවය නිසා ඇත් වූ අසස් නිර්මාණශිලි බාවයෙන් හා ශිල්පියාගේ පරිනත භාවය නිසා ඇති වූ උසස් නිර්මාණ ශිලී භාවයෙන් යුක්තය. ඇත්දල කැටයම් මත වර්ණ ආලේප කිරීම මේ යුගයේ සම්ප‍්‍රදායක් විය. පක්‍ෂි රූප සිවුපා රූප හා විවිධ ජ්‍යාමිතික හැඩ කැටයම් කිරීෙමි සම්ප‍්‍රධාය ඇරබුණේ ද මේ යුගයේ ය. ඇත්දත් කැටයම් වර්තා කිරීමේ සම්ප‍්‍රදාය ක‍්‍රි. ව.906 - 1279 කාලයේ ක‍්‍රියාත්මක වූ සුං රාජසමයේ ද පැවති ඇත් දත් කැටයම් කෙතරම් චීනයේ ජනප‍්‍රය වීද යත් විශාල ප‍්‍රදේශයක පැතිර පැවති චීන ශිෂ්ටාචාරය පුරා මේවා දිගින් දිගටම භාවිත වීම නිසා ක‍්‍රි. ව 12 වන සියවස වන විට චීනයෙන් ඇත් පරපුර වඳ වී ගියේය. මේ නිසා ඉන්දියාව සියම බුරුමය අප‍්‍රිකාව වැනි රටවලින් ඇත් දළ ගෙන්වීමට සිදුවිය. දෙවන ලෝක යුධයට පසුව චීනයේ හටගත් අභයන්තර යුද කෝලාහල නිසා ඇත් දත් කැටයම් අපනයනය බිඳ වැටුණ ද ඒ වන තුරුත් කැන්ටන් ජීපිං ෂැංහයි ඇමෝයි තුෂෙන්(සුඛව්) යන ස්ථාන වල අපනයනය මුල්කරගත් ඇත්දත් කැටයම් කලාව ව්‍යාප්තව පැවතුණි. විශේෂයෙන්ම කැන්ටන් ශිල්පින් ගේ නිර්මාණ උසස් තත්වයේ පැවතුනි. සුප‍්‍රකට ක්වයින් යින් රූප හෙවත් දයා දෙව් දුවගේ රූප මේ ශිල්පින් ගේ විශිෂ්ධත්වය දෙස් දෙයි. මංචු ශිල්පින් විසිතුරු ඇත්දත් කැටයමට දක්‍ෂයෝ වූහ.

චීනයේ ඇත් දත් කලාවේ ආභාසය ජපානයටද සංක‍්‍රමනය විය. මේ නිසා මුල දී ජපානයේ ඇත් දත් කැටයම් කලාව චීන ලක්‍ෂණ සහිත විය. එහෙත් එ් තත්වය පසුකාලීනව වියැකි ගිය අතර ජපානයේ ඔවුන්ටම ආවේනික ඇත්දත් කැටයම් කලාවක් වර්ධනය විය. තොතුගාවා අවදියේ දී ශිල්පිහු උසස් හා සියුම් නිර්මාණ කළ අතර ඒ කුඩා නිර්මාන වලට පවා විශාල ජනප‍්‍රසාදයක් හිමි විය. මුල් කාලීනව ඇත් දත් ශිල්පීන්ගේ ඇත් දත් නිර්මාණ සපයන මධ්‍යස්ථානය බවට පත් විය.
එහෙත් ප‍්‍රබල වානිජ්‍ය මධ්‍යස්ථානයක් වශයෙන් පසුකාලීනව තෝකියෝව නැගී ඒම නිසා ඇත් දත් කර්මාන්ත කරුවෝ ඒ කරා ආහ. නෙත්ස්කේ නමින් හඳුන්වනු ලැබු ඇත් දත් කැටයම් වනා හීතෙකුගාවා අවධියේ ජපන් වැසියන් ගේ ඇඳුමෙහි අනිවාර්්‍ය අංගයක් විය. බෙහෙත් හෙප්පු අවන්පත් දුම්කොළ හෙප්පු ආදිය මිනිසුන්ගේ ඉනපටියෙහි රුදවීමට භාවිත කළ මේ අංගය අඟලකට වඩා කුඩා ඇත් දත් කැබලි ඉතා සියුම් ලෙස කැටයම් කිරිමෙනි. බොහෝ විට මේ කැටයම් වලට පාදක වූයේ ආගමිතක කතා දේව කතා ජපන් පුරාවෘත්ත චාරිත‍්‍ර වාරිත‍්‍ර වෘක්‍ෂලතා හා දෛනික ජීවිතයේ සිදුවීම්ය. මේවා අදික තාත්වික ස්වරූපයෙන් හෝ අධික ‍ශෛලිගත ස්වරූපයෙන් නිර්මාණය කර ඇති නිසා මේ කැටයම් එබඳුම සියුම් නෙතකින් විමසිල්ලට බඳුන් කළ යුතුවෙයි.

