නා මල් උයන

Written by

17

පිහිටීම

 

දඹුල්ල කැකිරාව පුධාන මාර්ගයේ මඩාටුගම හන්දියෙන් වම්පසට හැරී ආඬියාගල දෙසට කිලෝමීටර් 7ක් පමණ ගිය පසු හමුවන උල්පතගම ග්‍රාමයෙහි මෙම සුප්‍රකට නි මල් උයන පිහිටා ඇත. මිනුම් දෙපාර්තමේන්තුව මගින් නිකුත් කළ පරිමාණය 1:50,000 වන අංක 36 දරන කැකිරාව මෙට්ට්‍රික් සිතියමෙහි 300509, 178226 ඛණ්ඩාංක තුළ මෙම තිරිවානා කඳුවැටියෙහි මුදුන පිහිට ඇත.

 

18

භූ විද්‍යාත්මක නිරීක්ෂණ

 

මෙම ප්‍රදේශය උන්නතාංශය මුහුදු මට්ටමේ සිට උසින් මීටර් 180 සහ 300 ක් පමණ අතර වෙනස් වන කඳු හෙල් සහ බෑවුම් සහිත භූ විෂමතා ලක්ෂණවලින් යුක්ත වේ. මේ අතර, උතුරු - දකුණු දිශාවට විහි දී පැතිරුණු කඳු වැටි සහ හුදකලා කඳුවලින් ප්‍රදේශයේ භූ රූපණ ලක්ෂණ සමන්විත වන බව ගුවන් ඡායාරූප මගින් පැහැදිලිව දිස්වේ. විපරීත තත්වයන් සහ පාෂාණ වර්ගය අනුව ශ්‍රී ලංකාවේ පාදක පාෂාණ භූ විද්‍යාත්මකව කොටස් 3 කි. මේවා

 

උස්බිම් සංකීර්ණය,

 

විජයානු සංකීර්ණය,

 

වන්නි සංකීර්ණය

 

ලෙස නම් කරනු ලැබේ. මේවා අතරින් නා මල් උයන ප්‍රදේශය වන්නි සංකීර්ණයට අයත් වන අතර ක්වාර්ට්සයිට් (Quartzite), ග්‍රැනිට්ක් නයිස් (Granitic Gneiss), ක්වාර්ට්සොපෙල්ඩ්ස්පතික් නයිස් (Quartzo Feldspathic Gneiss), මාර්බල් ( Marble), මිශ්‍රීය ක්වාර්ටිසයිට් (Impure Quartzitzite ), බයෝටයිට් හොන්බ්ලේන්ඩ් නයිස් ( Biotite hornblend geniss ), චානෝකිටික් බයෝටයිට් නයිස් ( Charnockitic gneiss ) යන පාෂාණයන්ගෙන් නා මල් උයන සහ ඒ අවට ප්‍රදේශය සමන්විත වේ.

 

භූ විද්‍යාත්මක සාධක අනුව මෙම නා මල් උයන ප්‍රදේශය තුළ ප්‍රධාන ලෙස පැතිර පවතින්නේ ක්වාර්ට්සයිට් (Quartzite) පාෂාණයයි. නා මල් උයන ප්‍රදේශයේ දී මෙම ක්වාර්ට්සයිට් පාෂාණය, බාහුවල ආනතිය එකම දිශාවට වූ උඩු නැම්මක් සාදමින් පැතිර යයි. මෙම නැම්මේ ඊසාන/ නිරිත දිග බාහුව, තිරස්චිකාව උතුරින් 50 ක් නැගෙනහිර දිශාවට ද, අවපාත කෝණය අංශක 70 ක් වයඹ දෙසට ද නැම්මේ ශීර්ෂයේ දී තිරස්චිකාව උතුරින් 80 ක් බටහිර දිශාවට සහ අවපාත කෝණය අංශක 65 ක් දකුණට ගෙන නැම්මේ වයඹ/ ගිනිකොණ දිග අන්තයේ දී තිරස්චිකාව උතුරින් අංශක 70 ක් බටහිර දිශාවට සහ අවපාත කෝණය අංශක 66 ක් නිරිත දෙසට වේ. මෙසේ මෙම ක්වාර්ට්සයිට් ස්ථරය නැම්මක් සාදමින් විහිදීම, එම නැම්මේ ශීර්ෂයද නා මල් උයන ප්‍ර‍දේශයතුළ දී ම දක්නට ලැබීම සහ ක්වාර්ට්සයිට් පාෂාණ ස්ථරය කඳු මුදුන්වල දී සම්පූර්ණ වශයෙන් මතුපිටට නිරාවරණය වී තිබීම හේතුවෙන් , මතුපිටට නිරාවරණය වූ විශාල ක්වාර්ට්සයිට් පාෂාණයක් මෙහිදී දක්නට ලැබේ. මෙම හේතුව නිසා නා මල් උයන ප්‍රදේශය භූ විද්‍යාත්මක වශයෙන් විශේෂත්වයක් දරයි.

