රුවන්වැලි දාගැබ

ලිපිය සැකසීම :

12

 

රුවන්වැලි දාගැබ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ අනුරාධපුර පුජා නගරයේ ථුපාරාමය,ශ‍්‍රි මහාබෝධිය, බසවක්කුලම වැව යනාදියට මැදිව පිහිටි බෞද්ධ පුජ්‍යස්ථානයකි. අටමස් ස්ථානයන්ගෙන් එකකි. රුවන්වැලි සෑය රුවන්මැලි සෑය නමින්ද, මහාථුපය නමින්ද, ස්වර්ණමාලි මහ චෛත්‍ය නමින්ද හැඳින්වෙයි. ථුපය ඉදිකිරිමට යන අවස්ථාවේ ඉදිකිරිමේ බිම සැකසිම සඳහා ඉවත්කළ යුතු වු මහා වෘක්ෂයක වැඩ සිටි දේවතාවියකගේ නමින් මෙය ස්වර්ණමාලි මහා චෛත්‍ය යන නම ලැබිය.ස්වර්ණ මාලියට රුවැන්මැලි යන නමද යෙදෙයි. එහෙයින් රුවන් මැලි මහා දාගැබ රවුන්මැලි සෑය යන නමද යෙදෙයි. ස්වර්ණමාලිය තරන්වල්ලි යන නමින්ද හැදින්වෙයි. එහෙයින් මේ සෑය රුවන්වැලිසෑය යන නම ද ලැබිය කාලිනව ඉදිව තිබු මහා (විශාල) ස්ථුපය මෙය වු හෙයින් මහා ථුපය යන නමද ලැබිය.

 

මහා බෝධිවංශයට අනුව මහින්ද මහ රහතන් වහන්සේ දවස අනුරාධපුර රවුන්මැලි සෑය අවට භුමිය මාලක යන නමින්ද රුවන් මැලිසෑය පිහිටි බිම (එය පිහිටුවිමට පෙර පටන් රත්නමාලක හෙවත් රුවන්මළුව ගත නමින්ද හැඳින්වු වග පෙනෙයි. රුවන්මැලිසෑය යන නම ඒ අනුව ආයෙද යන සැකය පවතී. (සමං. පුරා.ජුලි - සැප. පිටුව 01) රුවන්මැලි සෑය යන නාමින් මහාවංශයේ පළමුවරට සදහන් වන්නේද ඛල්ලාව නාග රජුගේ රාසස කාලය පිළිබඳ විස්තරයේය.මව පරි. 31 ගාථාව බලන්න. ථුපාරාම භුමියෙන් සොයා ගත් සෙල්ලිපියක රතන අරබ යනුවෙන් සඳහන් කර ඇත්තද රුවන්මැලිය යැයි පරණවිතාන මහාත විශ්වාස කළේය. (සං. පුරා.2001. ජුලි . සැප්. පි. 01) එම ලිපිය ගජබාහු රජ දවසට අයත්ය.

මෙය කරවුයේ දුට්ඨගාමිණි මහරජතුමා (ක‍්‍රි.පු 161- 131) විසිනි දේවානම් පියතිස්ස රජ දවස මෙරටට බුද්ධ දර්ශනය හදුන්වාදි වදාල මහා මහින්ද හිමියන් විසින් බුදුරදුන් උදෙසා මහා චෛත්‍යය ඉදිකළ යුතු ස්ථානය වශයෙන් නම් කළ ස්ථානය වුයේ මේ ස්ථනයයි. ඒ දවස දෙවන පෑතිස් දුටුගැමුනු රජු මහා ථුපය කළ වගද ද වංසකථා කියයි. මහින්ද මහරහතන් වහන්සේට අනුව මෙම ස්ථානය බුදුරදුන් පරිභෝග කළ ස්ථානයකි.ද්‍රෝනායක් පමණ සරවඥ ධාතුන් වහන්සේලා තැම්පත් කළේ යැයි කියැවේ. මෑත කාලිනව කළ කැනීම් වල දීද මෙහි ගර්භයේ තිබී බොහෝ නිධන් වස්තු ගැට වි තිබේ. අනුරාධපුර මුල් යුගයට අයත් බිතුසිතුවම් රැුසක්ද එහි ධාතු ගර්භයේ ඇතුලත් බිත්ති මගින් හමුවී තිබේ.


