පද්මනිධි හා සංඛ නිධි

Written by

1

 

පෙරදිග කලාවේ දී ධනේශ්වර ලෙස හඳුන්වන කුවේරයා සේ නව නිධානයන් ගෙන් එකකි .

ගත්මෙන් නව නද න්

කෙරෙමින් කලි අකුරු දන්

කර සත සිත නද න්

දේය අවුරුදු පතා මහ දන්

යනුවෙන්ගිරා සංදේශයේ ( 129 කව) සඳහන් වෙයි . ගිරා සංදේශයේ එන නව නදන් හෙවත් නවනිධානය නම් පද්ම, මහා පද්ම, සඞ්ඛ, මකර, කච්ඡප, මුකුන්ද, නන්ද, නීල, ඛර්ව යනනවය යි. ( සුමංගල ශබ්දකෝෂය)මේ අතරින් වඩාත් ප‍්‍රකට වන්නේ සංඛ නිධි හාපද්ම නිධි ය. මේ නිධි 2ට අරක්ගත් සෙනෙවියන් දෙදෙනා සිංහල කලාව තුළ සංඛ නිධිහා පත්ම නිධි යනුවෙන් ම හැඳින්වෙයි. මුරගලට ද මොවුන්ගේ රූප යෙදු අවස්ථාදඇත. අනුරාධපුර අභයගිරි දාගැබ් මළුවේ විජයබාහු රාජ මාලිගයේ දොරටුවල මෙවන්රූප 2ක් දක්නට ලැබෙයි. මෙයින් පද්ම නිධියේ හිස් පළඳනාව පද්මාකාර ය.සංඛනිධියේ හිස් පළඳනාව සංඛාකාරය. ( හක් ගෙඩියක ස්වරූපය ය. ) මේ රූ දෙකලංකාවේ පමණක් නොව භාරතයේ පවා ගොඩනැගිලි දොරටු ආශි‍්‍රතව තිබූ බව මේඝදුතයටඅනුව පෙනෙයි . කාලිදාසයන් විසින් රචිත මේඝදුතයේ දූතයා වූ මේඝ ( වැහි මාලාව )කුවේරයාගේ මාලිගය කරා පැමිණෙනවිට දොරටුව අසල ඇඳ තිබූ සංඛ හා පද්ම දෙදෙනාගේරූප දුටු බව එහි කියවේ . (මේඝදූතය 20 පිට) වෛශ‍්‍රවණ මුල් කාලීනව වෘක්‍ෂදේවතාවෙකු වූ බවට සාධක තිබේ.

න්‍යග්‍රොධො බාහුපාද් විෂ්ණුශයනංච වනස්පති:

වටො වෛශ‍්‍රවණ වාසො රක්තො රක්ත ඵලෝ මත: - (සරස්වතී නිගණ්ඩුව - වෘක්‍ෂ විශේෂ )