19

 

පාෂාණ විද්‍යාත්මක තත්වය

 

ශ්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක වර්ග කිරීම්වලට අනුව නා මල් උයන ප්‍රදේශය ද අයත් වන වන්නි සංකීර්ණය තුළ පාෂාණ සාමාන්‍යයෙන් ඕතෝ නයිස් එනම් විපරිත වුණු ආග්නේය පාෂාණ මෙන්ම විපරිත වුණු පැරානයිස් එනම් අවසාදිත පාෂාණ වලින් ද සමන්විත වේ. සාමාන්‍යයෙන් කාල පරාස කීපයක් තුළ පාදක පාෂාණ තුළට ආග්නේය අක්‍රාන්ත වීම් සිදු වීමට ඉඩ තිබෙන අතර, නා මල් උයන ප්‍රද්ශයේ අක්‍රාන්ත වීම්, පාෂාණ විපරිත වීමේ උච්ච අවස්ථාවට පෙර සිදුව ඇති ක්ෂේත්‍ර සමීක්ෂණය තුළ දී පැහැදිලි වුණි.පර්යේෂණ ග්‍රන්ථ පෙන්වා දෙන්නේ වන්නි සංකීර්ණය තුළ විපරිත කරණය ආරම්භ වන්නේ වසර මිලියන 591,563,539 ආදී කාල පරාසය තුළය. විපරීතකරණය අවසන් වී සිසිලිකරණය සිදු වී ඇත්තේ වසර මිලියන  451,471,483 ආදී කාලයන් තුළය. එනම් මෙම අක්‍රාන්ත වීම්, මිලියන 450 ට වඩා වැඩි විය හැකි බව පර්යේෂණ ග්‍රන්ථ විමර්ශනයේ දී දක්නට ලැබේ. මේ අනුව නා මල් උයන ප්‍රදේශය විපරීතකරණයට භාජනය වීමට බොහෝ විට ඉඩ ප්‍රස්ථාව ඇත්තේ ඉහත පෙන්වා දී ඇති කාල සීමාන්ත තුළ වනු ඇත. එබැවින් මෙම නා මල් උයන ප්‍රදේශයේ තිරිවානා පාෂාණ ස්ථරය ද ලංකාවේ අනෙකුත් විපරීත පාෂාණ අයත්වන ප්‍රාග් ක්‍රේම්බ්‍රීය යුගයටම අයත්වන අතර ඒවායේ වයස අර්ධ ආයු කාල වයස නීර්ණය තුළින් අවුරුදු දශලක්ෂ 550 ක් පමණවේ යයි උපකල්පනය කෙරේ.

 

මෙම නා මල් උයන ප්‍රෙද්ශය නිරීක්ෂණය කිරීමේ දී එහි පහත සඳහන් පාෂාණ වර්ග 3 ප්‍රධාන වශයෙන් දක්නට ලැබේ.

 

1 අක්‍රාන්ත (ධමනි) තිරිවානා

 

2 විපරිත තිරිවානා

 

3 රතු දුඹුරු පැහැති තරමක් දිරාගිය සිලමනයිට් ඛනිජය අඩංගු පටු පාෂාණ තීරු

 

1 අක්‍රාන්ත (ධමනි) තිරිවානා

 

බොහෝ දුරට රෝස පැහැති තිරිවානා දක්නට ලැබෙනුයේ ධමනි තිරිවානා නිධි ආශ්‍රිතවය. තරමක් රෝස පැහැයෙන් යුක්ත සමජාතීය වනයක් සහිත තිරිවානා පාෂාණ තීරුවක් නා මල් උයනෙහි පැරණි ගල් භාජනයට ළංව පිහිටා ඇත. මෙහි අඩංගු ප්‍රධාන ඛනිජය ක්වාට්ස් පමණි. අන්වීක්ෂය තුළින් පරීක්ෂා කිරීමේ දී ක්වාටිස් ප්‍රතිශතය  99% කට වඩා වැඩි වන අතර අහඹු කණිකා ව්‍යාප්තියක් පෙන්නුම් කරයි. කණිකා අතර මායිම් ඉතා පැහැදිලිය. නමුත් මෙම අක්‍රාන්තය (ධමනිය) තුළ ද පසු කාලීන විපරීත විමක් දක්නට ලැබේ.