ඔකි මෝනෝ යනුවෙන් හැදින්වෙන කළා කර්මාන්තයද ඇත්දළ ඇසුරෙන් ජපානයේ සිදු කෙරේ. මේ කළා කර්මාන්තය යටතේ නිමැවුණු භාණ්ඩ සාමාන්‍යයෙන් යොදාගැනුයේ ජුජාසන සැරසීම හා ගෘහ අලංකාරය පිණිසය. මේවායේ විශේෂත්වය වුයේ ප‍්‍රමාණයෙන් විශාල නිර්මාණයක් විමයි. මීට අමතරව ඉන්රෝ හෙවත් බෙහෙත් හෙප්පු සුවඳ විලවුන් හෙප්පු අවන්පත් කඩු කොපු කඩු මිටි ආදී භාන්ඩ ද විසිතුරු කැටයම්න් සරසා ඇත් දත් වලින් නිර්මාණය කරණ ලදී . මොවුන් ඇත් දත් භාණ්ඩ කොරල් මුතුබෙලිකටු හා වටිනා ලෝහ වර්ග වලින් කළ උපකොටස් යොදා සරසන ලදී . කෙසේ වුවද ජපානයේ ඇත්දත් කැටයම් කලාව 20 වන සියවස මුල දී පමණ ශිඝ‍්‍ර පරිහානියකට ලක් විය.

ඉන්දියාවේ ඇත් දත් කැටයම් කර්මාන්තයට දීර්ඝ ඉතිහාසයක් ඇතැයි සනාථ වුවද සාක්‍ෂි අඛන්ඩව හමු නොවේ. කෙසේ වුවද මුල්ම සාදකය හමුවන්නේ ක‍්‍රි. පු3- 2 සහසුක වලට කලාවකිනි. මොහෙන්ජෝදාරෝ වේ නටබුන් අතර තීබ් හමු වූ චෞක් නමැති ආභරණ විශේෂය මේ යුගයට අයත් වේ . ඉන්පසු දීර්ඝ කාලයකට අයත් ඇත් දත් කැටයම් හෝ මුර්ති ඉන්දියාවෙන් හමු නොවේ ක‍්‍රි. පු 3- 2 සියවස් වලට අයත් සේ සැලකිය හැකි ඇත් දළ භාණ්ඩ රුසක් තක්‍ෂිලාවෙන් හමුවෙන තුරු දක්වා යුගයේ ඇත්දත් නිර්මාණ පිළිබඳ වෙනත් සාධක හමු නොවේ. තක්‍ෂිලාවෙන් හමු වූ භාණ්ඩ අතර ගෘහ භාණ්ඩ ක‍්‍රිඩා භාණ්ඩ ආභරණ මෙන්ම දෛනික දිවියේ භාවිතා කළ ඇත්දළ භාණ්ඩ රැසක් වෙයි. ශිමත් ජෝන් මාෂල් මහතා කියන්නකෝ මේවා අතරින් ඇතැමක් ග‍්‍රීසිය හා බටහිර ආසියාතික රටවලින් ආනයනය කළ එ්වා භවයි. ක‍්‍රි.ව.1වන ශතකයට පමණ අයත් යැයි සැලකිය හැකි කලාත්මක ඇත්දත් පනාව ඇතුථු නිර්මාණ කිහිපයක ම ඉන්දීය ලක්‍ෂණ ඇති නිසා මේ භාණ්ඩ තොගය සපුරාම ඉන්දීයා සංස්කෘතියට අහිම් නොවේ . මේ ආසන්න කාලයේ ඉන්දීය ශිල්පීන් ගිය නිර්මාණ අපනයනය කිරීමට ද පෙළබී ඇති බවට සාධක වේ . පොම්පෙයි නගරයේ කළ පුරාවි ගවේෂකරයක දී ඉන්දීය ශිල්පින්ගේ නිර්මාණයකැයි සහේතුකවම කිව හැකි ඇත් දත් කැටයමක් හමු ව් තිබිම ඊට උදාහරණ වෙයි.

