Wednesday, 10 August 2016 15:10

සූර්යයා

Written by
Rate this item
(32 votes)

සූර්යයා

 

thesun 

සූර්යා පෘථිවියේ සිට කි.මී. මිලියන 150ක්(149.60ක්) දුරින් පිහිටා ඇති තාරකාවකි. එය වායූන්ගෙන් පිරුණු යෝධ බෝලයකි. හයිඩ්‍රජන් හා හීලියම් වායූන්ගෙන් සමන්විතවන සූර්යාගේ ශක්තිය පිටවන්නේ හයිඩ්‍රජන් වායුව දැවීමෙනි. එම ශක්තිය අපට ආලෝකය හා තාපය ලෙස ලැබේ. සූර්යයාගේ මැද උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 6000ක් පමණ වේ. එය ජලය නටන උෂ්ණත්වය මෙන් 60 ගුණයකි.

 

අපගේ පැවැත්ම රඳා පවතින්නේ සූර්යයා මතය. පෘථිවියට ආලෝකය ලබා දෙන ප්‍රධානතම ප්‍රභවය සූර්යයා ය. ඊට අමතර ව අපට ආලෝකය ලබා දෙන විදුලි පන්දම්, බල්බ වැනි දෑ කිසිසේත් සූර්යයාට සම කළ නොහැකිය.

 

අසූර්යයාගෙන් පිටවන ආලෝක කිරණ පෘථීවියට ළඟා වීම සඳහා විනාඩි 8ක කාලයක් ගතවේ. ආලෝකය විනාඩි 8කින් පෘථිවියට ළඟාවන්නේ කි.මී.මිලියන 150ක දුරක් ගෙවාගෙනය. ආලෝකයේ වේගය තත්පරයට කි.මී. 300,000(තුන්ලක්ෂයකි) කි. රේඛීයව ගමන් කරන ආලෝකය නැමීමට හැකියාවක් නොමැත.

 

සූර්යයා පෘථිවිය මෙන් 332,900 වාරයක් විශාලය. සෞරග්‍රහ මණ්ඩලයේ ස්කන්ධයෙන් 99.86%ක් ම සූර්යයාගේ ස්කන්ධයයි. එසේම සූර්යයා කලාප 6කට බෙදා ඇත.

 

1 හරය (The core)

 

2 විකිරණ කලාපය (The radioactive zone)

 

3. සංවහන කලාපය (The convective zone)

 

යන කලාප අභ්‍යන්තරයේ පිහිටා ඇති අතර

 

4. ප්‍රකාශ ගෝලය (The Photosphere)

 

5. වර්ණ ගෝලය (The Chromosphere )

 

6. රැස් වළල්ල (The corona) ඉතිරි කලාපයි.

 

layers

 

මේ අතර ප්‍රකාශ ගෝලය අපට පෙනෙන කලාපයවන අතර රැස් වළල්ල (කොරෝනාව) පිහිටා තිබේ. සූර්යයාගේ ප්‍රකාශිත ගෝලය කි.මී. 500ක් පමණ ගණකමට විහිදේ.

 

සූර්යාගෙන් පෘථිවියට ලැබෙන සුළු ශක්තිය සියලු දෙනාට ජීවත් වීමට ප්‍රමාණවත් ය. එම ශක්තියෙන් හරිත ශාකවල ආහාර නිපදවීමට පෙට්‍රල් ඩීසල්වැනි පොසිල මගින් ලබා ගන්නා ඉන්ධන ඇති වීමට සිදුවේ. එමෙන් ම දිවා රාත්‍රී ඇති වීම, දේශගුණික වෙනස් වීම, කාලගුණික වෙනස්වීම ආදිය සූර්යයාගේ බලපෑම නිසා ඇති වේ.

 

සැකසුම - ජේ.එම්.සී.කේ. තෙන්නකොන් - ව /ඉ/මැදමුල්ල ද මැල් මහා විද්‍යාලය-මැල්සිරිපුර

 

මූලාශ්‍ර - ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ පත්‍රිකා ඇසුරිනි.

 

පින්තූර- අන්තර්ජාලය ඇසුරින්

Read 12362 times Last modified on Wednesday, 10 August 2016 16:35
Developed by
ICT Branch, Ministry of Education, Sri Lanka
Site Map | Disclaimer
Copyrights © 2012-2016 | ICT Branch, Ministry of Education, Sri Lanka