2

ඵෂූන්‍ගෘහ්‍යවාසී දේවයෙකු බවට පත් වීමෙන් පසු ( නාරිවාහනයාන නතු සුත්වා වෙසසවණසසසො - තදාකාරම කාරෙසි මජෙඣ රතන - මණඩපං -මහාවංශය 27: 29)මේ ආකාරයට සංඛ හාපද්ම බහිරව රූප සහිත දොරටුපාල රූප මේ මන්දිරයට එක්වන්නට ඇතැයි සැලකිය හැකි ය . කුවේර යනු ලංකාධිපති රාවනගේ භින්න මාතෘක සහෝදරයෙකැ‘යි ද සැලකෙයි.රාවණාගේ ක‍්‍රියාකලාපය පිළිබඳව කලකිරී හිමාලයේ කෛලාසයේ වාසය කළ අතරදෙවියන්ට පක්‍ෂව සිටියේ ය. රාවණ වරෙක කුවේරගේ ප‍්‍රධාන නිධි රක්‍ෂයන් වනසංඛ හා පද්ම දෙදෙනාට ද පහර දී නව නිධාන පැහැරගත් බව සඳහන්වෙයි. ඉන්දියාවේකැටයම් අතර නිධි රක්‍ෂයන් වශයෙන් දක්වා ඇත්තේ සංඛ හෝ පද්ම නොවේ . කුවේරගේ මරූප දෙකකි . මේ රූප මැද ඇති බඳුන් පද්ම හා සංඛ යන නිධි තැම්පත් කළ ඒවායැයි සැලකෙයි. කුවේර රූපය අවලක්‍ෂණ ය. (කුවේර යන්නෙහි සංස්කෘත බසින් අර්ථයනම් අවලක්‍ෂණ ශරීරය ඇත්තා යන්නයි."කු" යන්නෙන් අවලක්‍ෂණ, නරක, නින්දිත ආදීඅරුත් රැසක් ගෙනෙයි. වෙර යන්නෙන් ශරීරය යන අරුත ගෙනෙයි. (අමාවතුරෙහිදුර්දාන්ත දමන නම් පරිජේදයේ වෙරින් ලෙහෙ නොසොල්වා යනුවෙන් දැක්වෙන හාසසඳන්න.) මහත් උදරයක් සහිත ය. එහෙත් ලංකාවේ කුවේර රුව එසේ නොවේ. ශෝභාමානය.දක්‍ෂිණ වෙහෙර ආසන්නයේ ස්තම්භයේ ඇති කුවේර රුව සෝබමාන ය. බෞද්ධ ඉගැන්වීම්අනුව එසේ කර ඇත. මේවායේ කුවේර ධනයේ ආරක්‍ෂකයා නොව එය දරන්නා ලෙස ය. හිමිකරුලෙස ය. මේ නිසා සංඛ හා පද්මනිධි මේ ධනයේ රක්‍ෂකයින් ලෙස දක්වමින් කැටයම්කර ඇත. සැබවින් ම සංඛ හා පද්ම යනු මානව රූපකායෙන් හිමි සත්ත්වයින් දෙදෙනෙක්නොවේ. නිධානයන් 2 කි. එහෙත් ලංකාවේ දී මේ නිධානයන් 2 මානව රූපකායෙන් එහෙත්වාමන ස්වරූපයෙන් දක්වා ඇත. ඇතැම් තැනක ඔවුන්ගේ අතිමානුෂිකත්වය දක්වන්නටඅත් සතරක් සහිතව දක්වා ඇත.

5 6

අනුරාධපුරඅභයගිරි දාගැබ් මළුවේ ද විජයබාහු රාජ මාලිගයේ දොරටුවල ද සංඛ හා පද්මමුරගල් දක්නට ලැබෙයි. මේ රූ යෙදීමෙහි අරුත සරලව පවසතොත් ධනය යසිසුරසෞභාග්‍යය උදාකරගැනීම සහ රක්‍ෂාකර ගැනීමයි. ධ්‍යාන ශ‍්‍රාස්ත‍්‍ර ක‍්‍රමඅනුව මානව රුවක් අෂ්ටතාල ය. ( තාල අටක් හෙවත් එ්කක අටකි. මුහුණට සම කොටස් 8 කි.)මාන ශ‍්‍රාස්ත‍්‍ර කෘති අනුව මේ සදහා උදාහරණ ලෙස දක්වා ඇත්තේ අඟල් 13. 5 කි.ගනේශ්වර පංච තාල ය. (කුමාරස්වාමි ආනන්ද.කේ 2004 පිටුව 151) වාමනයචතුස්තාල ය. මේ නිසා වාමන ගනයේ ලා සැලකෙන සංඛ හා පද්ම ද චතුස්තාල වේ. සංඛහා පද්ම ඔවුන්ගේ කාර්යයන් අනුව සංකේත සහිතව දක්වා ඇත්තේ මෙසේ ය. කුවේර හාසබැඳි වග දක්වන්නටත් කුවේරට අනුව පවතින බව දක්වන්නට කළශෝදරයක් හෙවත් කළයක්බඳු උදරයක් ද අන්තරායන් දුරු කරමින් රක්‍ෂාකරනා හෙවත් කුබ්ජ විඝ්නේශ්වරභාවයදැක්වීම මාන ශ‍්‍රාස්ත‍්‍ර ග‍්‍රන්ථ අනුව චතුස්තාල හෙවත් තාල හතරක මිටිසිරුරක් ද, රක්‍ෂක සෙනෙවියකු නිසා අතෙහි යෂ්ටියක් ද, තේජාන්විත පෙනුමක් ද, ධනය යසිසුර රකින්නා යන අරුත දැනවීමට කාසි දාමයක් හෙවත් පටියක් ද කසයක් ද ආභරණ ආදියද සංඛ හෝ පද්ම යන ස්වකීය නාමයට උචිත හිස් පළදනාවක් ද යනාදිය සහිතවය.

(තොරතුරු-අමිල කෝසල උඩවත්ත-නාගොඩ මහා විද්‍යාලය-කළුතර)

Read 3157 times
Developed by
ICT Branch, Ministry of Education, Sri Lanka
Site Map | Disclaimer
Copyrights © 2012-2016 | ICT Branch, Ministry of Education, Sri Lanka