රුවන්මැලි සදහන් මුල ස්වරූපයද බුබ්බුලාකාර වු බව මහාවංස ආදී වංශකථා පිරික්ෂුමෙන් පෙනේ. (ම.ව. 28 - 32 පරිච්ෙඡ්ද වල රුවන්මැලිසෑය පිළිබඳ සම්පුර්ණ විස්තර ඇතූලත්ය. ථුපවංසය ලියැවී ඇත්තේද මහාථුපය වර්ණනා කිරිම විශේෂ කොටගෙනය. කියවන්න* බුබ්බුලාකාර හැඩය නොවෙනස් නමුත් ථුපයේ ප‍්‍රමාණය වෙනස්වි ඇත. මහාචා්‍යෟ ටී.ජී. කුලතුංග මහත්මාව අනුව 12 වැනි සියවසේදී මහා දුපය දක්නට ලැබුණ ආකාරය නෙළුබැවේ සෙල්ලිපියක ඇති ථුප සටහනෙන් අවබෝධ කොට ගතහැක. (අනුමානයකි) රුවන්වැලි සෑයට කළ දීමනාවක් පිළිබදව එහි සදහන්වයි. නිශ්ශංකමල්ල රජතුමා විසින් රුවන්මැලියද මළුවේ කළ ශෛලම කුඩා ස්ථුපයද මහාථුපයේම හැඩයට කරවා ඇතැයි සිතෙයි. පිහිටි පොළොවේ සත්රියනක් යටට කැන (ම.වය. 29 පරි. 2 ගාථාව) අත්තිවාරම දමා වී මත්තෙහි ථුපය ගොඩ නංවා ඇත. එහෙත් මෙම අත්තිවාරමේ ප‍්‍රමාණය පිළිබඳ මහාවංශ සදහන් පුරා විද්‍යාත්මකව අනාවරණය කොට නොමැත. (කුලතුංග ටී.ජී. 2004, පිටුව 14) කෙසේ නමුදු ශක්තිමත් අත්තිවාරමක් මත ඉදිකළ මහා දුපය උසින් අඩි 120 ක් වු බැව් මාලිංග අමරසිංහ මහතා සිය කෘතියේ සඳහන් කර ඇත. (අමරසිංහ මාලිංග 2005.පිටුව 08) එහෙත් එහි එකල උස රියන 120 ක් හෙවත් අඩි 300 ක් පමණ වු බව පරණවිතාන මහතා කියයි. (පරණවිතාන එස්. 1997 පිටුව 5) මෙයින් පරණවිතාන මහාතගේ මතය පිළිගත හැකිය චෛත්‍යයේ විෂ්කම්භය අඩි 3790 උස අඩි 338කි. පාදයේ වටප‍්‍රමාණය අඩි 942කි. කොත පමණක් (වුඩාමාණිඩසය සමග) අඩි 25 ක් පමණ වේ. ස්ථුප මළුවේ පැත්තක දිග අඩි 465 ක් තරම් වෙයි. ථුපය බැඳීමට සාදාගත් ගඩොලක් පළල 24.17 ද ඝණකම 6.97ද වෙයි (ගඩොලක දිග ප‍්‍රමාණය නොමැතිව පළල හා ඝනකම පමණක් දක්වා හෙන්රි පාකර් මහතා සිය සටහන නිමවා ඇත. කෘතිය උපුටා දක්වන සං.පුරා. 2001 ජුලි : සැප් කලාපය සම්ප‍්‍රදායක එච්.එම්. ලක්මිණි නිශාන්ති)

 

