රන්කොත් වෙහෙර

ලිපිය සැකසීම :

 

15

 

පොළොන්නරු යුගයේ ඉදි වූ විශාලතම ස්ථුපය වශයෙන් සැලකෙන මෙය දැනට මීටර් 55 ක් පමණ උසකින් යුක්තය. දාගැබේ ස්වභාවයේ අනුව එහි මුල් උස අඩි 200ක් පමණ වන්නට ඇත. නිශ්ශංක මල්ල රජුගේ ගල් පොත ශිලා ලේඛනයට අනුව මෙය රජගෙට උතුරින් තිබ් ඇත. ( රජගෙට උතුරු දිග අසු අත් රුවන් වැලි දාගැබ් වහන්සේ කරවා )මේ ලිපියේ රුවන් වැලි දාගැබ යනුවෙන් හදුන්වා ඇත්තේ රන් කොත් වෙහෙරයි.

 

16


රන් කොත් වෙහෙර මේ රජුගේ සමයේ ඉදිකළේම යැයි කියන්නට සාධකය නම් දාගැබ ආසන්නයේ අසුන් ගෙන දෙමළ මහා සෑයේ ද රන් කොත් වෙහෙරේ ද ඉදිකිරීම් නැරබු බව එහි සදහන් වෙයි.පෙළ බසින් රත්නාවලී චෛත්‍ය ලෙස හදුන්වන මෙය රන් කොත් වෙහෙර යැයි හදුන්වන්නේ එහි රනින් කොතක් පැළ ද වු බව මහා වංශයේ සදහන් වන නිසා විය යුතුය . ( ක‍්‍රි. ව 80 :18 ) දාගැබ පිහිට් වේදිකාවේ ප‍්‍රාකාරය ගඩොලින් හා බදාමයෙන් කරවා ඇත. බැම්මේ ඉහළ කොටස කැටයම්න් සරසා ඇත. ථුපය ආශි‍්‍රතව ප‍්‍රතිමා ගෘහයක් ද වෙයි. නිශ්ශංක මල්ල රජු මේ දාගැබේ තැම්පත් කළ ධාතු නමස්කාර කළ බව අසන්න මැදුරක ගල් ටැඔක ලිපියක සදහන් ය.


කෙසේ වුවද මේ ථුපයේ නාමය අනුරාධපුර යුගයේ මහා ථුපය ඇසුරින් නිම කළ හැඩය අතරින් එය පොලොන්නරු ලක්‍ෂණ ප‍්‍රකට කරයි. විශේෂයෙන් ම ගැබෙහි ඉහළ කොටසේ ඇති පැතලි ස්වභාවය ඊට නිදසුනකි. මෙහි ඇති අනෙක් විශේෂත්වය දැකගත හැක්කේ ෂතරුස් කොටුවෙනි. සාමාන්‍යයෙන් දාගැබෙහි සතරැස් කොටුවේ සුර්ය චන්ද්‍ර මණ්ඩල නැගෙනහිර හා බටහිර දිශාහි මුඛය කැටයම් කළ ද මෙහි ඒ වෙනුවට අටපෙති මලක් ( නෙළුම් මලක්) නිමවා ඇත. රන් කොත් වෙහෙර නිශ්ශංක මල්ල රජු විසින් කර වූ යේ යැයි ශිලා ලේඛන ආදියෙන් හෙළිවුවද සාහිත්‍ය මුලාශ‍්‍රාදියේ ඇති තොරතුරු අනුව මෙය පැරකුම්භාවන් ව්සින් ඇරඔු ථුපයක් බව ත් නිශ්ශංක මල්ල රජු එහි කටයුතු නිමකළ බවත් ඇතැම් ඉතිහාසඥයෝ විශ්වාස කරති.

4018 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.