ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය

ලිපිය සැකසීම :

state logo

 

වත්මන් රාජ්‍ය ලාංඡනය හදුන්වා දුන්නේ 1972 ජනරජ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ය.

 

ජනරජ දින උත්සවය සැමරීම සඳහා ජාතික ලාංඡනයක අවශ්‍යතාව මතු වූ අතර ජනරජය සඳහා ලාංඡනයක් සැකසීමට කමිටුවක් පත් කෙරිණි. නිශ්ශංක විජේරත්න, ආචාර්ය නන්දදේව විජේසේකර, ආචාර්ය සෙනරත් පරණවිතාන, එච්.ආර්.පෙ‍්‍රමරත්න, රෝලන්ඩ් සිල්වා, ආචාර්ය මැකී රත්වත්තේ සහ මහගමසේකර යන විද්වත් පිරිස එම කමිටුවේ සාමාජිකයෝ වූ හ.

එවකට සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මෙන් ම රාජ්‍ය ලාංඡනය හා ශ්‍රී ලංකා ජාතික ධජය නිර්මාණ කමිටුවේ සභාපති වශයෙන් කටයුතු කළ ආචාර්ය නිශ්ශංක විජයරත්න මැතිතුමාගේ මග පෙන්වීම හා උපදෙස් මත චිත්‍ර ශිල්පී එස්. එම්. සේනාරත්න විසින් රාජ්‍ය ලාංඡනය නිර්මාණය කළේ ය. මේ ආකාරයට නිර්මාණය කළ රාජ්‍ය ලාංඡනයේ වර්ණ යෙදීම සඳහා මාපලගම විපුලසාර හිමියන්ගේ ද උපදෙස් ලැබිණි.

 

රාජ්‍ය ලාංඡනයේ ඇති සංකේත මගින් ප්‍රකාශ වන විවිධ අර්ථ.

ඉර සහ හඳ මඟින් - චිර ජීවනය,සමෘද්ධිමත් සහ ස්වයංපෝෂිත රටක්, ඉරහඳ පවතිනතාක් ධර්මයේ සහ ජාතීන්ගේ ආරක්‍ෂාව.
සමන් වැල - නිර්මලත්වය.
රතු පසුබිමක ඇති සිංහයා - සිංහලයාගේ ජීව රුධිරය සහ ජාතියේ අභීත බව.
සිංහයා වටා ඇති නෙළුම් පෙති - පිවිතුරුබව හා උතුම්බව.
සිංහයා කඩුවක් දරා සිටීම - ප්‍රෞඩත්වය.
වී කරල් සහ පුන්කලස - සශ්‍රීකත්වය හා සෞභාග්‍යය.
ධර්ම චක්‍රය - බහුතරයේ ආගම වූ බුද්ධාගමත් ධාර්මිකභාවය, සාධාරණත්වය සහ හික්මීම.
මායිම් රේඛාව - ඒකීය රාජ්‍යයක් යටතේ පවතින බව.

 

12670 වරක් කියවා ඇත.
ict_branch නිර්මාණය :
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
පිටු පෙළගැස්ම | වියාචනය | පරිපාලක පිවිසුම
කතු හිමිකම © 2012-2016 | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ශාඛාව, අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකාව
මෙම පද්ධතියේ ඇති සියලුම අන්තර්ගතයන් සඳහා හිමිකම් ඇවිරිණි.
කිසිදු අන්තර්ගතයක් ලිඛිත අවසරයකින් තොරව වෙනත් වෙබ් පිටුවක හෝ වෙනත් කුමන ආකාරයක හෝ සමාජ ජාල වෙබ් අඩවිවල උපුටා පළ කිරීම සපුරා තහනම් වේ.