Wednesday, 10 August 2016 16:35

අපේ සෞරග්‍රහ මණ්ඩලය

Written by
Rate this item
(81 votes)

අපේ සෞරග්‍රහ මණ්ඩලය

 

solarsystem

 

සූර්යයා හා ග්‍රහලෝක සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධාන සාමාජිකයන් වන අතර ග්‍රහලෝක වටේ පරිභ්‍රමණය වන ස්වභාවික චන්ද්‍රයන්, වාමන ග්‍රහයින්, ග්‍රාහක, උල්කා, වල්ගා තරු වැනි කුඩා ආකාශ වස්තූන්වලින් ද සෞරග්‍රහය මණ්ඩලය සමන්විත වේ.

 

සූර්යයා වටා ග්‍රහලෝක ගමන් කරන බව එනම් සූර්ය කේන්ද්‍රීය න්‍යාය ප්‍රථමවරට ලොවට හෙළි කළේ පෝලන්ත ජාතික නිකලස් කොපර්නිකස් (1473 - 1543) නම් විද්‍යාඥයා යි. ඔහු නූතන තාරකා විද්‍යාවේ පියා ලෙස ද හඳුන්වනු ලැබේ. ඔහුගේ මතය තහවුරු කරමින් සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක සූර්යයා වටා ගමන් කරනු ලබන්නේ ඉලිප්සාකාර හැඩයකට බව ජර්මන් ජාතික ජොහැන්නස් කෙප්ලර් විසින් (1571 - 1630) සොයා ගන්නා ලදී.

 

තද මතුපිටක් සහිත ග්‍රහලෝක භෞම ග්‍රහලෝක (Terrestrial Planet)ලෙස හඳුන්වන අතර බුධ, සිකුරු, පෘථිවි යන ග්‍රහලෝක භෞම ග්‍රහලෝක වේ. භෞම ග්‍රහලෝක සූර්යයාගේ සිට නක්ෂත්‍ර ඒකක 0 - 15 අතර පරාසයක පිහිටා ඇත. නක්ෂත්‍ර ඒකකයක් යනු පෘථිවියේ සිට සූර්යයාට ඇති දුර ප්‍රමාණයයි. එනම් (කි.මී. මිලියන 149.6)

 

ග්‍රාහක භෞම ග්‍රහලෝකවලට වඩා බෙහෙවින් කුඩා ය. ග්‍රාහක වැඩි වශයෙන් අඟහරු හා බ්‍රහස්පති කක්ෂ අතර එනම් නක්ෂත්‍ර ඒකක 3ක් පමණ දුරින් පිහිටා ඇත.

 

ආකාශ වස්තුවක් ග්‍රහලෝකයක් ලෙස සැලකීමට මූලික අවශ්‍යතාවයන් 3ක් සැපිරිය යුතුය. එනම්,

 

1. ආකාශ වස්තුව සූර්යයා වටා පරිභ්‍රමණය විය යුතුය.

 

2.තම ගුරුත්වය මගින් ආකාශ වස්තුව ගෝලාකාර වීමට තරම් ප්‍රමාණවත් ස්කන්ධයක් තිබිය යුතුය.

 

3.සූර්යයා වටා නිශ්චිත ගමන් මඟක භ්‍රමණය විය යුතුය.

 

දැනට අප සෞරග්‍රහ මණ්ඩලයට ග්‍රහලෝක 8ක් පමණක් ඇතුළත් ය.එනම්

 

1. බුධ

 

2.සිකුරු

 

3.පෘථිවි

 

4.අඟහරු

 

5.බ්‍රහස්පති

 

6.සෙනසුරු

 

7.යුරේනස්

 

8.නෙප්චූන්

 

සැකසුම - ජේ.එම්.සී.කේ. තෙන්නකොන් - ව/ඉ/මැදමුල්ල ද මැල් මහා විද්‍යාලය

 

මූලාශ්‍ර - ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ පත්‍රිකා ඇසුරිනි.

 

පින්තූර- අන්තර්ජාලයෙනි

Read 15684 times
More in this category: « සූර්යයා
Developed by
ICT Branch, Ministry of Education, Sri Lanka
Site Map | Disclaimer
Copyrights © 2012-2016 | ICT Branch, Ministry of Education, Sri Lanka