 

2 විපරීත තිරිවානා ( Quartzite )

 

නා මල් උයන පුරා පැතිරී පවතින ක්වාර්ට්සයිට් පාෂාණ ස්ථරය ධමනි තිරිවානාවලින් සම්පූර්ණයෙන් වෙනස් වන ව්‍යුහ ලක්ෂණ පෙන්නුම් කරයි. මෙය එක් ආකාරයකට දිශානත වූ පත්‍ර න්‍යාසයක් සහිත ක්වාට්ස් ඛණිජය බහුල පාෂාණයකි. මෙය ක්වාට්ස් කණිකා අක්‍රාන්ත පාෂාණ කණිකාවලට වඩා බොහෝ වෙනස් ය. එක් එක් ක්වාට්ස් කණිකා අතර මායිම් සංකීර්ණය. අපද්‍රව්‍ය ඛණිජවලින් සමන්විතය. බොහෝ දුරට රෝස තිරිවානා දක්නට ලැබෙනුයේ ධමනි තිරිවානා නිධි ආශ්‍රිතවය. නමුත් මෙහිදී ද යම් රෝස ආකාරයක් ඇතැම් ස්ථානවල දක්නට ලැබේ.

 

3 රතු දුඹුරු පැහැති සිලිමනයිට් ඛණිජය අඩංගු පටු පාෂාණ තීරු

 

මෙම නා මල් උයන පුරා පැතිරී පවතින ක්වාර්ට්සයිට් පාෂාණ ස්ථරය තුළ දක්නට ලැබෙන තවත් විශේෂ භූ විද්‍යාත්මක ලක්ෂණයක් වනුයේ ක්වාර්ට්සයිට් ස්ථරය හරහා වැටී තිබෙන තවත් එක් පූර්ණ පත්‍ර න්‍යායක (Foliatoin Plane) ලක්ෂණ පෙන්නුම් කිරීමයි

 

මෙය සිලිමනයිට්, මයිකා සහ ක්වාර්ට්ස් ඛණිජ බහුල ව්‍යුහයක් වන අතර එහි පැහැදිලි පත්‍ර න්‍යායක් දැකිය හැක. තරමක් දිරා ගිය පාෂාණයක් වන මෙය ශාක පොසිල ලෙස බොහෝ දෙනෙක් විශ්වාස කළ ද ඒවා පැහැදිලි ලෙස ශාක පොසිල නොවන බව කිව හැක. මෙහි සිලිමනයිට් දක්නට ලැබෙනුයේ විපරීත අවසාදිත පාෂාණ  (Meta politic rock ) තුළය. මෙම ව්‍යුහයේ තනීකඩයක් අන්වීක්ෂය තුළින් බැලීමේ දී පහත සඳහන් ඛණිජ අනුපාතයක් සහ කණිකා ව්‍යුහයන් නිරීක්ෂණය වේ

 

ඛණිජ ප්‍රතිශතය

 

බයෝටයිට් 30-35% Sil - සිමනයිට්

 

සිලිමනයිට් 25-30% Bit - බයෝටයිට්

 

ක්වාර්ට්ස් 20-25% Qtz - ක්වාර්ට්ස්

 

පෙල්ඩ්ස්පාර් 10-15% Fel - පෙල්ඩ්ස්පාර්

 

අවශේෂ ඛණිජ 3- 5%

 

