ඉන්වොයිසයක අන්තර්ගත කරුණු හා ඉන් ප්‍රකාශිත අදහස්

දින 90ක් ඇතුළත ණය බේරුම් කළ යුතු බවත් දින 40ක් ඇතුළත මුදල් ගෙවන්නේ නම් 5%ක මුදල් වට්ටමක් ලැබෙන බවය.

භාණ්ඩ ණයට ගැනීමේදී ලකුණු කළ මිලෙන් අඩු කරන ප්‍රමාණය වෙළඳ වට්ටමක් බවයි.

වෙළඳ ගණුදෙනු ණයට සිදු කරන විට ඉක්මණින් ණය බේරුම් කිරීමට ගැණුම්කරු පෙළඹවීම සඳහා යම් නිශ්චිත කාලයක් තුළ ණය බේරුම් කළ හොත් ණය මුදලෙන් කිසියම් ප්‍රතිශතයක් අඩු කරන බවට කොන්දේසියක් විකිණුම්කරු විසින් ඉන්වොයිසයේ ඇතුලත් කෙරේ.මෙසේ නියමිත කාලය තුළ ණය බේරුම් කිරීමෙන් ණය මුදලෙන් කරනු ලබන අඩු කිරීම මුදල් වට්ටමකි.

භාණ්ඩයක ලකුණු කල මිලෙන් වෙළඳ වට්ටම අඩු කිරීමෙන් පසු ලැබෙන අගය ශුද්ධ වටිනාකමයි.