සාංචි ස්ථුපයේ දකුණු තොරණේ නැගෙනහිර කුලූනේ ඇතුළු පැත්තේ යටි ජනේලයක කැටයමක් මුදුනේ ඇත් දළ කැටයම් කරුවන් පිළිබඳව වූ ශිලා ලේඛනයක් වේ. විදිසා හෙවත් වත්මන් භිල්සාවේ ඇත්දත් කැටයම් කරුවන් විසින් කැටයම් කොට පූජා කරන ලදැයි එහි සදහන් වේ. ඉන් පෙනි යන්නේ ඇත් දත් කැටයම් කරුවන් මෙකලද සිටි බවයි.

කුෂාණ යුගයට අයත් යැයි සැලකිය හැකි ඇත්දත් කැටයම් හා ඇත් දතින් කළ භාණ්ඩ රුසක් ඇෆ්ගනි ස්ථානයට අයත් ප‍්‍රදේශයකින් ( බේග‍්‍රම් ) හමු වී ඇත. කුෂාණ රජවරුන් ග‍්‍ර‍්‍රීෂ්ම සෘතුව ගත කිරීම පිණිස භාවිත කළ මාලිගයක තිබී 1937 - 40 කාලයේ මේවා හමු වී ඇත. වැඩි වශයෙන්ම ඇත්තේ බොරදම් තීරු හා ආගතචතුරඝ‍්‍රාකාර ඵලකයන් ය. මේවා පීඨ මංෂයා ආදිය සරසන්නට යොදාගන්නට ඇත. ඇතැම් තැනෙක ජාතක කතාද කැටයම් කර ඇත. ඉන්දීය ලක්‍ෂණ බහුල කර ඇති අතර ඉන්දීය නොවන දර්ශන වලට ඉන්දීය උරුව තදින්ම එක්කරන්නට විශේෂයෙන්ම කටයුතුකර ඇත. ඒ බව සනාථ කළ හැක්කේ සාංචි අමරාවතී මථුරා වැනි ස්ථාන වල ඇති සාමාන්‍ය කැටයම් වල දක්නට ලැබෙන සැරසිලි ආදිය මේවායේ ද දක්නට හැකි වීමයි.

සාමාන්‍යයෙන් ඉන්දීය කලාව ආශ‍්‍රිතව හමු නොවෙන ඇත්දත් කැටයමක් 1937දී එරටින් සොයාගන්නා ලදී එහි නිරුපනය වන්නේ මකරෙකුගේ පිට මත නැගී සිටිනා ස්තී‍්‍රන් තිදෙනෙකි. අල් පෝන්නතව නෙලා ඇති මෙය ගංගා දේවතාවිය පිළිබඳ ඉන්දීය සංකල්පය හා බැදී ඇතැයි විශ්වාස කෙරෙයි. විදෙස් ලකුණු ඇතත් ඒ විනිවිද මතුවන දේශිය ලකුණු රැුසක් මෙහි ඇත්තේය. 10 සියවසට අයත් ව මාධ්‍ය ඉන්දියානු ග්වලියෝර් හෝ මාල්වා ශෛලියට නෑකම් කියනා ඇත්දත් කැටයම් හයිදරාබාදයට ඊෂාණ දිගින් ඇති බ‍්‍රාහ්මනබාදයෙන් හමු වී ඇත. අතකින් දරා අනෙක් අතින් සථවක් ගත් ස්ත‍්‍රින් ද කරවන කැටයම් කිහිපයකි. තවත් එකක කැඩපතකින් තම රුව නරභන ස්ත‍්‍රියක් දැක්වෙයි. මේවායේ ගුප්ත හා පශ්චාද් ගුප්ත යුගයේ ඇත් දත් කලාවේ වර්ධනීය ලක්‍ෂණ පිළිබිබු කරයි.