එසේම තරමක් දිරා ගාය මෙම පාෂාණයේ ක්වාර්ට්ස් සහ පෙල්ඩ්ස්පාර් අන්වීක්ෂය තුළින් පරික්ෂා කිරීමේ දී හඳුනා ගැනීමට තරමක් අපහසු වුවත් සිලිමනයිට් සහ බයෝටයිට් මයිකා පහසුවෙන් හඳුනා ගත හැක. මේ අනුව සිලිමනයිට්, මයිකා සහ ක්වාර්ට්ස් ඛණිජ බහුල මෙම ව්‍යුහය මෙටා සිලිකේට පාෂාණයක් (Meta Sillcate rock) බව අන්වීක්ෂය තුළින් පරික්ෂා කිරීමේ දී තහවුරු වේ.ක්ෂේත්‍ර පරීක්ෂණයේ දී දක්නට ලැබෙනුයේ මෙම මෙටා සිලිකේට පාෂාණයේ පත්‍ර න්‍යාසය, විපරීත තිරිවානා (Quartzite) පාෂාණයේ පත්‍ර න්‍යාසයට ආනතව පවතින බවකි. මෙයින් නිගමනය කළ හැකි වන්නේ මෙටා සිලිකේට පාෂාණයේ හා විපරීත තිරිවානා පාෂාණ යන දෙකෙහි පත්‍ර න්‍යාස අවස්ථා දෙකකදී ඇතිවුණු බවකි.

 

නා මල් උයන හා ආශ්‍රිත ජෛව විවිධත්වය, පාරිසරික ක්‍රියාවලිය හා පරිසර පද්ධතිය පිළිබඳව ජෛජව විවිධත්වය

 

නා ලංකාවේ දේශීය ශාකයක් වන අතර එය ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය වේ. නා මල් උයන හා ජෛව විවිධත්වය ගවේෂණය කරන විට එහි විශේෂ ලක්ෂණය වන්නේ අක්කර 260 පමණ පුරා පවතින නා ගස් සහිත වනයයි. මෙම නා වෘක්ෂ සහිත නා වනය ශ්‍රී ලංකාවේ වියළි කලාපීය පරිසර පද්ධතියට

 

සුවිශේෂ වේ. එයට හේතුව නා ගස තෙත් කලාපීය ශාකයක් වන බැවින් මෙම වනය රෝපණය කරන ලද නා අරණක් ලෙස මතයක් පවතී.

 

විද්‍යාත්මකව ශාක ලෝකයේ ( Plant kingdom) නා ගස ක්ලුසියේසියේ (Clusiaceae) = (Guttifarceae) කුලයට අයත් වේ. මෙම නා උයනේ බහුලව දක්නට ලැබෙනුයේ Mesua ferrea යන විශේෂය බව විද්වත් මතයයි.

 

නා උයන ආශ්‍රිතව වැඩි වශයෙන් දක්නට ලැබෙන ශාක හා සත්ත්ව විශේෂ

 

E= Endemic

 

Th= threaten

 

Na= Native

 

I= Introduce

 

දියනා Mesua thwaitesii (N)

 

බටු නා Mesua ferrea (N)

 

අන්දර Dichrostachys cinerea (N)

 

වීර Drypetes sepiaria (N)

 

පලු Manilkara hexandra (N)

 

කොහොඹ Azadirachta indica (N)

 

බුරුත Chloroxylon swietenia (N)

 

කෝන් Schleicheraoleosa(N)

 

හල්මිල්ල Berrya codifolia (N)

 

කුඹුක් Terminaria arjuna

 

ගැඩුම්හ (N)

 

කළුවර Diospyraos oppositifolia (TH)

 

කළු මැදිරිය Diospyraos racemosa (N)

 

වෙලං Pterospermum canescens (N)

 

ඇහැල Cassia fistula (N)

 

දෙමට Gemliana asiatica (N)

 

බිම් පොල් Tridopes zeylanica (Th, E)

 

දියමිත්ත Cissampelos pareira

 

හීරැස්ස Cissus quadragularis (N)

 

ඇහැටු Elaecarpus subvillosus (N)

 

දවුල් කුරුඳු Neolistsea cassia

 

විෂ්ණුක්‍රාන්ති Evolvulus alsinoides (N)

 

මාදං Syzygium cumini (N)

 

තේක්ක Tectona grandis (N)

 

මයිල Bouuhinia racemosa (N)

 

වෙලං Pterospermum canescens (N)

 

කැටකෑල Bridelia retusa (N)

 

දිවුල් Limonia acidissima (N)

 

කොස් Arocarpus heteropayllus (N)

 

එරමිණිය Zizyphus hapeca (E)

 

මකුලු Hydnocarpus venenata (E)

 

රත්මල් Ixora coccinea (N)

 

කරපිංචා Murraya koenigii (N)

 

පුස්වැල් Entada phaseoloides (N)

