ගිලෙම් ඔබේ ගුණ මුහුදේ.... |
|||
ගිලෙම් ඔබේ ගුණ මූදේ විඳිම් ඔබේ දම් සාදේ වඳිම් වඳිම් ඔබ පාදේ තිලො අග බුදු සමිඳේ// සිඳ බිඳ මොහන්දර පාප දැල් වූ දහම් ප්‍රදීප හෙළි කළ අප හෙළ දීප තිලො අග බුදු සමිඳේ// සිල් ගත් දිනිඳුන් සේම සිල් තෙද ගුණ ඇති සෝම සත හට පෑ මවු ප්‍රේම තිලො අග බුදු සමිඳේ// ගිලෙම් ඔබේ ගුණ මූදේ විඳිම් ඔබේ දම් සාදේ වඳිම් වඳිම් ඔබ පාදේ තිලො අග බුදු සමිඳේ තිලො අග බුදු සමිඳේ/// ගායනය, සංගීතය : පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේව පද රචනය : අරිසෙන් අහුබුදු ශූරීන් | |||