මුසල් ආභාසය සමඟ ඉන්දීය ඇත්දත් කර්මාන්තය යම් වෙනසක් සිදුවුණාද මුසල් මානු කලාවේ විසිතුරු භාවය එක් වීමෙන් එ්වායේ අලංකාරය වැඩි වී ඇත. චන්දනා හරයෙන් කළපුටු හෙප්පු සංගීත භාණ්ඩ ආදිය කලාත්මක අයුරින් ඇත් දත් ඩබිබවා කළ කැටයම් පංජාබයෙන් හමු වී ඇත. මෝගල් ආභාෂය ඇතිව කැටයම් කළ විසිතුරු ඇත්දත් නිර්මාණ 17 වන සමයේ උතුරු ඉන්දියාවේ ප‍්‍රචලිත විය. ලාෂා යොදා ගෙන ඇත්දත් කැටයම් අලංකාර කිරීමේ සමිප‍්‍රදාය වඩාත්ම කරලියට එන්නේ 18 වන සියවසේ දී පමණය. මේ ආකාරයට කළ කැටයම් රැුසක් ට‍්‍රැවන් කෝර් ඔරිස්සා මයිසෝර් ආදී ස්ථාන වල පිහාටි කර්මාන්ත ශාලා වල දී නිර්මාණය කර ඇති බව පෙනෙයි. තාජෝර් හා මයිසෝර යන ප‍්‍රදේශ වල මෑතක් වන තුරුත් ලාක්‍ෂා යෙදූ ඇත්දත් කැටයම් කිරීම දක්නට ලැබුනි.

ලංකාවේ ඇත්දත් නිර්මාණ අතර වැඩි වශයෙන්ම දක්නට ලැබෙන්නේ බුද්ධ ප‍්‍රතිමාවන්ය. එ් අතරින් ද හිටි පිළිම ප‍්‍රමාණය වැඩිය. කෙසේ වෙතත් ලංකාවේ ඇත්දත් කැටයම් කලාවට දීර්ග ඉතිහාසයක් ඇති බවට සාධක ඇත. ක‍්‍රි. ව 5 -6 සියවස් වන විටත් ලංකාවේ ඇත්දත් කැටයම් කලාව වර්ධනීය තත්වයක තිබු බව කිර්ති ශ‍්‍රි මේඝ වර්ණ රජු ගේ යුගයට සම්බන්ධ සිද්ධියකින්ම පෙනෙයි. මහා වංශය පවසන ආකාරයට මේ රජතුමාගේ භාල සොහොයුරාගේ පුත‍්‍ර ජේම්ඨතිස්ස කුමරා ඇත්දත් නිර්මාණ කලාවේ ඇති දක්‍ෂයකු වූ අතර හෙතෙම සෘද්ධියෙන් මැවූ වාක් බඳු බෝධිසත්ව රුවක් ද දික්හගලා පුටුවක් ද ජත‍්‍රයක් ද මැනික් ඔබ්බවා අලංකාර කළ විචිත‍්‍රවත් මණ්ඩපයක් ද නිර්මාණය කරවීය.(ම. ව 37. 100 - 103) මොහු විසින් ඇත්දත් කැටයම් කලාව උගන්වන ශිල්පායතන ද පිහිට වූ බව මහා වංශයේ සදහන් වේ . ජෙට්ඨ තිස්ස කුමරා විසින් කළේ යැයි කියන නිර්මාණයේ පුරාවිද්‍යාත්මක සාධක නැතත් මහා වංශ විස්තරයට අනුව ඔහු උසස් නිර්මාණයක් කළ බව නම් පිළිගැනීමට අපහසු නැත. මෙයින් පෙනි යන්නේ මේ වනාහි ඇත්දත් කැටයම් කලාවේ ඇරබීම නොවන වගයි. එය යම් පරිණත තත්වයක පැවති ඇත. එසේ නම් ලංකාවේ ඇත්දත් නිර්මාණ කලාව ඊට වඩා ඈතට ගමන් කරයි.

