මොසෙස්

ලිපිය සැකසීම :

ශුද්ධ බයිබලයේ මොහු පිළිබඳව සඳහන් වෙයි. ඊට අනුව දෙව් සම්දාණන්ගේ අනුභාවයෙන් සිය ජනයා මිසර වහල් භාවයෙන් මුදා ගත්තේ මොහුය. වසංගත දහයක් (ජලය ලෙයට හැරවීම, මැඩි උවදුර, කිනිතුලූ උවදුර, මැසි උවදුර, ගව සම්පත් වැනසීම, ගඩු උවදුර, ගල් වර්ෂා උවදුර, පළඟැටි උවදුර, ගනඳුරු උවදුර, කුලූඳුලන් මැරිම) මවා පාරාවෝවරු බියගන්වා සිය ජනයා මුදා ගත් මොසෙස් ඔවුන් ලූහුබැද ආ මිසර යුද හමුදාව ද රතුමුහුද මධ්‍යයේ දී විනාශ කළේය. ඔහු විසින් මුදා ගනු ලැබු ඊශ‍්‍රායෙල් ජනයා තුළ දෙවි සමිද්‍රණන් පිළිබඳ භක්තියක් ජනනය කිරිමට ද උන්වහන්සේ පිළිබඳ විශ්වාසය ඇතිකිරිමට ද මොසෙස් ක‍්‍රියා කළේය.

ඔබ වහල්කමේ නිවාසය වු මිසරයෙන් පිටතට පැමිණි මේ දවස සිහි කරන්න. මන්ද සම්දාණන් වහන්සේ සිය බාහු බලයෙන් ඔබ එතැනින් පිටතට ගෙනා බැවිනි. එබැවින් ඔබ මුහුන් රොටි නොකෑ යුතුය. ඔබ ආබිබ් නම් මාසයේ මේ දවසේහි මිසරයෙන් නික්ම ආවාහුය. තවද සමිදාණන් වහන්සේ ඔබට දෙසනු පිණිස ඔබේ පියවරුන්ට දිවුරුම් දුන් කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන දේශයක් වන කානානිවරුනගේ ද හිත්තිවරුනගේ ද අමෝරිවරුන්ගේ ද හිවීවරුන්ගේ සහ ජෙබුසිවරුන්ගේ දේශය උන්හවන්සේ ඔබ පැමිණවු කල මේ මාසයේදි මේ පිළිවෙත පවත්වන්න. දවස් හතක් තුළ ඔබ නුමුහුන් රොටි අනුභව කළ පසු හත්වන දින සමිදාණන් වහන්සේට මංගල්‍යයක් පැවත්විය යුතුය. දවස් හතක් ම නුමුහුන් රොටි අනුභව කළ යුතුය. ඔබ ළග මුහුන් රොටි නොතිබිය යුතුය. තව ද මුළු දේශයෙහි ම පවා මුහුන් නොතිබිය යුතුය. තවද සම්දාණන් වහන්සේගේ මේ නිිතිය ගැන නිතරම කතා කරන පිණිස, මේ පිළිවෙත ඔබට ඔබ අත ලකුණක් මෙන් ම, දෙබැම මත සිහිවීමේ ලකුණක් මෙන් ද විය යුතුය. මන්ද සමිදාණන් වහන්සේ සිය බාහු බලය පාමින් ඔබ මිසරයෙන් පිටතට ගෙනා සේක. එබැවින් මේ නියෝගය වසරින් වසර නියමිත කාලයෙහි ඔබ පැවැත්විය යුතුය. (ශුද්ද බයිබලය පැරණි ගිවිසුම නික්ම.13)

මොසෙස් මිසරයේ සිටි ඊශ‍්‍රායල් ජාතික ඥාතීන් ගලවා ගැනිමේ දී සිය සොයුරු ආරොන්ගේ සහය ද ඔහුට ලැබුණි. දෙවියන් වහන්ස්ගේ නියෝජිතයා වශයෙන් එහි ගිය නිසා මොසෙස්ට ප‍්‍රාතිහාර්ය පෑමේ බලය ද දෙවියන් වහන්සේ විසින් ලබාදෙන ලදී. අත වු සැරසටිය සර්පයෙකු බවට පෙරැුලිමේ බලය ඉන් එකකි. සැරයටියෙන් විවිධ හාස්කම් පෑමට, එනම් එය දිගුකළ වහා විවිධ විපර්යාස හා සතුරන්ට උපද්‍රව පැමිණවිම ආදි හැකියාවන් ඔහුට ලැබුණි. මිසරයේ වහල් කටයුතු කළ ඥාතීන් මොසෙන් ගේ ප‍්‍රකාශ විශ්වාස කළේද ඔහුගේ ප‍්‍රාතිහාර්ය පෑම් නිසාවෙනි. (මිසරයේ වහල් සේවයේ සිටි ඊශ‍්‍රායල්වරු වනාහි කලකට ඉහත මිසරයට අලෙවි කරනු ලැබු ජොසෙප් නම් ඊශ‍්‍රායල් වරයාගෙන් පැවත එන්නෝ වෙති. ජෝසප් සිය බුද්ධිමහිමයෙන් හා දෙවි සමිදාණන්ගේ ආධාර උපකාර හා ආශිර්වාදයෙන් පසු කාලයේ මිසර දේශාධිපත්‍යයා වු අතර ඔහු සිය ඥාතින් ද එහි කැඳවා වඩාත් සුදුසු තැන, පදිංචි කරවිය. ජොසප් මියගිය පසු ද එම පිරිස එහිම සිටි අතර ක‍්‍රමයෙන් මිසර වැසියන්ගේ සංඛ්‍යාව ද අභිබවා එහි සිටි ඊශ‍්‍රායෙල් ජනගහනය වර්ධනය විය.

