කුච්ඡිවේදිය

ලිපිය සැකසීම :

 

කුච්ඡි යනු ගර්භය යි. කුක්ෂිය යි. වේදිය නම් වැටයි. ගර්භය වටා වූ වැට කුච්ඡිවේදියක් වෙයි. වංසත්ථප්පකාසිනියට අනුව භාතිකාභය රජතුමා රුවන්මැලිසෑයට ද කුච්ඡිවේදියක් කරවා ඇත. දැලිවල කොටවෙහෙරින් ලැබු ස්වර්ණ ධාතු කරඬුවක ද කුච්ඡිවේදියක් දක්නට ලැබුණ බව චාල්ස් ගොඩකුඹුර මහතා උපුටා දක්වන ටී.ජී. කුලතුංග මහතා කියයි. පාදවේදියනු ද මෙය ම විය යුතු ය. 

 වන්වැලිසෑයේ පහළ පේසාවේ ඉහළ කොටස හුනුගල් පුවරුවලින් කළ කුච්ඡිවේදියකින් සරසා ඇත. ස්මිදර් මහතා මෙය පදවේදිය යැයි සඳහන් කරයි. පාදවේදිය යනු කුච්ඡිවේදිය ම යැයි සැලකෙන නිසා රුවන්මැලිසෑයේ ඇත්තේ ද කුච්ඡිවේදියක් යැයි පිළිගත හැක. රුවන්වැලිසෑයෙන් හමුවූ රන්ධාතු කරඬු (2වන සියවසට අයත්) වල ද කුච්ඡිවේදිය කැටයම්කර ඇත. එහෙත් භාරතයේ මෙන් නො වේ ලංකාවේදී කුච්ඡිවේදිය සැරසිල්ලක් වශයෙන් පමණක් භාවිත කොට ඇත. පරණවිතාන මහතා කියන්නේ ලංකාවේ චෛත්‍යවල මුල්කාලයේ ඉදිකළ දාරුමය කුච්ඡිවේදිය පසුකාලිනව දිරායන්නට ඇති බව යි.

 

 (තොරතුරු- අමිල කෝසල උඩවත්ත- නාගොඩ මහා විද්‍යාලය-කළුතර)

1796 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.