ටීකා...

බැද්දේ ගියා වැලක්‌ සොයා ගන්ට කියා - ඉද්ද වැල්
තිබෙන්නා පොහොට වැල් තිබෙන්නා නොයෙක්‌ වැල්
තිබෙන්නා එයින් එකක්‌ ගෙනල්ලා වෙළුවා සේම
වෙළී වෙළී වෙළී ඉස සිට දෙපතුළට වෙළී

කන්දේ ගියා මලක්‌ සොයා ගන්ට කියා - නාමල්
තිබෙන්නා සපු මල් තිබෙන්නා පිච්ච මල් තිබෙන්නා
එයින් එකක්‌ ගෙනල්ලා පැළැන්දා සේම
මලි මලි මලි නුඹෙ කොන්ඩේ තිබෙන මලී

වතුරේ ගිය රැළක්‌ බලා ගන්න කියා - මුහුදු රැළ
තිබෙන්නා ගංඟා රැළ තිබෙන්නා මැවු රැළ තිබෙන්නා
එයින් එකක්‌ රිස්‌සෙන් බැලූවා සේම
රැළි රැළි රැළි නුඹෙ නරුපෙට තිබෙන රැළී

වෙන රටේ ගෑණු කොල්ලෝ හතර පස්‌දෙනා
නාවා කවා පොවා ගෙන බලා ගන ඉන්නවා
මේ නෑම්බිට අතකොලුවක්‌ විතර නැති කොලුවා
බලා ගැනීමට බෑ කියන්නා සේම
ලොලි ලොලි ලොලි බාලොලි ලොලි බාල ලොලී

ගායනය : චිල්ටස් දයාවංශ (ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය - සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය, කොළඹ.)
සංගීතය : කපිල පතිරත්න / කිත්සිළු ධනජ වික්‍රමසිංහ

ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.