වැවක් යනු කුමක් ද?

Written by

වැවක් යනු කුමක් ද?

සරලව ම කිවහොත් වැවක් යනු ජල ගබඩාවකි. ඊට සුලු විස්තරයක් එක්කළහොත්, වැවක් යනු ජල කළමනාකරණයකින් යුක්තව පරිහරණය කරනු පිණිස ද, නියං කාලවල දී පීඩාවට පත් නොවී සිටිනු පිණිස ද, කෘෂි කටයුතු හා වෙනත් දෛනික අවශ්‍යතා සපුරාගනු පිණිස ද විවිධ තාක්ෂණිකාංග සහිතව ඉදිකළ සුවිශේෂ වාරි නිර්මාණයකි. මුල් කාලීනව සරල තාක්ෂණීකාංග සහිත වුව ද එහි උපරි පරිණත අවස්ථාව වන විට ඉතා දියුණු තාක්ෂණිකාංග ගණනාවකින් යුක්ත පරිපූර්ණ නිර්මාණයක් බවට පත්ව තිබුණි. වඩා නො උස් කඳු වළල්ලක් මධ්‍යයේ ජලය පිරවීමට ප්‍රථම ජලය පිටවිය හැකි පහත් ස්ථාන බැමි යොදා ආවරණයකර වඩාත් ශක්තිමත් ප්‍රධාන බැම්මක් ද සහිතව නිර්මාණය කරනු ලබන මෙයට, ආරක්ෂාව, පැවැත්ම, පෝෂණය හා ජල පරිහරණය යන අවශ්‍යතා මුල්කරගෙන විවිධ අංග එක් කරනු ලැබීය.

ඉහතින් කී අවශ්‍යතා සපුරාගනු වස් එක් වූ අංග ගණනාවකි. ඇතුළුවාන, පිටවාන, වැව්බැම්ම, දිය හා මඩ සොරොව්ව, බිසෝකොටුව, වාරිමාර්ග ඇළ, කළිඟුබැමි, වැව් තාවුල්ල, ඉස්වැටි හෙවත් පෝටා වැටි, රළපනාව වැනි ඒවා ය.

මෙම භෞතික තාක්ෂණික අංගවලට අමතරව වැව හා සම්බන්ධව වෙනම ම සංස්කෘතියක් ද තිබේ. වැවේ නඩත්තුව හා පැවැත්මට සම්බන්ධ මේ සංස්කෘතිය ආගම හා බැඳී පැවතුණේ වඩාත් සාර්ථකව හා දීර්ඝ කාලීනව එම ක්‍රියාවලිය පවත්වාගෙන යනු පිණිස ය. මෙකී භෞතික විද්‍යාත්මක අංග හා සංස්කෘතිකාංග එකතුව මත නිර්මාණය වූ හා රැකුණු පැවතුණු නිර්මාණය වැව සේ හඳුන්වනු ලැබේ.

කෙසේ වුව ද විවිධ අවශ්‍යතා සඳහා වැව් හෝ ජලාශ ඉදිකළ එක ම ජාතිය සිංහලයන් නො වන වග ද මෙහි ලා සිහිපත්කළ යුතු ය. මෙසපොතේමියානුවන් ක්‍රි. පූ. හාරදහසේ පමණ සිට වාරි කටයුතු වල නිරත වූ බවට සාධක තිබේ. ක්‍රි. පූ. තුන්දහසේ දී පමණ ඊජිප්තුවේ හා ජෝර්දානය ආශ්‍රිත ප්‍රදේශවල ද ජලාශ ඉදිකර තිබී ඇති බවට සාධක හමුවී තිබේ. විශේෂයෙන් ම ඊජිප්තුවේ කෆාරා ගල්අමුණ මෙහි ලා විශේෂයෙන් ම සිහිපත් කළයුතු ය. මෙය විශාල අමුණකි. ක්‍රි. පූ. දෙදහස් හයසියයේ දී පමණ ගොඩනැංවූ මෙය ප්‍රදේශයේ ජන අවශ්‍යතා සපුරාලීමට අවශ්‍ය ජලය වෙනත් ස්ථානයකට ගෙනයෑමේ අරමුණින් ඉදිකරන්නට ඇත. ජෝර්දානයේ ම ජාවා නගරයට අවශ්‍ය ජලය ලබාගැනීම උදෙසා ඉදිකළ ජලාශය අවම වශයෙන් වසර පන්දහසක් වත් පැරණි විය යුතු ය. ආමේනියානුවන්ගේ වාරි කටයුතු ඊටත් පැරණියැයි විශ්වාස කළ හැක. ඊජිප්තුවේ පාරාවෝවරයෙකු වූ තෙවන ආමේනෙම්හෙට් රජු කරවූ දැවැන්ත ජලාශය පසු කාලයේ ඊජිප්තුවේ මොරිස් විල සේ හඳුන්වනු ලැබී ය. අක්කර අඩි දෙලක්ෂ විසිතුන්දහසක දැවැන්ත ජලකඳක් මෙහි රඳනාගත හැක. පසු කාලයේ නටබුන්ව ගිය ද අදටත් එහි වානෙහි හා සොරොව්වෙහි නටබුන් දක්නට ලැබේ. එහි යැයි සැලකෙන බැම්මක කොටස් ද සොයාගෙන ඇත. වත්මන් ස්පාඤ්ඤයට අයත්ව ඇති ප්‍රොසපිනා හා කෝනාල්වෝ ජලාශ අදටත් භාවිතයට ගැනෙන අතර මේවා පැරණි රෝමන්වරුන් විසින් ගොඩනංවා ඇත. මෙවැනි සාධක අනුව බලන කල පෙනී යන්නේ පැරණි ශිෂ්ටාචාර සමහරෙක ද වාරි කර්මාන්තයන් පැවති බවයි. එසේ වී නම් මේ වාරි කර්මාන්ත අතරේ අපට හිමි විශේෂත්වය හෝ අනන්‍යතාව කුමක්දැයි ඔබට මේ කෘතිය කියැවීමෙන් ම අවබෝධයක් ලැබෙනු ඇත.

Read 6229 times
Developed by
ICT Branch, Ministry of Education, Sri Lanka
Site Map | Disclaimer
Copyrights © 2012-2016 | ICT Branch, Ministry of Education, Sri Lanka