සතරැස් කොටුව

ලිපිය සැකසීම :

හතරැස් කොටුවත් හර්මිකාවත් දෙක ම එකකි. හර්මිකාව යටතේද තොරතුරු ඇතුලත් කර ඇත .

 

ස්තූපයක සතරැස් කොටුවයි. මෙහි අරුත‘කුඩා මණ්ඩපය’ යන්න යැයි ශ‍්‍රිමත් ජෝන් මාෂල් මහතා අනුව යමින් පරණවිතාන මහතා කියයි.(25 සිට ලංකාවේ ස්තූපය)

 

විදහාපියතං සබබං රාඡුා ථුපං සමාපයි

 

චතුරසසවයං චෙත්‍ථ චෙතියමහි සමාපයි

 

යනුවෙන් මහාවංසයේ දැක්වෙයි. ඵහි චතුරසසචයං යන්නෙන් සතරුස් කොටුව යන්න අර්ථවත් වෙයි. සිවු කොන් සෑය යනුවෙන් හැඳින් වෙන්නේද මෙයමය. 13 වන සියවසට අයත් සාහිත්‍ය කෘති වල මෙය සිවුරැස් කොටුව යනුවෙන් දක්වා ඇත.

 

...මෙසේ ඒ් දුටුගැමුණු මහ රජ ඒ සියලූ ධාතුන් වහන්සේ නිධාන කරවා දාගැබබ`දවන්නේ බුබ්බුලාකාරය හා සිවු?ස් කොටුව බඳවා නිමවිය... (සිංහල ථුපවංසය ඩබ් ඇස්. කරුණාතිලක සංස් 190පිට. 1997 මුද්‍රණය)

 

සංස්කෘත බසින් චතුස් කොෂ්ඨ යනුවෙන් හැඳින්වෙන්නේ ද මෙයයි.

 

සාංචි ස්තූපයේ සතරැස් කොටුව ගල්ගරාදි වැටක් සහිතව දක්වා ඇත. මුදුනේ හෙවත් මුද්ධ යේ ඇති වැට හෙවත් වේදිය නිසා මෙය මුද්ධවේදී යනුවෙන් ද හඳුන්වා ඇත.

 

ඡුත්තකාහෙි කාරෙසි ඡුතතං වෙළුමයං තථා

 

ඛරපත්තමයෙ චන්‍දසූරියෙ මුද්ධවේදියං

 

(ම.ව 32. 5)

 

මුද්ධවේදිය යනු සතරැුස් කොටුවට ගෞරවයක් ඇතිවන සේ ඒ වටකොට නිමවූ වැටයි. පරණවිතාන මහතා කියන්නේ ලංකාවේ චෛත්‍යය වල මුල්කාලයේ දාරුමය මුද්ධවේදියක් කරවුව ද කාලීනව දිරාපත්වීම නිසාම එය අත්හැර දමන්නට ඇති බවයි. වනය ක්‍ෂුද්‍රක වස්තුවේ මෙය ද්‍රෝණි යන නමින් හඳුන්වා ඇත.

 

1518 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.