 

වල්පත්පාඩගම් Oldenlandia corymbosa (N)

 

වල් පිච්ච Jasminum angustifolium (N)

 

කොතල හිඹුටු Salacia reticulate (N)

 

යක්බේරිය Crotolaria laburniflia (N)

දෙමට Gemlianaasiatica (N)

 

හොඬොල Adenia palnata (N)

 

ගැරඩදුල් Anodendron manubriatum (N)

 

කැප්පෙටියා Crotolaria refusa

 

කප්පරවල්ලිය Coleus amboinicus

 

රදලිය Connarus monocarpus (N)

 

රක්මානිස්ස Cleome viscose (N)

 

හම්පිල Desmodium pulchellum (N)

 

කලවැල් Derris scandens (N)

 

තුණුවැල්ල Diaosphyros ovlifolia (N)

 

කුකුරුමාන් Randia dumetorum (N)

 

බෝල් පනා Giycosmis anguistifolia (N)

 

කෙටල Lagenandra ovata (N)

 

පෝටවැල් Pathos scanden ovate (N)

 

තුන්පත් කුරුඳු Pleiospermium alatum (N)

 

දික්වැන්න Pityranthe vrrucosa (N)

 

ඉගිනි Strychnos potatorum (N)

 

ගල්සේරු Trycalysia erythrospora (E)

 

මඟුල් කරඳ Pongamia pinnata (N)

 

වෙල්ලංගිරිය Paramignya monophylla (N)

 

කෝරකහ Memecylon angustifolium

 

කූරටිය Memecylon arnottianum (N)

 

කෑල Dalbergia lanceolaria (N)

 

මිල්ල Vitex pinnata

 

නා මල් උයන ආශ්‍රිත සත්ත්ව ප්‍රජාව සමහරක්.

 

ක්ෂිරපායින් :

 

දඬු ලේනා Ratufa Macroura (N)

 

හාවා Lepus nigricollis (N)

 

රිලවා Macaca sinica sinica (E)

 

උරුලෑවා Viverricula indica (N)

 

මුගටියා Herpestes edwardsii (N)

 

කලවැද්දා Paradoxurus hermaphoditus (N)

 

වල් ඌරා Sus scrota (N)

 

මීමින්නා Moschiola meminna (N)

 

ලේනා Funambubus palmarum (N)

 

හික් මීයා Suncus murinus (N)

 

ඌරු මීයා Bandicola indica (N)

 

වැලි මීයා Tarera indica (N)

 

ඇලි වඳුරා Semnopithecus priam

 

උරඟයින් :

 

නයා Naja naja (N)

 

මා පිලා Hypnale hypnale (N)

 

තිත් පොළඟා Duboia pulchella (N)

 

හැල කිඹුලා Crocodilus palustris (N)

 

තාරකා ඉබ්බා Testuda elegans (N)(T)

 

සිකනලා Calotes sp. (N) කබරගොයා Varanus sp. (N)

 

ගෙම්බා Bufo sp. (N)

 

කිඹුල් හූනා Gonydactylus sp. (N)

 

ගස් ගෙම්බා Rana sp. (N)

 

ඉබ්බා

 

තලගොයා

 

මත්ස්‍යයින්:

 

වැලිගොව්වා Glossogobius giruis (E)

 

අංකුට්ටා Mystus vittatus (N)

 

කාවයියා Anabas testudineas (N)

 

මඟුරා Clarias brachysom (E)

 

ලූලා Chonna striata (N)

 

තිලාපියා Oreochromis niloticus (I)

 

තෙලියා Mastacem belus armatus (N)

 

ආඳා Angula nabulos (N)

 

කාප් Cyorinus carpio (I)

 

පක්ෂීන්

 

හබන් කුකුළා Galloperdix bicalcarata (E)

 

වලි කුකුළා Gallus lafayetii (E)

 

සර්ප රාජාලියා Spilornis eheela (N)

 

අළු කෑදැත්තා Ocyceros ginalensis (E)

 

පරෙවියා Calvmba livia (N)

 

ගේ කුරුල්ලා Passer domesticus (N)

 

කොණ්ඩ කුරුල්ලා Molpostes cafer (N)

 

වී කුරුල්ලා Munia Malacca (N)

 

ගිරවා Psiittacula eupatria

 

අලු හිස් මකුසුස්සා Ichthyophaga sp. (N)