14



වෙනත් චෛත්‍යයන් මෙන්ම රුවන්මවැලි සෑයද වරින්වර විවිධ ආකාරයේ ප‍්‍රතිසංස්කරණයට ලක්කොට තිබේ. කොත් කැරුල්ලේ කටයුතු නිමවිමට ප‍්‍රථමයෙන් දුටුගැමුණු රජතුමා මිය ගියෙන් චෛත්‍ය කටයුතු නිමකරවුයේ සද්ධාතිස්ස රජතුමා විසිනි. (ක‍්‍රි.පු. 137 -119) ලජ්ජිතිස්ස රජු චෛත්‍ය වේදිකාවේ හුණුගල් ආවරණ දෙවිය (අමරසිංහ මාලිංග 2005. පි. 08) බල්ලාට නාගරජු දවස (ක‍්‍රි.පු. 109 - 1003) චෛත්‍යයේ වැලිමළුව ප‍්‍රතිසංස්කරණය කරවා ඒ වටා ඇත් පවුර කරවිය. භාතිකාභය රජු (ක‍්‍රි.පු.22- කි‍්‍ර.ව. 7) ථුපයේ සේයාවන් ශෛලමය සේයාවන් ලෙස සැකසිය. මහාදාඨක මහානාග (ක‍්‍රි.ව.07- 09) රජු වැලිමළුව පුළුල් කරවීය. අමරණඩගාමිනි රජු (ක‍්‍රි.ව. 19 - 22) චෛත්‍ය වේදිකා ප‍්‍රතිසංස්කරණය කරවිය. එකක් මත එකක් සිටින සේ (සංචි ථුපයේ සේ) චෛත්‍යයට ඡුතු 2 ක් නම් කරවුයේ ද මේ රජතුමා විිසිනි. පළමු සිරිනාග රජු (ක‍්‍රි.ව. 189 - 2009) ඡුත‍්‍ර පිළිසකර කරවා රන් ආලේප කරවිය. පළමු සංසතිස්ස රජතුමා (ක‍්‍රි.ව. 247 - 249)ද එම ජත‍්‍ර රනින් ආලේප කරවා පළිඟු මුදුද හවිකරවිය ථුපයේ කැඩි බිඳී ගිය තැන් හුණු බදාමයෙන් පිළිසකර කරවීය. හරතරැුස් විකටුවේ සිවු දිග අගනා මාණික්‍ය හතරක්ද සවි කරවිය. ප‍්‍රාකාරයට සම්බන්ධ දොරටුවල තොරණ කරවීම මිත්තසේන රජු ක‍්‍රි.ව. 426 - 429 විසින් සිදු කර තිබේ.

 

 

හත්තිවේදිය ඉදිකළේ ක‍්‍රි.ව.571 - 604 කාලයේ රජකළ මහානාග රජතුමා විසිනි. එතුමා සිතුවම්ද අළුත්වැඩි හා කළ බව කියැවේ. ඒ ඇත් පවුරේ සායම් ආලේප කිරිමද නැතිනම් වෙනත් තැනෙක සිතුවම් ඇඳීම දැයි අපැහැදිලිය (ම.ව. 40 පිරි 94- 95 ගාථා බලන්න)චෛත්‍යයට රන් ආලේපිත ශෛලමය ජත‍්‍රයක් එක්වෙන් ක‍්‍රි.ව. 571 - 604 කාලයේ රජකළ පළමු අගබෝ රජ දවසය (ම.ව. 41 පරි 32 ගාථාව පටන් බලන්න) තෙවන මුගලන් රජු (ක‍්‍රි.ව.614 - 619) ථුපය සපුරාම පිළිසකර කරවිය. මහා පරාක‍්‍රමබාහු රජතුමා (ක‍්‍රි.ව. 1153-1196) චෛත්‍ය මළුවේ කුඩා ශෛලමය ථුපයක් කරවිය චෛත්‍යයේ මීළඟ ප‍්‍රතිසංස්කරණ කටයුතු අරඹන්නේ නාරංවිට සුමනසාර නම් ස්වාමන් වහන්සේ විසිනි. උන්වහන්සේ පිළිබඳ විවිධ මතවාද පවති. මේ හිමියෝ රාමච්ච මහා නිකායේ පැවිදිව පසුව යළි සියම් නිකායේ පැවිදි වු අයෙකි. වනද්නා කරුවන්ගෙන් ලද රු. 2,02,5000ක මුදලක් යොදවා චෛත්‍යයේ ධාතු ගර්බය අඩි 40 ක් බැඳවීමට උන්වහන්සේ ගමක් වුහ. ඉන් අනතුරුව සංරක්ෂන කටයුතු භාරගන්නා රුවන්වැලි චෛත්‍ය වර්ධන සමාගම එහි සියලූ කටයුතු නිමව 1940 දී චෛත්‍යයේ කොත පළඳවන ලදී.

11

 

