ශ්‍රී ලංකාව හා බටහිර ජාතීන්

Written by

මුලින් ම පෙරදිගට පැමිණි පෘතුගීසි ජාතිකයා වන්නේ වස්කෝ ද ගාමා ය. 1498 දී ඉන්දියාවේ කැලිකට් වරායට ළඟා විය. ලංකාවට පැමිණි ප්‍රථම පෘතුගීසි ජාතිකයා ලොරෙන්සෝ ද අල්මේදා ය. 1505 දී ගාලු වරායට සේන්දු විය. ගාලු වරායෙන් කොළඹ වරායට යාත්‍රා කළ ඔවුන්ට මුස්ලිම්වරු එම වරාය මධ්‍යස්ථානය කරගෙන වෙළඳාමේ යෙදෙන අයුරු දැකගැනීමට හැකි විය.

 

ඔවුන් ව රජ මාළිගය වෙත කැඳවාගෙන ගියේ දීර්ඝ මාර්ගයකිනි. රජුගේ ආරක්ෂාව උදෙසා කළ එම ගමන නිසා ප්‍රස්තා පිරුළක් ද සෑදුනි.“පරංගියා කෝට්ටේ ගියා වගෙයි”.

 

වෙළඳාමේ යෙදුණු මුස්ලිම්වරුන්ට මොවුන් තර්ජනයක් වූ බැවින් සිංහල ජනතාව සමග එකතුව පෘතුගීසින් පන්නා දැමීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.

 

පෘතුගීසීන් මෙරටට එන විට ලංකා පාලනය බෙදී තිබුණු අයුරු

 

කෝට්ටේ රාජධානිය -VIII වන විර පරාක්‍රමබාහු රජ(අම්බුලුගල කුමරු)

 

මහනුවර රාජධානිය - සේනාසම්මත වික්‍රමබාහු රජ

 

යාපනය රාජධානිය - පරරාජසේකරම් රජ

 

1521 දී විජයබා කොල්ලය සිදු වීම. කෝට්ටේ රාජධානිය කැබලි තුනකට වෙන් වීම

 

කෝට්ටේ - බුවනෙකබාහු රජ

 

සීතාවක - මායාදුන්නේ රජ

 

රයිගම - රයිගම් බණ්ඩාර රජ

 

කෝට්ටේ සිටි බුවනෙකබාහු රජු මායාදුන්නේට බියෙන් පෘතුගීසි රැකවරණය පැතීම.කෝට්ටේ පුරා කතෝලික ආගම ප්‍රචාරයට ඔහු ඉඩ දීම.

 

පුංචි ධර්මපාලගේ ආරක්ෂකයින් ලෙස පෘතුගීසින් පත්කිරීම.

 

1551 දී බුවනෙකබාහු රජු මියයාම.(දියණිය-සමුද්‍ර දේවි, බෑණා-වීදිය බණ්ඩාර, මුණුබුරා- ධර්මපාල කුමරු)

 

පෘතුගීසීන්ට එල්ල වූ තර්ජන-

 

මායාදුන්නේ හා ඔහු පුත් ටිකිරි කුමරු, පෘතුගීසීන් පලවා හැරීමට කටයුතු කිරීම. 1562 දී ටිකිරි කුමරු පෘතුගීසින් අන්ත පරාජයකට ලක් කිරීම. ඒ හා බැඳුණු කවිය පහත දැක්වේ.

 

නිතර නිතර සීතාවක රණ බෙර             වැයුණා

 

කොළඹ කොටුවෙ බළල් මසුත් ගිනි ගණන්  වුණා

 

මුල්ලේරියා වෙලේ වතුර ලෙයට          හැරවුණා

 

ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ               වුණා

 

පෘතුගීසීන් පෙරදිග දී ලත් අන්ත පරාජය මෙය වීම.

 

ටිකිරි කුමරුගේ දක්ෂකම මතුවීම නිසා ඔහු I වන රාජසිංහ නමින් රජ වීම.

 

1582 දී ටිකිරි කුමරු උඩරට ආක්‍රමණය කිරීම

 

ධර්මපාල රජු 1587දී තෑගි ඔප්පුවකින් කෝට්ටේ රාජධානිය පෘතුගීසීන්ට ලියාදීම.

 

මල්වානේ ගිවිසුමින් කෝට්ටේ රාජධානිය පෘතුගීසින්ට අයත් වීම. එහි දී,පෘතුගාලයේ රජු කෝට්ටේ රජු බවට ප්‍රකාශ කිරීම

 

සිංහල ජන ප්‍රධානීන් එය පිළිගැනීම‍

 

පැරණි ක්‍රමයට ම පාලනය කිරීමට කැමති වීම

 

පෘතුගීසින් ඊට එකග වීම

 

ගනේතැන්න දී කොනප්පු බණ්ඩාරට (දොන් ජුවන් පෙරිය බණ්ඩාර) පැරදී එන විට පෙතන්ගොඩ උයනේ දී උණකටුවක් ඇනී පසුව මරණයට පත් වීම.

 

I වන විමලධර්මසූරිය රජතුමා

 

පෘතුගීසින්ගෙන් කන්ද උඩරට රාජධානිය බේරා ගත්තේ I වන විමලධර්මසූරිය රජතුමා ය. ආගමික හා ආර්ථික දියුණුවට කටයුතු කිරීම. 1598 දී දන්තුරේ සටනේ දී පේරෝ ලෝපේ ද සූසා අන්ත පරාජයට පත් කිරීම.

 

1602දී බලන සටන- දොන් ජෙරනිමෝ ද අසවේදු පරාජයට පත් කිරීම.

 

කුසුමාසන දේවිය විවාහ කරගෙන රාජ සබයට නියම උරුමක්කාරයා බවට පත්වීම.

 

දෙල්ගමුව විහාරයේ තිබූ දන්ත ධාතුන් වහන්සේ මහනුවරට වැඩම කරවා, රාජ්‍ය උරුමය පිළිබඳ සංකේතය තහවුරුකර ගැනීම.

 

බුරුමයෙන් හා සියමයෙන් භික්ෂූන් වහන්සේලා ගෙන්වා උපසම්පදා විනය කර්මය ඇති කර බුදුදහමට පණ පෙවීම.

 

ලංකාතිලකය, ගඩලාදෙණිය විහාර ප්‍රතිසංස්කරණය කරවීම.

 

වී ගොවිතැන දියුණුකර කුරුඳු,මුතු,මැණික් වෙළඳාම දියුණු කරවීම.

 

1604 දී මෙතුමා අභාවප්‍රාප්ත වීමෙන් පසු සෙනරත් රජවීම. ඔහු කුසුමාසන දේවිය විවාහකර ගැනීම. එම දෙපළට විජයපාල,කුමාරසිංහ හා රාජසිංහ (මහා අස්ථාන කුමරු) දරුවන් ලැබීම

 

II වන රාජසිංහ රජු ලන්දේසි උදව් සහිතව පෘතුගීසින් පන්නා දැමීම

 

වසන්තා කල්‍යාණි හේමරත්න ගුරු උපදේශිකා- කො.අ.කාර්යාලය පානදුර

 

Read 10695 times
Developed by
ICT Branch, Ministry of Education, Sri Lanka
Site Map | Disclaimer
Copyrights © 2012-2016 | ICT Branch, Ministry of Education, Sri Lanka