හත්ථිප‍්‍රාකාරය

ලිපිය සැකසීම :

හත්ථිප‍්‍රාකාරය චෛත්‍යයක වැලිමළුව හා සලපතළ මළුව සම්බන්ධ වන ස්ථානයේ ඇති ප‍්‍රාකාරයයි. ඇත් රූ සහිතව ඉදිකෙරෙන නිසා එය හත්ථිප‍්‍රාකාර නම් වෙයි. මහාවංසයට අනුව සද්ධාතිස්ස රජතුමා, සිය සොයුරා විසින් ඇරමුම හා ථුපයේ කටයුතු නිම කිරීමේ දි හතථකාරය ද 9-12 සියවස් අතර කාලයේ ඉදිකරන ලද්දකැයි සෙනරත් පරණවිතාන මහත්මා කියයි. (2009.පිටුව 59)ඊට සාධක වශයෙන් එතුමා දක්වන්නේ එම ප‍්‍රකාරය ඉදිකිරිමට හුණුබදාමයෙන් බැදි ගඩොලෙන් ඒවා නිමවා තිබිමයි. අභයගිරි ථුපයේද හත්ථ ප‍්‍රාකරයක් තිබි ඇත. තැන්පත් කොට ඇති ශෛලමය ඇත්දත් හමුවී ඇත්තේ එම ථුපය ආශ‍්‍රිතව කළකැණිම් වලිනි. ඒවා හත්ථ ප‍්‍රාකාරයේ කොටස්යැයි අනුමාන කෙරේ (1999 අපේ‍්‍රල් ජුනි, පිටුව 25)මෙය මිත්තසේන රජතුමා (432-433)විසින් කරවු වග මහාවසංයේ 38 පරිච්ඡේදයේ 11 වැනි ගාථා 60 සියමෙහි සජ්ජනාලය, සුඛෝදය, නාත් යන ස්ථානවල දක්නට ලැබෙන චෛත්‍ය වටා ඇති හත්ථිප‍්‍රාකාරය ලංකාවේ හත්ථිප‍්‍රාකාර අනුකරණයෙන් තැනු ඒවා වග පරණවිතාන මහතා කියයි (2009.60 පිටු 13 015) සියවස්වල ලංකාව හා සියම අතර වර්ධනය වු සංස්කෘතික සබඳතා නිසා එසේ වන්නට ඇත. ඇත් පවුරකින් චෛත්‍යංගනයට සෞන්දර්යාත්මක භාවයක් මුසුකරයි. එහෙත් එහි අරමුණ වන්නට ඇත්තේ හුදු අලංකාරය පමණක්ම නොවේ. අභයගිරි කෞතුකාගාරයේ ගෞරවය ජනනය කිරිමද එහි අරමුණකි. සාමාන්‍යයෙන් ඇතා යනු ශක්තිවන්ත සත්තවයෙකි, ප‍්‍රහාරකයෙකි. ප‍්‍රචණ්ඩව හැසිරෙන්නකි. එබඳු සත්තවයෙක් දැමුණු ශාන්ත ඉරියව්වෙන් යුතුව චෛත්‍යමළුව උසුලා සිටින්නට යෙදි සිටීම තුළ ගැබ්වු අර්ථය අවබෝධ කරගැනිම අපහසු නොවේ. එක් ඇතෙක් නොව ඇත් පෙළක් එසේ යෙදිමෙන් ඒ පෙළට වට වු චෛත්‍යය කෙරේ ඇති කෙරෙන ගෞරව මුසු හැඟිම තීව‍්‍ර වෙයි. සිංහල විශ්ව කෝෂයට අනුව දැනට ලංකාවෙන් හමුවී ඇති පුරාණ තම ඇත් පවුර දෙටු තිස්රජතුමා (266-276)විසින් කරවු පාඞීන තිස්ස පබ්බත විහාරයට අයත් එකකි. නුවරවැව ආසන්නයේ ඇති මෙය රවුන්මැලි සෑයට වඩා පසුකාලින ඉදිකිරිමක් එසේ වුව දරුවන් මැලි සෑ ඇත් පවුර ක‍්‍රිව.9-12 ශතක වලදි අළුත් වැඩියා කොට ඇති නිසා එහි ඇත් පවුර වයසින් ලාබාල වී ඇත. රුවන්වැලිසෑයේ මළුවේ පරිවාර චෛත්‍ය වටාද ඇත් පවුර ඉදිකර ඇත.

1664 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.