මහා පරාක‍්‍රම බාහු රජු දවසද පොළොන්නරුවේ උයනක් වටා කරවු ස්ථම්භ සහිත වැටක් ගැන මහා වංශයේ සදහන් ෙවි . මේ ස්ථම්භ ඇත්දත් කැටයම්න් අලංකාර කර තිබු බව එහි කියවේ. සිවුවන බුවනෙක බාහු රජු දවසින් ද කීර්ත් ශි‍්‍ර රාජසිංහ රජු දවසින් ද ඇත්දත් කර්මාණ්තය පිළිබඳ සාධක ලැබේ. සිවුවන භුවනෙක බාහු රජු දවස ඉන්දීය හිල්පාචාරීන් ගෙන් වූ අතර මෙම කලාවේ උන්නතියට හේතුවිය. ඊට අනුව ඇත්දත් කර්මාන්තයේ ද වර්ධනයක් ඇති විය. කීර්ති ශි‍්‍ර රාජසිංහ රජුගේ අනුග‍්‍රහය ඇතිව කළ ඇත්දත් කර්මාන්ත රැුසක් අදත් සුරක්‍ෂිතව පවති. ඇත් දළයෙන් කළ අගනා උළුවස්සක් කුරුණැගල රිදී විහාරයේ දක්නට ලැබේ . මෙය කීර්ති ශ‍්‍රී රාජසිංහ රජුගේ අනුග‍්‍රහය යටතේ තිබීබොටාවේ මහානායක ස්වාමින් වහන්සේ ගේ අනුශාසනා පර්දි නිර්මාණය කරණ ලද්දකි. අවාසනාවකට මෙන් කලාවේ අගය නොහඳුනන කෞතුක භාණ්ඩ කෙරේ ලෝබ බැදගත්තෙකු හෝ කිහිප දෙනෙකු විසින් මේ අගනා නිර්මාණයට කර ඇති හානිය දකින්නට අපි අප පවු කර තිබුනි. (රිදිවිහාරය යටතේ වැඩි විස්ථර බලන්න.) බලවත්වල බෝධි නාරායන බුවනෙක බාහු චිත‍්‍රාචර්‍ය යන රාජ දන්ත පටබැදි නාමය සහිත තුමා පටබැන්දා නම් හිල්පියා විසින් කරවු අගනා ඇත්දත් උළුවස්සක් මහනුවර දළදාමාලිගයේ උඩ මළුවේ ද දක්නට ලැබේ. කීර්ති ශ‍්‍රි රාජසිංහ රජු විසින්ම කරවා මාතර හිත්තැටිය රජමහා විහාරයට පිදු ඇත්දත් මණ්ඩපයද විචිත‍්‍ර කර්මාණ්තයකි.