ඉංග‍්‍රීසි ජාතික අයවර මහාතට අනුව වර්ෂයේ බෞද්ධ සැදැහැවතුන් පිරිසක් මේ ආශ‍්‍රිතව පෙරහැරක් පවත්වා චෛත්‍යයට කොතක් පළඳවා ඇත. (සං.පුරා. ජුලි සැප්) ඒ කෙසේ වෙතත් බුරුමයෙන් ගෙන්වු පළිගුවක් සහිතව අන් 25ක් උස කොත පැළඳවීම සිදුවේ වර්ෂයේදීය.රුවන්වැලිසෑ චෛත්‍ය වර්ධන සමාගම පිහිටුවනු ලැබුයේ ක‍්‍රි.ව. වර්සයේදිය වලිසිංහ හරිස්ඡුන්ද්‍ර මහතා එහි සහභාගි තනතුර දැරිය අනාගරික ධර්මපාල තුමාද එතුමාගේ මව වු මල්ලිකා හේවා විතාරණ මැතිණියද හෙන්ද්‍රි ස්ටීල් ඕල්කට් තුමාද එහි ක‍්‍රියාකරි සාමාජිකවෝ වුහ. ඔවුන් විසින් දිවයින පුරා පිහිටුවු ශාඛා නමිනි මගින් එක්රැස්කළ මුදල් යොදවා ප‍්‍රතිසංස්කරණ කටයුතු සිදු කළහ. අම්බලන්ගොඩ ශාඛා සමිතිය මෙම ශාඛා නමිනි අතරින් කැපි පෙනුණ ශාඛා සමිතියක් විය. (සං.පුරා. ඉහත මුලාශ‍්‍රයම) චෛත්‍ය ප‍්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් බෞද්ධයන් දැනුවත් කළේ සිරි අනුරපුර පුවත නම් පුවත්පත මගිනි අයවැය වාර්තා සරසවි සඳරැුස් පතයේ පල කරන ලදි. ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා අවශ්‍ය ජලය සැපයිමට ශ‍්‍රි ලංකාවේ ජිනසේන සමාගම ජල යන්ත‍්‍රයක් නිමවන ලදි. කොත පළඳවු පළිගුව බුරුමයෙන් ගෙන්වුයේ අමරපුර මහා නිකායික භික්ෂුන් වහන්ස්ලාගේ මැදහත්විමනි. (සං.පුරා.ඉහත මුලාශ‍්‍රයට) ප‍්‍රතිසංස්කරණ කටයුතුවලට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මැදහත් වන්නේ පසුකාලීනව ඔවුන් චෛත්‍ය වර්ධන සමඟ හවුල්ව කටයුතු කළහ. චෛත්‍ය වර්ධන සමිතයේ මුලික අරමුණ වුයේ ආගමික පදනමක පිහිටා චෛත්‍ය ඉදිකිරීමය.පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අරමුණ වුයේ පුරා විද්‍යා ස්මාරකයක් වශයෙන් එම පදනමෙහි පිහිටා චෛත්‍ය සංරක්ෂණ කිරිමය. මේ නිසා ප‍්‍රතිසංස්කරණ කටයුතුවල යම් යම් ගැටළු මතුව තිබේ. චෛත්‍ය වර්ධණ සමිතිය මගින් කළ ප‍්‍රතිසංස්කරණවලදි තෙවැනි ජෙසාව මත තිබු හස්තිවේදිය ඉවත් කර ඇත. ස්මිතර් මහාතට අනුව චවන ජෙසාව මත ශෛලමය හස්ත හිස් 133 ක් තිබි ඇත. ඒවා අතර මිටර 3 බැගින් පරතරය තිබි ඇත. මහිට අමරතව බටහිර ආගකය (වාහල්කඩ) හැර සෙසු ආයත චෛත්‍ය වර්ධන සමාගම විසින් ප‍්‍රතිසංස්කරණය කරන ලදුව ඒවායේ පැරණි ස්වරූපයට තරමක් හානි සිදුවී තිබේ.