පසු කාලයේ මිසර පාලකයා වු ද, ජොසප් ගැන නොදත්තා වුද රජෙකු විසින් ඊශ‍්‍රායල් වරුන්ගේ අධිකතාව දැක ඔවුන් වහල් සේවයේ යොදවා පිඩාවට පත් කිරිමට තිරණය කළේය.(මිසරයේ වහල් භාවයෙන් මුදාගත් සිය ඥාතීන් තුළ දේව භක්තිය වඩවා ඔවුන් යම් සදාචාරසම්පන්න සංස්කෘතික රාමුවක් තුළ උසස් ජිවන චර්යාවකට යොමු කිරිමට මොසෙස් මුලික්තවය ගෙන ක‍්‍රියා කළේය. පුනර්ජීවන යුගයේ කිතුනු කලාව තුළ මොසෙස් මුර්තිමත් වුයේද එබැවින් විය යුතුය. සිනයි කන්ද යනු මිසර වහල් භාවයෙන් මිදි පැමිණි ඊශ‍්‍රායෙල් ජනයා එසේ පැමිණ ගතවු තෙවන මස පළමු දින නතරවු ස්ථානයයි. මෙතැන් දි ඔවුහු දෙවියන් වහන්සේගේ දස පනත ඇතුළු අඥාවන් පිළිබඳ දැනුවත් වු අතර කඳු පාමුල දේව පුජාසනයක් ද ශෛලයමය ස්ථම්භ දොළසක් ද ඉදිකොට දෙවි සමිඳණන් උදෙසා පුජා පැවැත්වුහ. (ශුද්ධ බයිබලය නිකමයාම)මොසෙස් නමින් මයිකල් ආන්ජිලෝ විසින් නිර්මාණය කළ මුර්තිය පුනර්ජීවන යුගයේ කළ උසස්තම මූර්තියක් සේ පිළිගැනේ.

මෙය දෙවන ජුලියස් පාප් තුමාගේ අනුග‍්‍රහය යටතේ සෙවය කළ 1505-1513 අතර කාලයේ නිර්මාණය කරන්නට ඇත’යි සැලකේ. රෝමයේ ශාන්ත පීතර දේවස්ථානයේ දක්නට ලැබේ. මේ අග‍්‍ර මුර්තිය ජුලියස් පාප් වහන්සේගේ හා ආන්ජිලෝගේ සංකල්පනාවන්හි සංකලනයක් සේ සඳහන් වේ. කිතුණු සම්ප‍්‍රදායට අනුව දෙවියන් හා සමීප සබඳතා පවත්වන්නා වූ යුරෝපීය දේවගැතිවරයෙකුගේ ප‍්‍රතිරූපය හා මිශ‍්‍ර වූ වීර චරිතයක ලක්ෂණ මොසෙස් තුළින් විද්‍යමාන වේ. ඔහුගේ සිරුරේ රැඳි තාරුණ්‍ය ලක්ෂණ වීරත්වයේ සංකේතයෝ වෙති. දිගු රැවුල දේව සමාගමයේ සංකේතයක් බඳුය. මුහුණේ දාර්ශනික ගැඹුරක්, ගැඹුරු අරමුණක සේයාවක් දක්නට ලැබේ. දකුණතේ ඇඟිලි ජයග‍්‍රහණය පිළිබඳ මුද්‍රාවකට ආසන්න ස්වරූපයක් උසුලයි. හිසෙහි කෙටි අං දෙකක ස්වරූපයක් නිර්මාණය කළේ සාමාන්‍ය ජන සමාජයෙන් මුදවා දේවත්වයට සමීප කිරීමට විය යුතුය. ආන්ජිලෝ විසින් මෙම මුර්තියේ වස්ත‍්‍ර නිර්මාණය කර ඇත්තේ පුනර්ජීවන යුගයේ ශිල්පීන්ට පොදු ස්වභාවයෙන් වුව ද, එහි දක්නට ලැබෙන විද්‍යාත්මක ස්වභාවය අනුව ආදර්ශකයක් භාවිත කර නිමවන්නට ඇතැයි සිතිය හැක. මේ මූර්තිය හරහා ආන්ජිලෝ තුළ පැවති දේව භක්තිය හා අවබෝධය ද යම් තරමකට ප‍්‍රදර්ශනය වේ.

1863 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.