මෙහි ඇත්තේ මහනුවර දළදා මන්දිරයේ පත්තිරිප්පු වේ ආකෘතියක් වුව ද එහි කුලූනු සදහා බෙහෙවින් ම බලපා ඇත්තේ මහනුවර මගුල් මඩුවේ කණු පේකඩ ආදීයයි. මහනුවර අස්ගිරිය විජේසුන්දරාමයේ දක්නට ලැබෙන ඇත්දත් පිළිමය ලංකාවේ විශාලතම ඇත්දත් පිළිමය වියහැකියැයි පිළිගැනේ. අභය මුදාාවෙන් හා මහනුවර යුගයේ බුද්ධ චීවරයේ ලක්‍ෂණ වලින් යුක්තව කළ මේ දකුට්කල් බුද්ධ ප‍්‍රතිමා තැම්පත් කර ඇත්තේ අඩි 8ක් පමණ අස් මණ්ඩපයකය. මණ්ඩපය මහනුවර දළදා මැදුරේ පත්තිරිප්පුවට සමාන වන අතර එය රීදී සහ ඇත්දත් කැටයමින්අලංකාර කර ඇත. කුඩාපටබැන්දා නමි ඉහතින් කී ශිල්පියා විසින්ම කරවු මේ ප‍්‍රතිමාව කීර්ති ශී රාජසිංහ රජු විසින් සිය මාලිගයේ තැම්පත් කර ගෙන වන්දනාමාන කළ බව සදහන්වේ. කිර්ති ශ‍්‍රි රාජසිංහ රජුගේ සමය ඇත්දත් කැටයම් කලාවට මහත් අනුග‍්‍රහ දැක් වූ යුගයක් බව පෙනෙයි. වැලිවිට සරනන්කර සංඝරාජ ස්වාමීන් වහන්සේට සංඝරාජ පදවියට පිරිත් පිරිනමමින් රජු විසින් ප‍්‍රදානය කළ විජිණිපත ඇත්දත් මිටක් සහිත එකකි. මල්වතු විහාරයේ තැම්පත් කොට ඇති මෙය ඓතිහාසික හා කලාත්මක අගයෙන් යුක්ත එකකි.

මේ නිර්මාණ වලට අමතරව මහනුවර දළදා මාලිගයේ කෞතුකාගාරයේ තැම්පත් කර ඇති අඟල් 8ක් පමණ වූ රජ රූව (කීර්ති ශ‍්‍රි රාජසිංහ ප‍්‍රතිමාව) දොරටුපාල රූප සහිත මකර තොරණින් යුතු බෝධිසත්ත ප‍්‍රතිමාව රිදී විහාරයේ අධිපතිව සිටී තිබ්බොටුවාවේ ශ‍්‍රි සිද්ධාර්ථ හිමිපානන්ට කිර්ති ශ‍්‍රි රාජසිංහ රජු විසින් පුදන ලද්දා වු ඇත්දත් ඵලක වලින් සකස් කළ කම්බ සහිත පුස්තක තුනද ලංකාවෙන් හමු වූ අගනා ඇත්දත් නිර්මාණයන් වේ. මීට අමතරව ලංකාවේ නොයෙක් ප‍්‍රදේශ වලින් ඇත් දළ කරඩු, වටාපත් මිටි, ආභරණ හෙප්පු, කං හැදි,කණ්නාඩි රාමු,කණ්නාඩි කොපු,පිහියා මිටි,නළා,බුලත්කොටන වංගෙඩි,කිල්ලෝට හැරමිටි,පනා,මාල,පදක්කමි,වළලූ,කොණ්ඩ කූරු,අරුංගල්,ආදිය හමු වේ. දැනට කොළබ ජාතික කෞතුකාගාරයේ තැම්පත් කොට ඇති ඇත්දළ සිමිඩිය මේ අතර අති විශිෂ්ථ නිර්මාණයකි. ඊට හේතුව එහි ඇති සියුම් නිමාවයි.

ඇත්දළ සිම්ඩිය කෙතරම් සියුම් ලෙස නිර්මාණය කර ඇත් ද යත් අතින් තෙරපමින් භාවිත කරන්නට හැකිය. වර්ථමාණයේ රබර් වැනි යමකින් කළ නිර්මාණයක් සේ ය.

දක්‍ෂ හේවායෙකු නිරුපිත ඇත්දළ පනාවද සියුම් නිමාවක් සහිත එකකි. නිකවැරටිය ප‍්‍රදේශයේ ජාතික කෞතුකාගාරයට හිමි වුන මෙය දිගින් හා පළලින් සෙ. මි 11 . 8ක් හා 8. 7ක් වේ. ඝනකම මි. මි 6ක් පමණි. ග‍්‍රෑම් 60ක බරකින් යුතුය. ඇත්දළයෙන් කළ මංජුසාවක්ද ජාතික කෞතුකාගාරයේ තැම්පත් කර ඇත. සෙන්ටි ම්ටර 20.05ක් උස් ඇත්දළ කැබැල්ලක් (අග කොටසක්) එහි හැඩයෙන්ම කැටයම් කර නිර්මාණය කර ඇති මේ මංජුසාව මුල මැද හා අග රිදි වැඩ දමා ඇත. මැද ඇති රිදි මුදු වේ. නාමල් රටාවකට සමාන රටාවක් දක්නට ලැබේ. මුදුව 2 සෙ. මි පමන වේ. මංජුසාවේ කෙළවර පිපි එන නෙළුමක් සේ සකසා ඇති අතර ඒ හා ඇති රිදි මුුදුව 2 සෙ . මි පමන ප‍්‍රමාණයකින් යුක්තය. එහි අන්නාසි මල මෝස්තරයට සමාන රටාවකින් හැඩගන්වා ඇත. ඉහලින් ඇති නෙළුම මුදුනේ දම් පැහැති මැණික් ගලක් ඔබ්බවා ඇත.