13
බටහිර ආයතන දෙපාර්තමේන්තුවේ මැදහත්විම ඇතිවි ප‍්‍රතිසංස්කරණය කර ඇත. දෙපාර්තමේන්තුවේ මැදහත්විමෙන් ප‍්‍රතිසංස්කරණය කළ ආගක ගෙනි හැර අනෙක් ආගක හිම ලීස්කර මාරු කොට ඇත් අය ගම සිංහ ගත රූප ඒවා තිබු කුළණ මතිය ඉවත් කර තිබිම ඒවායේ පැරණි ස්වරූපයට සිදුවු හානියක් ගේ සැලකිය හැක. එමෙන්ම පැරණි ශෛලම නිර්මාණ දකුණු ඉන්දිය කාර්මිකයන් ලවා ඔප දමා තිබිමද හානියක් වී ඇත. (සං.පුරා.2001 ජුලි සැප්) රුවන්මැලියද චෛතය මළුවේ පුරවාස්තු සලපල මළුවේ කුඩා ස්තුප 2 ක් තිබු බව ස්මිදර් මහතා පවසයි. ඒවා ගරා වැටී තිබි ඇත. රව්තමානයේ චෛත්‍ය මළුවේ කුඩා ස්ථුප 4 ක් නිමාවා ඇත.සලකාළ මළුවේ සුර්ය දේව ප‍්‍රතිමාවක් තිබි ඇත. සලපතළ මළුවේ ම පන් පිළිමගෙය නම් ගාහයක් තිබි ඇත. එය දැනට නැගෙනහිර ආගකය අසල ඉදිකර ඇති අතර ප‍්‍රතිමා සහ ප‍්‍රතිසංස්කරණය කොත තිබේ. සතර බුදුවරුන්ගේ රූප සමඟ මෛත‍්‍රි බෝසතුන්ගේ රුවක් එහි වෙයි (ස්මිදර් මහතා උපුටා දක්වන සං. පුරා සමඟරාව 2001 ජුලි - සැප්)සලකළ මළුවේ ගිනිකොන දිගින් ඇති ශිල්ප ස්ථම්භ පෙළ සුර්ය දේවාලයේ නටබුන් විය යුතුය. (ඉහත මුලාශයම) සලපතළ මළුවේ නිරිත දිගින් ඇත්තේ භිතකාභය රජුගේ පිළිරුවයි. එය සාධක සහිතව ම හඳුනාගත් එකම රජරුව වගගත් පිළිගැනේ හමුවනවිට තෙකඩව තිබු මෙය පසුව සම්බන්ද කොට චෛත්‍ය අසල තැම්පත් කර ඇත. කිරිගරුඩ රජරුවක් ද හමු වි ඇත. හමුවනවිට දෙඅත් අරහිස අසලින් වෙන්වි ගොස්ස තිබුණි. දුටුගැමුණු රජුගේ යැයි අනුමාන කෙටර්. භාතිකාසය රජරුව අනුකරනය කොට පසු කාලයේ ඉදිකළ එකකැයි පිළිගැටනයි. රුවන්මැලි සැය පිළිබඳ මුලාශ‍්‍ර සටහන් මහාවංසය ඇතුළු වංසකතා බොහොමයක රුවන්මැලි සතුය පිළිබඳව සදහන්වෙයි ථුපවංසයේද දිර්ඝ විස්තරක් එය ඒ රජ මෙසේ ලෝක ශාසනයට මවක සේ ලක්දිව මිථ්‍යා දෘෂ්ටින් දුරුකොට ශාසනෝපාකර කරනුයේ නව අනුවක් පමණ රජමහා විහාර කරවා එකතුන්සියයක් මහා පුජා කළේය. තවද මිරිස් පැස්සක් බුදුන් දරුවන්ට නොදි සඳහන් මඳ ව කදවා වු දඬුවමට එකුන් විසි කළෙක් පමණ ධන වියදම් කොට මිරිසවිටි (මිරිස්වැටි) නම් මහ සෑය කරවා ලක්දිව මහා සංඝයා රැස් කොට සත් දවසක් මහ දන්දි පුජා කළේය. තවද අයමින් පතරින් එක් සිය විසි රියන් පෙළෙක සතලිස සතලිය බැගින් සතලිස් පෙළක් ඇති එක් දහස් සසියක් මහ ටැම් හිඳවා නව මහල් ඇති දහසක් කන්කුළු ඇති ලෝවාමහපාය තිස්කෙලක් පමණ ධන වියදම් කොට කරවා සංඝාරාම කොට පිලිගන්වා සත් දවසක් මුළුල්ලෙහි මහත්වු දාන පුජා කළේය. තවද එක්සිය විසිරියන් රුවන්මැලි නම් මහ සෑය බඳවා අනන්ත නම් නාගරාජයා කෙරේ තුබු දෝණයක් පමණ ධාතු දොලොස් හැවිදරි සොන්ත්තර නම් සාමනේර කෙනෙකුත් ලවා බලාත්කාරයෙන් ගෙන්වා ඒ දාගැබ පිහිටුවා සයානුකෙලක් පමණ මහරහතන්ට සති දවසක් මහ දන් දී අනර්ඝ වු වස්තු සු විස්සක් හා දෙකෙළ දහසක් පමණ ධන පරිත්‍යාගයෙන් ඒ රුවන් මැලි නම් මහා චෛත්‍යය පුජා කෙළේය. (පුජාවලිය පිට කිරිඇල්ලේ ඤණවිමලහිමි සංස් 2002) ථුපවංසයේද මහාවංසයේ ද සටහන් දීර්ඝ නිසා මෙහි නොදක්වමු.

 

 

6374 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.