 

කහ කුරුල්ලා Oriolus xanthornus (N)

 

පොල්කිච්චා Copsychus sanlaris (N)

 

ගිරා මලිත්තා Loriculus bryllinus (E)

 

පිලිලිච්චියා Decaeum vincens (E)

 

මී ගොං කොට්ටෝරුවා Thereiceryx  zeylanicus (N)

 

කොහා Phaenicophaeus sp. (N)

 

බට්ටිච්චා Othotomus sutorius (N)

 

දම් සූටික්කා Nectarnia asiatica (N)

 

අලු කොබෙයියා Streptopelia chinensis (N)

 

මහ නීලගොයා Ducula aeneapusilla (N)

 

නීල කොබෙයියා Chalcophaps indica (N)

 

වඩු කුරුල්ලා Polceus philippinus (N)

 

වටුවා Turnixsuscitator leggi (N)

 

බ්‍රාහ්මීය උකුස්සා Haliastur Indus (N)

 

කුරුමිණි කුරුල්ලා Merops orientalis (N)

 

මොනරා Pavo cristatus (N)

 

අවිච්චියා Pitta brachyura (M)

 

මයිලගොයා Columba torringtoni (N)

 

මයිනා Acridoth erestristis (N)

 

දෙමලිච්චා Turdoides striatus (N)

 

ඇටි කුකුළා Phaenicophaevs leschenavltii (N)

 

හිස කළු කොණ්ඩයා Phaenicophaevs viridirostris (N)

 

වත නිල් මල් කොහා Phaenicophaevs viridirostris (N)

 

ජලාශ්‍රිත පක්ෂීන්

 

බටගොයා Treron pompadora (N)

 

අහිකාවා Anhinga melangaster (N)

 

පැස්තුඩුවා Plecanus phillipensis (N)

 

සබරිත්තා Lanius cristaus (N)

 

සුදු කොකා Egretta spp. (N)

 

විවරතුඩුවා Anastomus oscitans (N) (M)

 

අලු කොකා Ardea cinerea (N)

 

කිරලා Vanellus indica (N)

 

කොරවක්කා Amaurornis phoenicurus (N)

 

දියකාවා Phalacrocrorax fusclcollis (N)

 

පිළිහුඩුවා Alcedo atthis (N)

 

බස්සා Caprimulgus sp. (N)

 

ලය සුදු පිළිහුඩුවා Halcyon smyrnencis ( N)

 

කළු හිස් පිළිහුඩුවා Halcyon pileata (N)

 

ගෝමර පිළිහුඩුවා Ceryle rudis (N)

 

මාන තුඩු පිළිහුඩුවා Halcyon copensis

 

සමනලයින්

 

ක්‍රිම්සන් රෝස් Pachliopta hector (N)

 

කෝමන් රෝස් Pachliopta aristolochiae

 

දෙහි සමනලයා Papilio demoleus (N)

 

පීකොක් බෑන්ඩ් Papilio crino (N)

 

ජෙස්බල් සමනලයා Delias evcharis (N)

 

පයනියර් සමනලයා Belenois avroya taprabana (N)

 

කොමන් ක්‍රෝ Euploea core asela (N)

 

බ්‍රවුන් කිං ක්‍රෝ Euploea klugii Sinhala (N)

 

බ්ලූ මෝමන් Papilio polymn esor (N)

 

ජාතික නා මල් උයනට කි.මී. 12 ක් පමණ දුරින් කහල්ල, පල්ලේකැලේ රක්ෂිත වනය( Forest Reserve ) පිහිටා ඇති බැවින් අලි වාසස්ථානය හා ස්වාභාවික අලි මංපෙත් ( Elephant habitat & corridor )ඇති ප්‍රදේශ වශයෙන් ජාතික නා මල් උයන ආශ්‍රිත ප්‍රදේශය හඳුනාගෙන ඇත.වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණ වනාන්තරය(Conservation forest) ලෙසද ජාතික භූ ගර්භ සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය මගින් පුරා විද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස ද, ඊට අමතරව සංචාරක ප්‍රවර්ධන කලාපයක් ලෙස නා මල් උයන නම්කර ඇත.

Read 5794 times
Developed by
ICT Branch, Ministry of Education, Sri Lanka
Site Map | Disclaimer
Copyrights © 2012-2016 | ICT Branch, Ministry of Education, Sri Lanka