ඇත්දළ මංජුසාවේ බද කොටස සපුරාම වාගේ මල් ලියකම් හා හේරුන්ඩ පක්‍ෂි රූප දෙකකින් සරසා ඇත. ඉතා මනෝහර රටාවකි. ඇත්දත් කර්මාණ්තය සදහා යොදාගත් ආයුධ විශාල ප‍්‍රමාණයක් අවශ්‍ය නොවේ . කියත නියන පත්කටුව අතකොලූව හා පීර ඒ අතර ප‍්‍රධානය. මීට අමතරව රාස්කුව පුල්ලෝරුම අඩුව දඬු අඬුව බුරුමය හා තොරපනය වැනි ආයුධද භාවිත කෙරේ. ඇත්දළ මංජුසාවේ බද කොටස සපුරාම වාගේ මල් ලියකම් හා හේරුන්ඩ පක්‍ෂි රූප දෙකකින් සරසා ඇත. ඉතා මනෝහර රටාවකි. ඇත්දත් කර්මාණ්තය සදහා යොදාගත් ආයුධ විශාල ප‍්‍රමාණයක් අවශ්‍ය නොවේ. කියත නියන පත්කටුව අතකොලූව හා පීර ඒ අතර ප‍්‍රධානය. මීට අමතරව රාස්කුව පුල්ලෝරුම අඬුව දඬු අඬුව බුරුමය හා තොරපනය වැනි ආයුධද භාවිත කෙරේ.

පත්කටුව හෙවත් නියන භාවිත කෙරන්නේ නිර්මාණයේ ස්වභාවය අනුවය. සියුම් නිර්මාණ සඳහා වෙනවම පත් කටුවක් වේ. වක් හෝ නොවක් රේඛා සහිත කැටයම් සදහා වෙනත් පත් කටුවක් අවශ්‍යයයි. ඇත්දත් යොදාගෙන වටාපත් මිටි ආදි වටකුරු හැඩ සැකසීමට කුඩා පට්ටලයක් අවශ්‍යයයි. ඇත්දත් කැබලි රථ ලෙස මැද ගැනිමට රාස්කුවද මදක් මෘදු මැදීමකට පීරද වැදගත් වේ . එසේ වුව ද ඔප දැමිමේ කාර්්‍යයට ගොන්න කොළ මොට දැලියා කොළ දෙල් පනාමල් ආදියෙන් රටහුනු ස්වල්පයක් සමඟ මැද ගැනීමට අවශ්‍ය වේ.

ඇත්දළ කැටයම් කලාවේ දි ඇතැම් විටෙක කවකටුව වැනි උපකරණයද අවශ්‍ය වේ. ඇත්දළ කර්මාණ්තයේ දී යොදා ගැනෙන මෝස්තර

ගල් බින්දුව
කුන්දිරක්මන්
පලාපෙත්ත
හංස පුට්ටුව
හේරුණ්ඩ පක්‍ෂියා
තිරි ගි තලය
ගැට ලියපත
සීනමල
අරිම්බුව
අරිම්බු සුරු'ථ
නෙළුම් මල
මකර රුව
කිඹිසි මුහුණ
පනා
රටාව

ඇත්දළ කැටයම් ප‍්‍රවීනයෝ

මුහන්දිරම් විම ලසුරේන්දා මහතා ගාල්ල රාජ සම්මාණ ලාභියෙකි. වික්ටෝරියා මහරුජිනට ඇත්දළයෙන් කළ පොල්මලක් තිළිණ කොට විශේෂ සම්මාණයට පාත‍්‍රවිය. එකී පොල් මල කොපුවෙන් මුදාහළ විට ෂතර අතට කිනිති එහි දී එල්ලා වැටෙන අයුරින් සකසා තිබුණි . වීර පරාක‍්‍රම සෙල්ලප්පු මහතා (ගෝවින්ත හෙළ) පාණ්ඩ්‍ය දේශයේ සිට ගම්පොළ බුවනෙක බාහු රජ දවස ලංකාවට ආ ශිල්පි පරපුරෙන් පැවත එයි.

දේව නාරායන - ගම්පොළ බුවනෙක බාහු රජ දවස ලංකාවට ආ ඇත්දළ කැටයම් ශිල්පියෙකි. පාණ්ඩ්‍ය වංශිකයෙකි.
සෝම නාරායන - ගම්පොළ බුවනෙක බාහු රජ දවස ලංකාවට ආ ඇත්දළ කැටයම් ශිල්පියෙකි. පාණ්ඩ්‍ය වංශිකයෙකි.
නීල නාරායන - ගම්පොළ බුවනෙක බාහු රජ දවස ලංකාවට ආ ඇත්දළ කැටයම් ශිල්පියෙකි. පාණ්ඩ්‍ය වංශිකයෙකි.
සිංහ නාරායන - ගම්පොළ බුවනෙක බාහු රජ දවස ලංකාවට ආ ඇත්දළ කැටයම් ශිල්පියෙකි. පාණ්ඩ්‍ය වංශිකයෙකි.
තින්නනාරායන - ගම්පොළ බුවනෙක බාහු රජ දවස ලංකාවට ආ ඇත්දළ කැටයම් ශිල්පියෙකි. පාණ්ඩ්‍ය වංශිකයෙකි.
උතුවන් කන්දේ ඔටුණු පණ්ඩිත ස්වර්ණ තිලක රදළ අප්පු ස්වර්ණ තිලක - දේවගම්පළ සිල්වතුන් ගේ සොයුරු පරපුරෙන් පැවත එන්නෙකි. දක්‍ෂ ඇත්දළ කැටයම් ශිල්පියෙකි. රන් රිදි පිත්තල තඔ ලී කැටයමටද දක්‍ෂයෙකි.
ඔතව ජිවත්හාමි - දක්‍ෂඇත්දළ කැටයම් හිල්පියෙකි.
කොස්සින්ගේ ස්වර්ණ සිංහ මුහන්දිරම් - දක්‍ෂ ඇත්දල කැටයම් ශිල්පියෙකි.
ශ‍්‍රි සුමන්ගළ හිම් - උඩ පිටියේ ඇත්දළ කැටයම් ශිල්පයේ නිපුන භික්‍ෂුන් වහන්සේ නමකි. අස්ගිරි විහාර සීමා මන්දිරයේ දොරටුවල ඇත්දත් කැටයම් උන්වහන්සේ ගේ නිර්මාණ වේ .

මුර්ති කරණයේ දී යොදා ගන්නා ලී සිමෙන්ති පැරිස් බදාම කැටලෝයිපේස්ටි ෆයිබර් මැටි වැනි දේ අද පවා සුලබව භාවිත වේ . මේ එකිනෙක භාවිත කිරීමේ දි. ඒවාට ආවේනික ගුණ වෙන වෙනම හඳුනා ගත යුතුය. ඇතැම් ඒවා සඳහා අච්චුවක් අවශ්‍යවේ. සිමෙන්ති යොදා ගෙන ක්‍රමිකව ගොඩ නැංවීය හැකි වුවද පැරිස් බදාමයෙන් එසේ ගොඩනැංවීම අපහසුය. ෆයිබර් සඳහා වෙන වම තාක්‍ෂණික ක‍්‍රම තිබේ. සටහන දීර්ඝ වන නිසා ඒ එකිනෙක පිළිබඳ විස්තර කිරීමට නොයමු .

7073 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.